IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘සහචර ධනවාදයෙන්’ රට මුදාගත යුතුයි

(යොහාන් භාසුර)

‘සහචර ධනවාදයෙන්’ රට මුදාගැනීමට ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව සමඟ කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අද (6) පැවසීය.

එම ජනාධිපතිවරණය ‘සහචර ධනවාදයෙ ඉදිරියට ගෙන යන පිරිස සහ සහචර ධනවාදය ප්‍රතික්ෂේප කරන පිරිස අතර මැතිවරණයක් බවට පත්වන බවත් බදු ඉහළ දමා, නිෂ්පාදන ආර්ථිකය විනාශ කර, රටේ ආර්ථිකයට ඇතුළු වීමට හැම පැත්තෙන්ම දොරටු විවෘත කර ඇති බවත් ඒ මහතා කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා නාවල පිහිටි නිදහස ජනතා සභා ප්‍රධාන කාර්යාලයේදී අද (6) පැවැති මාධ්‍ය හමුවෙව්දී එසේ පැවසීය.

මෙම ක්‍රමය මීට පෙර ‘ගජමුතුරු ධනවාදය’ ලෙස හැදින්වුවද දම්ම දිසානායක මහතා මෙය ‘සහචර ධනවාදය’ ලෙස නම් කර ඇති බව කී මහාචාර්යවරයා ‘ගජමුතුරු ධනවාද’ කල්ලිය අධික පොලියට ණය ගෙන අනවශ්‍ය දේ රටට ගෙන ආ බව ද සඳහන් කළේය.

ඊළඟ ජනාධිපතිවරණයේදී සංවාද අවකාශය අත්පත් කරගත යුත්තේ  ආර්ථිකය නිවැරදි කරන ආකාරය පිළිබඳ අවදානය යොමු කිරීමට බවත් පවතින ආකෘතියට ජනතාව තුළ විශාල විරෝධයක් ඇති බවත් ඒ මහතා කීය.

සාමාන්‍ය ජනතාව කන්න බොන්න නොමැතිව හූල්ලන විට ආණ්ඩුවේ පිරිස ඒ අහසේ ජෙට් යවමින් නිදහස සමරන්න බව කී ඒ මහතා මෙම තත්වය විශාල අර්බුදයකින් අවසන් වීමට නියමිත බව ද සඳහන් කළේය.

වර්තමාන ආණ්ඩුව ආර්ථික කළමනාකරණය රටේ ජනතාව සතුටු කිරීමට නොව අයි.එම්.එෆ්. කොළඹ නියෝජිතයන් සතුටු කිරීමට ක්‍රියාත්මක කරන බවත් වර්තමාන ආණ්ඩුව සහ රටේ ජනතාව අතර විශාල පරතයක් ඇති බවත් ඒ මහතා පැවසීය.

ආණ්ඩුවේ අය තමන්ටම ඇහෙන්න කථා කර තමන්ම සතුටු වෙන තත්වෙක පසුවන බව කී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසුවේ අයි.එම්.එෆ්. සතුටු වන ආකාරයට ආර්ථිකය ගෙන යෑමට ආණ්ඩුවේ ප්‍රධානීන් මිත්‍යාදෘෂ්ඨියන් බවට පත්ව ඇති බවත්ය.



අදහස් (3)

‘සහචර ධනවාදයෙන්’ රට මුදාගත යුතුයි

Prasanna Tuesday, 06 February 2024 04:47 PM

ඒ කියන්නේ ඔබලාගෙන් ..... අපි ඒකට සූදානම්...

:       2       18

abaran Tuesday, 06 February 2024 04:54 PM

මහාචාර්ය කියන්නේ වී විද්‍යාලයක තනතුරක්. දන්නා තරමින් දැන් මෙයාට එම තනතුර නැහැ. ඒ නිසා මහාචාර්ය කියලා සඳහන් නොකර සිටීම වටී... මෙයත් ඊළඟ ඡන්දෙදී ගෙදර තමයි. ආයේ මෙලෝ සම්මේදී පාර්ලිමේන්තු එන්න වෙන්නේ නැහැ. කයිවාරු මිසක් වැඩ නැති තවත් දේශපාලකයෙක්...

:       8       18

ලුම්බිණි Wednesday, 07 February 2024 09:39 AM

මෙයා කියන්නේ මොනවාද කියලා මෙයා දන්නේත් නැහැ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 87 0

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


පුංචි ඡන්දෙට එජාපය අලියා පිටින් එයි
2024 ඔක්තෝබර් මස 04 771 2

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.


ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 620 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 336 1

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 2561 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 946 4

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38895 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25515 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1021 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 364 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site