IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


සිංහරාජ හෝට⁣ලේ⁣ ගැටලුව ඇමැතිට

(ඩයනා උදයංගනී)

හෝටලයක් ඉදිකිරීමේ සුදානමක් ඇතැයි කියන සිංහරාජ වනාන්තරයට අයත් ඉඩමේ ඔප්පුවල නිරවද්‍යතාවය පිළිබඳ පුර්ණ විමර්ශණයක් කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මෙම අක්කර හතක ඉඩම සම්බන්ධව රජයේ වර්තමාන ස්ථාවරය වන්නේ එය කඩිනමින් සිංහරාජ වනාන්තරයට පවරා ගැනීම බව කී ඇමතිවරයා එම ඉඩමට අමතරව තවත් අක්කර 1500ක් පමණ බිම් ප්‍රමාණයක් පවරා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි ද සඳහන් කරයි.

එම ඉඩමේ වටිනා ගස් තිබුනි නම් ඒවා කපා දැමීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් අවසර ගෙන නොමැති බව තහවුරු වී ඇතැයි කී ඇමතිවරයා එමෙන්ම රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ද ඒ සඳහා අනුමැතියක් ලබා නොදුන් බව තහවුරු කර ඇතැයි සඳහන් කරයි.

මෙම ඉඩමට අයිතිය ප්‍රකාශ කරන තැනැත්තන් ඔවුන් එහි නිවාස ඉදි කරන බව පැවසුවත් සංචාරක හෝටලයක් ඉදි කිරීම සඳහා ඉඩම හෙළිපෙහෙළි කරන බව වාර්තා වී ඇතැයි කී ඇමතිවරයා නිවාස ඉදිකිරීමට බව කියමින් හෝටලයක් ඉදිකිරීම යනු නිලධාරින් හා වගකිව යුතු ආයතන නොමග යැවීමක් වන අතර එය බරපතළ වරදක් කියයි.

 



අදහස් (7)

සිංහරාජ හෝට⁣ලේ⁣ ගැටලුව ඇමැතිට

සිංහරාජයේ අපි Thursday, 18 March 2021 04:02 PM

ඇමති දැන්ද මේ ගැන හොයා බලන්නේ...? මැණික් මුදලාලිගේ බෑනගෙන් " යමක් " ලැබුණොත් කටවහගනිවි. දැන් ප්‍රශ්නය ඇවිලිලා ඉවරයි. ගමේ මිනිස්සු ඔක්කොම අවධානයෙන් ඉන්නේ. ඔය හෝටලය හැදුවොත්, බලයට පත්වෙන මීළඟ රජයක් යටතේ එය බිමටම සමතලා කරනවා වන්දි නැතිව. ඒක ස්ථිරයි.

:       0       0

sarath munasinghe Thursday, 18 March 2021 08:45 PM

භාග්‍යා දුවට අපේ උත්තමාචාරය.. ශ්‍රී ලංකා රජය ගැන නම් ලැජ්ජයි.

:       0       0

nm Friday, 19 March 2021 12:37 AM

සිංහරාජ හෝට⁣ලේ⁣ ගැටලුව පමණක් නොව විශාල වී මෝලක් සඳහා විදුලි බලය ලබාදීමට පසුගියදා විශාල වටිනා ගස් 3000කට අධික ප්‍රමාණයක් කපා දැමීමට සූදානම් බව මාධ්‍ය හෙලිකරනලදී. අධිබලැති විදුලිය ලබාදීමේදී දියුණු රටවල මෙන් පොළව යටින් විදුලිය ලබාදීමට කටයුතු නොකරන්නේ මන්ද? නොදැනුවත් බව නිසාද? නොඑසේනම් කැපීමටත් පෙර කෝටි ගණනකට මේ වනවිට ගස් 3000ම විකුණලාද? මෙම ගස් කැපීම සහ විදුලිය ලබාදීම පිළිබඳව නිලධාරීන් ප්‍රකාශ නිකුත් කරන ලද්දේ විශාල ගසක යට සිසිල් සෙවනේ සිටයි.

:       0       0

මුණසිංහ Friday, 19 March 2021 02:10 AM

මේ සිදුවීම් ගැන පරිසර ඇමති ක්‍රියාත්මක වෙනවා හොඳටම මදි. පරිසර ඇමති ඉන්නේ හරියට විපක්ෂ මන්ත්‍රී කෙනෙක් වගේ...

:       0       0

කුසුම්සිරි Friday, 19 March 2021 02:44 AM

ඔය ඉඩමේ පත්තීරු පරීක්ෂා කළාම ඉස්සර සිංහරාජයට අයත්ව තිබූ පස්සේ 1997 දී හොර ඔප්පු හදලා පවරාගත්ත ඉඩමක්ලු. 1997ට කලින් කිසිම හිමිකරුවෙක් ඉඳලා නැහැලු. ඔය රට වගේ පුද්ගලික ඉඩම් කියලා කපන කැලෑවල තත්වයත් ඕකම තමයි.

:       0       0

wasantha Friday, 19 March 2021 02:48 AM

ලෝකයේ ආරක්‍ෂිත වනාන්තර ගතහොත් සිංහරාජ වනාන්තරය මේ තරම් කුඩා වෙනකම් විනාශ කරන්නට ලාංකිකයින් ඉඩ දුන්නා. දැන් සැතපුම් කිහිපයක් විතරයි තියෙන්නේ. සිංගප්පූරුවේ ආරක්‍ෂිත වනාන්තර ගානට මේක සුනඛරාජ බවට පත්වෙලා. කරුණාකර පාරවල් රහිතව සැතපුම් පහකටවත් ඉඩ ඇති කොටසක් ආරක්‍ෂිත ප්‍රදේශයක් කර ඉඩම් අත්පත් කරගන්න. අනාගතය වෙනුවෙන් මේකවත් කරන්න..

:       0       0

sharm warn Friday, 19 March 2021 03:57 AM

මහින්ද අමරවීර මහත්තයා. මේ කාපාලුවන් එක්ක සටන් කරන එක පහසු නැහැ කියලා ඔබ දන්නවා. අපිත් දන්නවා. නමුත් ඔබ විෂය බාර ඇමැතිවරයා වශයෙන් මේ සාහසික අපරාධන නවත්වන්න ක්‍රියා කරනවා නම් ජනතාව ඔබ සමගයි කියලා ඔබට පෙනේවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 119 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර් සහ නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 13 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 173 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 348 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1135 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 385 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 418 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1327 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 700 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site