IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


සහල්මෝල් හිමියන්ගේ ලාභය දැනගතහොත් පුදුම වෙනවා

(යොහාන් භාසුර)

මහා පරිමාණ සහල්මෝල් හිමියෙක් ලබන ලාභය පිළිබඳව ජනතාව දැනගතහොත් පුදුමයට පත්වන බවත් වී මිල තීරණය කිරීමේදී සහල්මෝල් හිමියන්ගේ සියලු‍ම වියදම් සහ ආදායම් පිළිබඳ අවධානය යොමු කළ බවත් ජාතික පසු අස්වැනු කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂ අශෝක රත්නායක පැවසීය.

වී මිල පිළිබඳව දැනුවත් කිරීම සඳහා කෝට්ටේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද (7) පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අශෝක රත්නායක මහතා එසේ පැවසීය.

පෞද්ගලික අංශය මේ වන විට වී කිලෝවක් රුපියල් 125 කට වඩා අධික මුදලකට මිලදී ගනිමින් සිටින්නේ එවැනි මිලකට ගත්තද ඔවුන්ට විශාල ලාභයක් තිබීම නිසා බව කී රත්නායක මහතා ගොවියකු මාස හයක් තිස්සේ මහන්සි වී වී කිලෝ 5000 ක අස්වැන්නක් පමණක් ලබන බව ද සඳහන් කළේය.

එය එසේ වුවද මහා පරිමාණයේ වීමෝල් හිමියෙකු දිනකට වී කිලෝ 25000ක් ලෙස මාස හයක කාලයක් මාසයකට දින 25 බැගින් වීමෝල පවත්වාගෙන ගියහොත් රුපියල් ලක්ෂ 37 කට අධික ලාභයක් ලබන බවත් මෙවර වී මිල තීරණයය කිරීමේදී වීමෝල්හිමියන් වී මිලදීී ගැනීමේදී, තොග පවත්වාගෙන යාමේදී, සේවක වැටුප් ගෙවීමේදී, සහල් විකිණීමේදී ආදී දරන සියලු‍ම වියදම් සහ ඔවුන් අතුරු නිෂ්පාදනවලින් ලබන ලාභයන් පිළිබඳව ද අවධානය යොමු කළ බවත් ජාතික පසු අස්වැනු කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂ අශෝක රත්නායක මහතා කීය.

සහල් අලෙවි කිරීමේදී වීමෝල්හිමියාට රුපියල් 5 ක, අතරමැදියාට රුපියල් 3 ක සහ සිල්ලර වෙළෙන්දාට රුපියල් 5 ක ලාභ තීරුවක් වෙන් කර ඇති බව කී රත්නායක මහතා පැවසුවේ මෙම ලාභ තීරුවද සමඟ රජය ප්‍රකාශයට පත්කර ඇති උපරිම සිල්ලර මිලට කිසිදු ගැටළුවකින් තොරව සහල් අලෙවි කළ හැකි බවත්ය.

 



අදහස් (9)

සහල්මෝල් හිමියන්ගේ ලාභය දැනගතහොත් පුදුම වෙනවා

karolis Saturday, 08 February 2025 08:54 PM

එක පෑන් පාරෙන් කරනවා කියලා කිව්වාම රැවටෙන මී හරක් 68 ලක්ෂය දැන් සරමෙන් මූණ වහගන්න...!

:       8       12

Lalla Sunday, 09 February 2025 01:52 AM

ලොකු ලාභ නැතිව මහ මෝල් පවත්වාගෙන යාමට හැකිද? මෝල්වල නිශ්පාදන ක්‍රියාවලියක් වෙනවා. නඩත්තුව පඩිනඩි බැංකුවල පොලිය ඔක්කොම එකතුව. ඒත් වෙළෙන්දන් තමන් ළඟට එන පාරිභෝගිකයා සූරා කන එක හිතන්න...

:       4       6

පාඨකයෙක් Sunday, 09 February 2025 04:59 AM

ඇයි ඔය මිනිස්සු ආදායම් බදු, කර්මාන්ත බදු, ව්‍යාපාර බදු, ආදියත් ගෙවනවා ඇති නේද? ඒ මිනිස්සු උත්සාහයෙන් උපයන දෙයට ඊර්ෂ්‍යා කිරීම හරිද?

:       5       12

ගුණරත්න Sunday, 09 February 2025 08:07 AM

පුදුමයක්ද එක? හාල් මිල ජනාධිපතිම ඉහළ දැම්මා... වී පාලන මිලක් දාලා හිර කළා, ඒකෙන් වාසිය මෝල් මාෆියාවට තමයි.

:       9       11

Lakmal Sunday, 09 February 2025 09:01 AM

රජය කළයුත්තේ වෙළෙඳ පලක් ඇති කිරීමයි. වෙළෙඳ ඒකාධිකාරය හාල් වලට විතරක් නෙමෙයි ලංකාවේ ව්‍යාපාර බොහෝමයකට පොදුයි. ලංකාවේ ඉන්ටර්වෙට් මිල අතින් ලෝකෙ වැඩිම රටවල් වලින් එකක්.. ටෙලිකොම් සමාගමේ ඒකාධිකාරය නිසා. හිඟන බස් සේවයක් තියනකන්නේ ඔවුන්ගේ ඒකාධිකාරය නිසා. ලෝක බැංකුවෙන් මේවා විසඳන්න හොඳ නිර්දේශ (SMP) දීලා තියනවා. ක්‍රියාත්මක කරන්න ලංකාවේ මිනිස්සුන්ට මොලයක් නෑ. සදා දුක් විඳිනවා.

:       1       9

Lasandu Sunday, 09 February 2025 09:18 AM

වෙලෙන්ඳා රුපියල් 8 නිශ්පාදකයා රුපියල් 5 සියලුම ආයොජන එක්ක නිකන්ම කන අය පඬි ටෝක්...!

:       1       8

සිල්වා Sunday, 09 February 2025 11:32 AM

අශෝක රත්නායක මහත්තයෝ ඔබතුමාට සිල්ලර කඩයකට වැස්සකටවත් ගොඩවුණු අවස්ථාවක මතකයන් තිබෙනවද? සිල්ලර කඩයකට ඇති දෛනික වියදම් ගැන අවබෝධයක් ලබාගෙන නැවත ගණන් හදා කියන්න.

:       7       13

Banda Sunday, 09 February 2025 01:34 PM

අතරමැදියාට කිලෝවට රුපියල් 3යි නම් කිලෝ 25000 න් හොයන්න පුළුවන් රුපියල් 75000යි. ප්‍රවාහනයට, පටවන්න බාන්න මිනිස්සුන්ට පඩි ගෙවන්න සල්ලි දෙන්නේ ඔබ තුමාගේ අප්පාද? කිලෝ 25000 (ටොන් 25) කට ලොරි වාර කීයක් යන්න ඕනෑ ද? ආණ්ඩුවේ ඉන්නේ ගණනුත් බැරි ඇත්ත ලෝකේ ජීවත් වෙන්නේත් නැති ගොබ්බයින්..

:       3       11

Saman Monday, 10 February 2025 06:51 AM

මහා පරිමාණ සහල් මෝල් ගිනි තිබ්බා නම් ප්‍රශ්නය ඉවරයි. ජෙප්පන්ට මේක සුලු දෙයක්.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 2203 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 422 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 726 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 1082 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 190 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 655 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 731 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site