(ඉන්දිකා රාමනායක)
සහරාන් හෂීම් ගේ අන්තවාදයට ආධාර අනුබල ලබාදුන් සහ ඔහු ඇතුළු පස් දෙනකුට රැකවරණය ලබා දුන් ඔලුවිල් ප්‍රදෙශයේ විවාහ රෙජිස්ටාර්වරයකු අත් අඩංගුවට ගත් බව ත්‍රස්තවාදී ක්‍රියා විමර්ශන කොට්ඨාසය කියයි.
2017 වසරේ දී සහරාන් ඇතුළු පස් දෙනකු කාත්තන්කුඩි අලියාර් ප්‍රදේශයේ දී පිරිසක් සමග ගැටුමක් ඇති කරගෙන ඇති අතර එම පිරිස ඔවුන්ගේ මතයට එරෙහි පිරිසක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.
සහරාන් ඇතුළු පස් දෙනා එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔවුන් සැඟව සිට ඇත්තේ ඔලුවිල් ප්‍රදේශයේ ඉහත රෙජිස්විටාර් ගේ නිවසේ බවද හෙතෙම කියයි .
මෙම විවාහ රෙජිස්ටාර් සහරාන් ඇතලු සැකකරුවන් පස් දෙනා ඔහුගේ නිවසේ රඳවාගෙන අන්තවාදය සඳහා ආධාර අනුබල ලබා දීම සිදුකර ඇති බවද පොලිසිය කියයි.
විවාහ රෙජිස්ටාර්ගේ නිවසේ සැඟව සිටි සැකකරුවන් පස් දෙනාගෙන් දෙදෙනෙකු මවුලවීවරුන් වන අතර ඔවුන් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාශය රඳවාගෙන ප්‍රශ්න කරන අතර සහරාන් ඇතුළු සෙසු තිදෙනා පාස්කු ප්‍රහාරයේ බෝම්බ කරුවන් බව ද අජිත් රෝහණ මහතා සඳහන් කරයි .
අත්අඩංගුවට ගත් රෙජිස්ටාර් මඩකලපුව ත්‍රස්ත ක්‍රියා අනු කොට්ඨාසයේ රඳවා සිටින අතර ඔහු කොළඹට රැගෙන ඒමට නියමිතව ඇත.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විිය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස තමා මසකට රුපියල් ලක්ෂ 74ක මුදලක් රජයට ඉදිරි කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය
ජනාධිපති බලන්නේ තමන්ගෙම කාලෙ ගැන ගමේ ඡන්දෙන් ජනමත විචාරණයක් කරගන්න යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී අද පැවසීය.
කතරගම මැණික් ගඟ ප්‍රදේශයේ ඉදිකර ඇති ජී. රාජපක්ෂ නැමැති නිවෙස තැනූ බව කියන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ විෂය පථයට අදාලව නව නීති හඳුන්වා දීම හා පවත්නා පනත් සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සහරාන්ට රැකවරණය දුන් විවාහ ලේකම්වරයකු අත්අඩංගුවට
සමිත සේනක අලුත්ගමගේ. Monday, 31 May 2021 03:57 AM
මේ රටේ ඉන්නා දේශපාලකයන් ඔක්කොම එක වල්ලේ පොල් වගේ තමයි.ඒ අය දඬුවම් දුන්නේ නැහැ,අපි රජයක් පිහිටුවා දඬුවම් දෙනවා යැයි කියා ඡන්දේ ගත්තා.ඒත් දැන් මොනවා හෝ පෙන්න පෙන්නා වැඩේ කල් යවන බවක් තමයි පෙනී යන්නේ.වගකිවයුතු ප්‍රධානියාගේ සිට අත්අඩංගුවට ගෙන නිසි දඬුවම් දෙනවා කිව්වා.
Bempi Monday, 31 May 2021 04:18 AM
සහරාන්ගේ හැමෝම අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න
හේරත් Monday, 31 May 2021 04:21 AM
මේ විවාහ ලේකම් වරයා, මහ මොලකාරයා වෙන්න බැරිද?
Rata Perata Monday, 31 May 2021 06:12 AM
දැන් ඉතින් විවාහ ලේකම්, සහරාන්ට මාලු විකුණපු මිනිහා වගේ බොරු වැඩ කර කර ඉඳීවි ඊළඟ ඡන්දෙ වෙනකම්... මොකද මහ මොලකරුනේ දැන්... රටේ නීති හදන්නේ... ඉතින් කොහොමද නීතිය ක්‍රියාත්මක කරන්නේ?
සනත් ඉතාලිය Monday, 31 May 2021 07:50 AM
ඔබට එහෙම කියන්න සාක්ෂි තියෙනවා නම් ඇයි සාක්ෂි වසන් කරන්නේ..? රට පෙරට නම දැක්කාම හිතාගන්න පුළුවන්. මුහුණු පොතේ ගිණුමකුත් තියෙන්නේ... රට පෙරට දාගෙන කඩේ යන්නේ අර හීන්දෑරි උස හාදයාට නේද..?
mohomed Monday, 31 May 2021 08:15 AM
මෙහෙම ගිහින් කවදා හරි දවසක සහරාන්ගේ ගෙදර හදපු අය උසාවියට ගෙනැල්ලා දඬුවම් කරයිද මන්දා?
Bempi Monday, 31 May 2021 10:14 AM
මෙහෙම ගියොත් ගේ හදපු බාස් විතරක් නොවේ. සිමෙන්ති විකිණූ අයිතිකරුත් අත්අඩංගුවට ගනීවි...!!
fairoos Monday, 31 May 2021 10:30 AM
අනේ අපෙ පොලිසියෙ විමර්ශන කියලා වැඩක් නැහැ
Sri Lanka Monday, 31 May 2021 12:06 PM
අනේ අම්මේ සහරාන් අයියලාගේ ටෙලිනාට්‍යය ආයෙත් පටන් අරන්... කොරෝනා නාට්‍යයත් ඉවර වෙන පාටක් නැහැ මේ කපේට...