(විමුක්ති එස් රුද්‍රිගු)
එරෝෆ්ලොට් ගුවන් සමාගම ශ්‍රී ලංකාවට සිදු කරන ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට සලකා බැලීම සඳහා නැවත රුසියානු ගුවන් යානයක් රඳවා නොගන්නා බවට ශ්‍රී ලංකා රජයෙන් සහතිකයක් අවශ්‍ය බව එරෝෆ්ලොට් ගුවන් සමාගමේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් ලැබෙන සහතිකය මත කොළඹ සහ මොස්කව් අතර ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට තමන් කැමැත්තෙන් සිටින බව ගුවන් සේවා බලධාරීන් තමාට දන්වා ඇති බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය ඩේලි මිරර් පුවත් පත සමග පැවති දුරකථන සංවාදයකදී ප්‍රකාශ කළ බව එම පුවත් පත වාර්තා කළේය.
එරෝෆ්ලොට් ගුවන් සමාගමේ ගුවන් යානයක් කොළඹ වාණිජ මහාධිකරණයේ වාරණ නියෝගයක් මත කටුනායක ගුවන් තොටුපොළේ රඳවා ගැනීම හේතුවෙන් එම සමාගම ශ්‍රී ලංකාවට සිදුකරන ගුවන් ගමන් නැවත දැනුම්දෙනතුරු අත්හිටු වූවේය.
පසුව නීතිපතිවරයා ගොනු කළ මෝසම සලකා බලා වාරණ නියෝගය අත්හිටුවන ලදි.
"ගුවන් සමාගමේ නිලධාරීන් සමග එකඟතාවයකට එන්න අපිට ගොඩක් මහන්සි වෙලා වැඩකරන්න උනා"යැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය ප්‍රකාශ කළ බව ඩේලිමිරර් පුවත් පත වාර්තා කළේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සහතිකයක් දුන්නොත් යළි සලකා බලනවා
Bamunuarachchi Saturday, 18 June 2022 08:58 AM
පුටින්ගේ අම්ම පල්ලා, මීට පස්සේ අපි රුසියාවෙන් එන කිසිම ගුවන් යානයක් කිසිම හේතුවකින්වත් නවතා ගන්නේ නැහැ. අනේ සංචාරකයොත් සමගම ගුවන්යානා එවන්න...
Bamunuarachchi Saturday, 18 June 2022 08:59 AM
මී ඇස්දෙක පල්ලා මීට පස්සේ අපි රුසියාවෙන් එන කිසිම ගුවන් යානයක් කිසිම හේතුවක් නිසාවත් නවතා ගන්නේ නැහැ. අනේ සංචාරකයෝත් සමගම ගුවන්යානා එවන්න...
AB Saturday, 18 June 2022 09:33 AM
ෆයිසර් එන්නත් ලක්ෂ හයක තොගය මියන්මාරයට ලබාදී ඒ වෙනුවෙන් එරටින් සහල් ලබාගැනීමට පෙර ෆයිසර් එන්නත් කල්ඉකුත්වීමේ දින පරීක්ෂා කර බලන්න. එසේ නොවුන හොත් රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ඇතිවූ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය මෙන් මියන්මාරය සමගත් අර්බුදයක් නිර්මාණය වනු ඇත.
SenakaSaturday, 18 June 2022 11:34 AM
අනේ ඔව්. ඔබලා ලංකාව චීනයත් එක්ක තරහ කරගත්තා පෝර කෙලියක් කරලා. ඊට පස්සේ රුසියාව තරහ කරගත්තා ප්ලේන් එක නතර කරගෙන. ඒ පාර තව හරකෙක් අදානි ඇදලා අරන් මෙච්චර දවසක් අපිට තෙල් ටික දුන්නු ඉන්දියාවට කලගුණ සැලකුවා. තව කෙනෙක් මාලදිවයිනේ ජනාධිපති ඇදලා අරන් සෞදියත් එක්කම මකලා දැම්මා. දැන් ඔය හොඳටම ඇති...!
BamunuarachchiSaturday, 18 June 2022 03:32 PM
බඩුගන්න කෙනා ඇස පියාගෙන බඩු ගන්නවා නම් ඔබේ කියමන හරි. අපේ කීදෙනාද කල්ඉකුත්වීමේ දින පරීක්ෂා කර බඩු ගන්නේ...
senaSaturday, 18 June 2022 07:47 PM
මම හිතන්නේ බමුණු ආරච්චි මහත්තයා ගන්නකොට දින බලලා නැහැ වගේ... ඒකයි නිතරම කේන්ති ගිහිල්ලා ඉන්නේ...
BamunuarachchiSunday, 19 June 2022 10:49 AM
ලංකාවේ තමයි බඩු ගන්නකොට දින බලන්න ඕනේ. වෙන රටවල මාස 2-3 කලින් කල් ඉකුත්වෙන බඩු අඩුමිලට දෙනවා. දෙකක් ගත්තොත් එකක් නොමිලේ දෙනවා. දින පැන්න බඩු රාක්කවල නැහැ. ඇස්පියාගෙන බඩු අරන් එන්න පුළුවන්...
BamunuarachchiSunday, 19 June 2022 10:57 AM
මේවා අදහස් හුවමාරු. කේන්තියෙන් කියන ඒවා නොවෙයි. සමහර විට උපහාසයෙන් කියන ඒවා...
Ak saliya kumara Saturday, 18 June 2022 02:06 PM
සහතිකයක් දුන්නත් එන්න එපා, ශුවර් නැහැ. කලින් සහතිකයක් දීලා තිබියදීත් කරපු වැඩේ දන්නවා නම් එන්න එපා. මේ ජනාපති, අගමැති ඉන්නකම් එන්න එපා.
බද්රානි Saturday, 18 June 2022 02:25 PM
අපිට අනාගතයේදී ඔය "එරෝෆ්ලොට්" ගුවන් යානා එවලා වැඩක් නැහැ. රුසියාවේ අසුචි ටික ලංකාවට නොමිලේ එවන්න. එතකොට අපි කාබනික වගාව කරලා රුසියාවටත් කාබනික ආහාර කන්න දෙන්නම්.. අර අපි පොහොසත් කාලේ චීන්නුන්ගේ අසුචි ඩොලර් මිලියන් ගණන් ගෙවලා ගත්ත කියලා වරදවා හිතන්න එපා පුටින් මහත්තයෝ...!!!
අපි බංකොලොත් Saturday, 18 June 2022 04:53 PM
ඔය සහතිකය ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලාගන්න...!!
De silva Saturday, 18 June 2022 05:38 PM
ආසියාවේ පුටින් නොහොත් ගොබ්බසේන දෙන සහතික රුසියාව පිළිගන්නේ නැහැ.. ලංකාවට යන්න ගුවහටි මගීන් නොමැති නිසා ඕවා එවන්නේ නැහැ...
BamunuarachchiSunday, 19 June 2022 10:54 AM
එහෙමනම් යැංකි ඩිකීගේ බෑනා කියන ඒවාද පිළිගන්නේ...? රුසියාව යැංකින්ව කීයටවත් බාරගන්නේ නැහැ. පුටින් ජෙප්පලා සජියලා කවුද කියලාවත් දන්නේ නැහැ...