(රන්ජන් කටුගම්පොල)
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තමන්ට ජීවිත තර්ජන එල්ල වී ඇති බැවින් තමන්ව ඇප මත මුදා හරින ලෙස නීතිඥභවය අත්හිටුවා සිටින සුසිල් ජයතුංග මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයන් ඉල්ලා සිටියේය.
නීතිඥවරයා මෙම ඉල්ලීම සිදු කරනු ලැබුවේ ඔහුට එරෙහිව ගොනුකොට තිබූ පැමිණිල්ල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ගාමිණී අමරසේකර, දිලීප නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කඳුළු අවස්ථාවේ දිය.
එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ මේ වනවිට නීතිඥභාවය අත්හිටුවා සිටින සුසිල් ජයතුංග මහතා විවෘත අධිකරණයේ කරුණු දක්වමින් තම ජීවිතයට තර්ජන එල්ල වී තිබෙන බව කියා සිටියේය.
"ස්වාමීනී මම බන්ධනාගාරයේ සිටින්නේ බයෙන්. බ්ලේඩ් තලයකින් මගේ බෙල්ල කපා හෝ මගේ ජීවිතයට හානි කරන්න පුළුවන්" යනුවෙන් සඳහන් කළ ඒ මහතා තමන්ව ඇපමත මුදා හරින ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතා " අපෙත් බෙල්ල කපයිද දන්නේ නෑ" යනුවෙන් සඳහන් කළේය.
ඊට පිළිතුරු දුන් ජයතුංග මහතා "ස්වාමීනී.. මම නම් එහෙම කරන්නේ නෑ" යනුවෙන් කියා සිටියේ ය.
මේ සම්බන්ධව වෙනත් පැමිණිල්ලක් සැප්තැම්බර් 13 වැනි දින කැඳවන බැවින් එදිනට මෙම පැමිණිල්ල කැඳවන ලෙස අධිකරණයෙන් නියෝග කෙරිණි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සුසිල් ජයතුංග ඇප ඉල්ලයි