IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


සිසිර මෙන්ඩිස් සාක්කිකාර භාවයෙන් ඉවත් කරයි

(මනෝප්‍රිය ගුණසේකර)

ජාතික බුද්ධි ප්‍රධානීව සිටි  සිසිර මෙන්ඩිස් මහතාගෙන් සාක්කි විමසිමට මත්තෙන් ඔහු උසාවියේ සාක්කි දිමට තරම් සුදුසු කායික හා මානසික මට්ටමක සිටී ද යන්න පරීක්ෂා කොට අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියම කරන්නැයි කළ ඉල්ලීම ඉවත දැමූ ත්‍රිපුද්ල විනිසුරු මඩුල්ල සිසිර මෙන්ඩිස්  මහතා පැමිණිල්ලේ සාක්කිකරුවකු ලෙස කඳවනවාද නැද්ද අධිකරණයට දැනුම් දෙන ලෙස නීතිපතිවරයාට නියෝග කළේය.

වෛද්‍යවර්තාවක් කැඳවීමේ අවශ්‍යතාවක් නොවන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දැනුම් දුන් අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන සිල්වා මහතා සිසිර මෙන්ඩිස් මහතා  පැමිණිල්ලේ සාක්කිකරුවකු වශයෙන් කැඳවනවා ද නැද්ද යන්න තීරණය කර අධිකරණයට දැනුම්දීම සඳහා තමන්ට කෙටි දිනයක් ලබා දෙන්නැයි ඉල්ලීමක් කළේය. ඒ අවස්ථාවේ  විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අධිකරණය තීන්දුවක් ලද පසු ඒ අනුව කටයුතු කරන්නැයි දැනුම් දුන්නේය.

තම අධිකරණ නඩු කටයුතු කල්දමා මෙම නඩුව විභාග කිරීමට තමන් දින වෙන්කරගෙන ඇති හෙයින් මෙම සාක්කිකරු පැමිණිල්ලේ සාක්කිකරුවකු ලෙස කැඳවනවාද නැද්ද යන්න දිනුම්දීම සඳහා අධිකරණ කටයුතු අද දහවල් 12 දක්වා නැවත කල් තබන ලදි.

ඒ අනුව නැවත නඩුව කැඳවූ අවස්ථාවේ හිටපු ආරක්ෂක ලේකම්  හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුවේ සාක්කිදිම සඳහා හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා නොකැඳවන බව නීතිපතිවරයා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය.

ඒ අනුව ඔහු එම නඩුවේ සාක්කිකාර භාවයෙන් මුදාහල විනිසුරු මඩුල්ල හෙට දිනට ද නියම කර තිබූ නඩු විභාගය ඉවත දැමූ අතර නඩු විභාග කිරීම සඳහා ලබන වසරේ ජනවාරි 18 වැනි දා යළි කඳවීමට නියෝග කෙරිණි.

නාමල් බලල්ලේ,ආදිත්‍ය පටබැඳි සහ මොහොමඩ් ඉෂර්ඩින් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවිණි



අදහස් (0)

සිසිර මෙන්ඩිස් සාක්කිකාර භාවයෙන් ඉවත් කරයි

ඔබේ අදහස් එවන්න

දියත

ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 477 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


පාර්ලිමේන්තුවේ වැඩ වෙන හැටි බලන්න අලුත් අය ආවේ මෙහෙමයි
2024 නොවැම්බර් මස 20 9 0

දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 228 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 731 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 936 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 525 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 677 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1925 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site