(ප්‍රසංග සිල්වා)
මීගමුව කොළඹ මාර්ගයේ වැලිසර ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදු වූ රිය අනතුකින් එක් අයකු මියගොස් තවත් හය දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
15 හැවිරිදි දරුවකු පැදවූ සුඛෝපභෝගී මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දෙසින් ආ යතුරු පැදි දෙකක් මෝටර් රථයක හා ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබේ.
මීගමුව දෙසට ධාවනය වූ සුඛෝපභෝගී මෝටර් රථය මහාබාගේ ප්‍රදේශයේදී පැරෙන් ප්‍රතිවිරුද්ධ දෙසට ධාවනය වී යතුරු පැදියක ගැටී ඇති අතර යතුරු පැදියේ ගමන් ගත් එක් අයකු මියගොස් අනෙක් පුද්ගලයා තුවාල ලබා ඇත.
අනතුරුව එම මෝටර් රථය තවත් මෝටර් රථයක, ත්‍රිරොද රථයක හා තවත් යතුරු පැදියක ගැටී ඇතැයි පොලිසිය කියයි.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිසුවා පැදවූ මෝටර් රථය වාහන පහක ගැටේ
AN Ishan Thursday, 04 November 2021 01:01 PM
මෝටර් රථය ලබාදුන් පුද්ගලයාට මරණ දණ්ඩනය නියම කළ යුතු යි. සල්ලි බලේට වැඩ පෙන්නුවනම් දැන් විඳවන්න. වැඩේ කියන්නෙ ඒකත් සල්ලිවලින්ම යට ගහලා දායි.
Ruhunu Thursday, 04 November 2021 01:20 PM
දෙමව්පියෝ ගවයෝද මන්දා ?
RaveendraThursday, 04 November 2021 02:45 PM
ගවයන්ටත් අපහාසයකි. මේ නම් දෙමාපියන් නොව මොවුන්ව හදුන්වාදීමට අප බාෂාවේ වචන නම් සොයාගැනුමට අපහසුය. වදුරාට දැලිපිහිය ලබාදුන් ඒ දැලිපිහිය අයිති රිලවා මිනිසුන් හිතාමතා මර දමා ඇති බැවින් මිනීමැරීමට ඍජුවම සම්බන්දවිම, අනුබලදීම වැනි අධි චෝදන මේ රිලවාට විරුද්ධව ඉදිරිපත්කල හැකි නොවේද ?
ලමය Thursday, 04 November 2021 01:29 PM
පොහොට්ටුවට සම්බන්ද එකෙක් නම් ගෙදර
Kule Thursday, 04 November 2021 02:25 PM
ඒ දරුවාට රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ අයිතිය ජීවිත කාලයටම තහනම් කරන්න
SenarathThursday, 04 November 2021 02:51 PM
දරුවාගේ නෙවෙයි ඒ වාහනේ ඔහුට පදවන්න දුන්න දෙමව්පියන්ගේ හෝ වැඩිහිටියන්ගේ වාහන බලපත්‍ර අවලංගු කරන්න.
Hafeel Thursday, 04 November 2021 02:33 PM
AN Ishan, මේ වැඩේ සාමාන්‍ය පන්තියේ පවුලේ ළමයකුට කරන්න බැහැ. අනිවාර්යෙන්ම ප්‍රභූ පන්තියේ විය හැකි. ඒ නිසා මරණ දඬුවම් වැඩක් නැහැ. පසුව ජනාධිපති සමාවෙන් එලියට එවින් සංස්ථා සභාපති කෙනක් වේවි.
සුරලොව ඇල්ටෝ Thursday, 04 November 2021 03:47 PM
මේකට විපක්ෂයට සම්බන්ධ කෙනෙක් සම්බන්ධයි කියාද බලමුකෝ
ana Thursday, 04 November 2021 03:17 PM
සල්ලි කාරයන්ගේ දරුවො විතරක් නොවේ ගම්වල සමහර 4, 5 ශ්‍රේණිවල දරුවොන් පවා යතුරු පැදි ත්‍රිරෝද සමහර විට කුඩා ලොරි පවා පදවනවා. මේ්ක ලංකාවේ බහුතරයක් කරන වරදක්. සල්ලි කාරයන්ට විතරක් බැනලා හරියන්නේ නෑ.
මුදියන්සේ. Thursday, 04 November 2021 03:23 PM
රටේ නීතිය පිළි නොපැදීම සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයන් ගත යුතුය.
Soma dubayi Thursday, 04 November 2021 04:32 PM
පොඩි කොල්ලෙක්නේ..., සමාව දෙමු...
sharm warnFriday, 05 November 2021 10:41 AM
ඔයා ඇත්තටම සිහියෙන්ද කිව්වේ.?
බද්රානි Thursday, 04 November 2021 04:36 PM
වැඩිහිටියන් සත්තු, සර්පයින් ලෙස හැසිරෙන රටක දරුවන් ඒ ලෙස නොවුනොත් තමයි අපි පුදුම වෙන්න ඕනා. මිනීමරුවන් පාර්ලිමේන්තුවේ අසුන් හොබවන රටක, මිනීමරුවන් හිරෙන් නිදහස් කොට තනතුරු ලබාදෙන රටක පොඩි දරුවන්ගේ මනසත් විපරිත වී තියන එක අහන්නත් දෙයක්ද? දෙමව්පියන්ට දැඩි දඬුවම් ලබාදී, මේ අපරාධය සිදුකළ ළමයාව දිගු කාලයක් පුනරුත්ථාපනය කළ යුතුයි. එසේ නොමැති වූවොත් මෙය අනාගත සමාජ පිළිලයක ආරම්භයක් විය හැකියි...
sweneFriday, 05 November 2021 06:46 AM
බද්රානි ගේ අදහස ඉතා නිවැරදියි. වැරදි කරුවන් පිදුම් ලබන විට, නීතියට ගරු කරන අයත් වැරදි වලට පෙළඹෙති. හැබැයි, වැරදි කරුවන් බව දැන දැන ඔවුනට කතිරය ගසන්නෙත් අපිම වීම ගැනත් තමාම ගැඹුරෙන් කලපනා කිරීමට කාලය ඇවිත්.
සංජීව Thursday, 04 November 2021 04:48 PM
සමහරවිට මේ යතුරුපැදියක මැරෙන්නේ තවත් අහිංසක දරුවෙක්ගේ තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්... දරුවා තමන්ට හොරෙන් වාහනය අරන් ආවා කියලා වාහනය අයිති කෙනා ලේසියෙන් බේරෙයි. හැබැයි මෙයා කාලයක් තිස්සේ ළමයාට වාහනය නොදුන්නා නම් එයා කොහොමද එක පාරට පාරේ යන්නේ... රිය අනතුරු කව්රුවත් හිතලා නොකළත් බීමත්ව රියපදවා මාරාන්තික අනතුරු සිදුකරන රියදුරන්ට සහ මේවගේ නොසැලකිලිමත් මිනිස්සුන්ට අනිවාර්යයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්වත් දිය යුතුයි...
RaveendraThursday, 04 November 2021 06:54 PM
ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය...
Lalith M Thursday, 04 November 2021 04:59 PM
ළමයාගේ දෙමාපියන් සිරගත කළ යුතුයි. අර ලඟදී ගෙනාපු ළමයින්ව සිරගත නොකිරීම සඳහා වූ පනත වැරදි බව පේනවා නේද?. මේ ආණ්ඩුව අත තියන්නේ කුජීත කුණු ගොඩවලටමයි...
mihira Thursday, 04 November 2021 06:20 PM
මෙයාට වයස අවුරුදු 15ක් නොවේ ... එ්ක බොරුවක්... වයස 12යි..
lal Thursday, 04 November 2021 07:41 PM
හෙට වෙනකොට එළියට දමාවි... දැන් ඕ.අයි.සී. ට කෝල් එනවා අැති...
sampath Thursday, 04 November 2021 10:30 PM
රථවාහන අනතුරු නිසා දිනෙන් දින මිය යන සංඛ්‍යාව ඉතාමත් ඉහළයි.. රථවාහන සම්බන්ධව දඩ සහ දඬුවම් වැඩිකිරීමට සුදුසුම කාලයයි. ඒ වගේම වන්දි මුදල වැඩි කිරීමටත් සුදුසුයි. මේ වගේ දේකදි ලියාපදිංචි අයිතිකරුට සුළු දඬුවමක් ලැබෙන්නේ.. රථය රාජසන්තක කරන්න නීති සම්පාදනය විය යුතුයි.