IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


සිහිනෙන්වත් ආණ්ඩුවට එකතු වෙන්නේ නෑ

(යොහාන් භාසුර)

වර්තමාන ආණ්ඩුවේ වැඩපිළිවෙළ ඉදිරියටගෙන යෑමෙන් රටේ හෙට දවසට යපතක් නොවන්නාක් මෙන්ම එම වැඩපිළිවෙළින් රට අර්බුදයේ අගාදයට ගමන් කරන බවත් ඒ හේතුවෙන් ආණ්ඩුවේ දේශපාලන වැඩපිළිවෙළට එකතු වීමට සිහිනෙන්වත් අදහසක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (8) පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නාවල පිහිටි නිදහස ජනතා සභා ප්‍රධාන කාර්යාලයේදී අද (8) පැවැති මාධ්‍ය හමුවෙව්දී එසේ පැවසීය.

ආණ්ඩුවේ වැඩපිළිවෙලට විකල්පයක් වන වැඩපිළිවෙළක් වෙනුවෙන් පමණක් නිදහස ජනතා සභා එකතු වන බව ද ඒ මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ කථාව සහ ක්‍රියාව අතර වෙනසක් ඇති බව කී ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ වර්තමාන ආණ්ඩුවේ වැඩපිලිවෙළ ඉදිරියට ගියහොත් ‘ස්පා’වලට යන තරුණියන් සහ ත්‍රීිවිල්වලට යන තරුණයන් පමණක් මෙරට ඉතිරිව හැකියාවක් ඇති සියලුම දෙනා රට හැරයෑම නතර කළ නොහැකි බවත්ය.

ආණ්ඩුව නිදහස් සෞඛ්‍ය ආදාහනාගාරයට යවා, නිදහස් අධ්‍යාපනය අවසන් හෝරාය දක්වා ගෙන ඇති බවත් අහිංසක දරුවන්ගේ පොත්වලටත් වැට් ගසා ගෝත්‍රික රටක් ලෙස දැනුමට වැට් ගහපු රටක් කළ සුළු පියෙක් රට පාලනය කරන බවත් ඒ මහතා කීය.  

නවවැනි පාර්ලිමේන්තුවේ 5 වැනි සැසිවාරය ආරම්භ කළ බවත් සැසිවාර කල්දැමීම සහ ප්‍රතිපත්ති ප්‍රකාශණ ඉදිරිපත් කිරීම විලාසිතාවක් වීමෙන්ම වසර හතරක් තුළ පස්වතාවක් සැසිවාර කල්දැමීම ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට නිරෝගීව බලපෑමක් නොදන්වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.  



අදහස් (5)

සිහිනෙන්වත් ආණ්ඩුවට එකතු වෙන්නේ නෑ

සුළු පියා Thursday, 08 February 2024 03:40 PM

සිහිනෙන්, සිහිනෙන්..., මා හඬවනවා... මා හඬවනවා... සැබෑ ලොවේදී ඔබ මා.. නෑ හමුවෙලා.. නෑ හමුවෙලා...

:       0       1

abaran Thursday, 08 February 2024 03:50 PM

රාජපක්ෂලා හැම ආණ්ඩුවේම හිටියා. හැම පනතකටම අත ඉස්සුවා. ඔවුන් කරපු කිසිම වැරැදි දෙයකට විරුද්ධ වුනේ නැහැ. ඉතින් ඔහේ කරේ අවස්ථාවාදී දේශපාලනයක් නෙවෙයි කියල පිළිගන්න තරම් ගොන්නු මේ රටේ තවත් නැහැ. කොහොමත් ඔහේ ඊළඟ ඡන්දෙන් පස්සේ ගෙදර...

:       0       1

ගමේ එකාලා Thursday, 08 February 2024 04:47 PM

මහින්දයා බලයට ගේන්න ඔබතුමා මහින්ද චින්තනය 1,2 කියලා මහන්සියෙන් ලියපු බේගල් වට්ටෝරුවලින් වැඩක් වුනෙත් නැහැනේ.. දුන්නු ඇමැතිකමත් වැඩක්ම නැහැ. අන්තිමට අහක හිටපු පවුලේ අයව කිට්ටු කරගත්තු එකනේ සිද්ද වුනේ.. සාටකයින් කියන්නේ ගුණමකුවෝ කියලා තේරෙනවා ඇති...

:       0       1

Jeiwandara Friday, 09 February 2024 08:22 AM

ඔයැයිට ආසන්නම පාර්ලිමේන්තු මැතිවරණය අවසානයේ පාර්ලිමේන්තුවේ අසුන් ගන්න වෙන්නෙත් හීනෙන්ම තමයි මහත්තයෝ

:       0       1

Saththaya Friday, 09 February 2024 08:47 AM

කොහොමත් රට බංකොලොත් වෙනකල් ඔබ හිටියේ එයට වගකිව යුන්තන්ගේ ඔඩොක්කුවේ නිදාගෙන . තවමත් ඔබ ඇහැරිලා නැහැ වගේ . ඔබ නිදන්න ....ඔබ නිදනන්න සුවෙන් සැතපිලා .......

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 04 137 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


ප්‍රංශ කතකට හදි කළ අයෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 238 0

ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.


රත්නපුර ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 144 0

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද


ලංකා -ඊශ්‍රායල් ගුවන් ගමන් සාමාන්‍ය පරිදි
2024 ඔක්තෝබර් මස 04 14 0

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් යලි අද (4) සිට සාමාන්‍ය පරදි ක්‍රියාත්මක වන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි .


ජනපති - IMF සාකච්ඡා දෙවැනි දිනටත්
2024 ඔක්තෝබර් මස 04 384 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.


මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 1007 5

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38865 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25508 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 303 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1012 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 361 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site