(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
අසල්වැසි නිවසකට ගොස් එමින් සිටියදි ගෙවත්තේ තිබූ ළිඳට වැටුණු අවුරුදු හතරක් වයසැති පුතෙකුගෙ දිවි බේරීමට සිය දිවි ද නොතකා කටයුතු කළ 15 හැවිරිදි පුතෙකු පිලිබදව පුත්තලම මහකුඹුක්කඩවල කිවුල ගම්මානයෙන් වාර්තා වී ඇතැයි පොලීසිය කියයි.
මෙම වීර ක්‍රියාව සිදු කර ඇත්තේ කිවුල පිරිවෙනේ 10 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන සසිදු නිම්සර නැමති 15 හැවිරි දරුවෙකි.
මෙම අවාසනාන්ත ඉරණමට මුහුණ දුන් සිව් හැවිරිදි ආකාශ් නෙතුමිණි පුංචි පුතු ඔහුගේ නිවස ඉදිරිපිට ඇති සසිදුගේ නිවසට නිතර පැමිණිමට පුරුද්දක් ව පැවති බව කියයි.
සිද්ධිය වූ දින ඔහු එම නිවසට ගොස් යළි සිය නිවසට එමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ පා තිබේ. අඩි 36 කට වඩා වැඩි ගැඹුරකින් යුතු එම ලිදේ තිබු ආරක්ෂිත පැති බැම්ම පසුගිය කාලයෙ පැවති මහ වැසි සමග ලිදට කඩා වැටි ඇති බව කියයි.
“ චුටි මල්ලිට මම බත් කවමින් හිටියේ ඒයා බත් කාලා ඉන් පස්සේ වතුර බීලා ගෙදර යන බව කිව්වා.මම කුස්සියට ගිහින් පිගාන සෝදලා එළියට එද්දි “සසිදු අයියේ ,, කියලා මල්ලී කෑගැසුවා මට සැක සිතුනා මම ඉක්මනට පිගාන තියලා එළියට දුව ගෙන ආවා සද්දයක් නැති නිසා මම ළිද ළඟට දිව්වා .
ලිදේ වතුර කැලැත්නෙනවා දැක්කා.ඒ එක්කම මල්ලී ලිද ඇතුලෙන් උඩ මතුවුණා මම එකපාරම ලිදට පැන්නා. පැනපු ගමන් උඩ ආපු මල්ලීව අල්ලා ගත්තා ඒ එක්කම මෝටරයට දාලා තිබුන බට වල එල්ලුනා ‘ යැයි සිව් හැවිරිදි දරුවා බේරාගත් සසිදු පැවසුවාය.‘
දරුවා බේරාගත් සසිදු නිම්සර
ළිඳට වැටුණු සිව් හැවිරිදි ආකාෂ් නෙතුමිණ
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්
ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සිව් හැවිරිදි දරුවාගේ දිවි බේරූ 15 හැවිරිදි වීරයා
රංබොඩ Monday, 08 July 2024 01:08 PM
මෙවැනි දරුවන් අගය කළ යුතුයි.
Muthu Monday, 08 July 2024 01:28 PM
කඳුළු එන්නේ නැතුව, මේ කතාව අහන්න බෑ.......
sam Monday, 08 July 2024 01:50 PM
අවාසනාවන්ත ඉරණම මොකක්ද කියලයි මම මේ කල්පනා කරන්නේ?
Senarath Monday, 08 July 2024 03:46 PM
වීර දරුවෙක්... මේ දරුවාගේ අධ්‍යාපන කටයුතු ඇතුළු සියලු දේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනය කරනවා.
Bunny Preena Monday, 08 July 2024 04:46 PM
ළිද වටේ හොද හයියට ලි කනු ටිකක් තාවකාලිකව හරි හිටෙව්වොත් හොදයි
SUNIL MILANO Monday, 08 July 2024 07:46 PM
තම පරාජය දෙවෙනි කොට සලකන ලමයින් හරිම විරලයි. එනිසාම මේ පුතාව ගෞරවයට පත් කල යුතුය. බුදුසරණයි පුතේ
නිමන්ත Monday, 08 July 2024 11:50 PM
සැබෑ වීරයෙක් . සම්මාන දෙන්න ඕන. ඔබට ජය .