(යොහාන් භාසුර)
සහල් තවදුරටත් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ඒ හේතුවෙන් සහල් ආනයනය කිරීමේ කාලය දීර්ඝ නොකරන බවත් වෙළඳ අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
වර්තමාන ආණ්ඩුව පසුගිය දෙසැම්බර් මස 4 වැනිදා ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට දුන් අවසරයත් සමග පෞද්ගලික අංශය සහල් මෙට්‍රික්ටොන් 150,000 කට අධික ප්‍රමාණයක් ආනයනය කර ඇති බව කී එම නිලධාරියා තවදුරටත් සහල් ආනයනය කළහොත් ගැටළුවක් මතුවිය හැකි බව ද සඳහන් කළේය.
ප්‍රදේශ කිහිපයක වී අසනු නෙළීම මේ වන විට ආරම්භ කර ඇති බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී සහල් පිළිබඳ ගැටලුවක් ඇති නොවනු ඇතැයි විශ්වාස කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.
ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට රජය දී තිබූ කාලය පසුගිය 10 වැනිදා අවසන් විය.
රියැදුරු බලපත්‍ර, වාහන ලියාපදිංචි කිරීම සහතික, සහ තවත් වටිනා සහතික පත් සකස් කර දෙන බවට පවසා මුදල් ලබාගෙන කූට ලෙස සකස් කරන ලද බලපත්‍ර සහ සහතික පත් තොගයක්
කොළඹ වරාය නගරයේ ගුවන් පාලම ආසන්නයේදී යුද හමුදාපති ආරක්ෂක අංශයට අයත් ඩිෆෙන්ඩර් රථයක් මර්ගයේ මැද සවිකර තිබූ විදුලි පහන් කණුවක ගැටී රියැදුරු ඇතුළු හමුද
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැතිර යන ළැව් ගිනි හේතුවෙන් එරට ආර්ථිකයට සිදුව ඇති පාඩුවඅද අද(12) වනවිට ඩොලර් බිලියන 150 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්
මෝදර, මීගමුව, කිරිබත්ගොඩ, පුත්තලම, මුන්දලම, කුලියාපිටිය, වෙන්නපුව, පෑලියගොඩ සහ ගම්පහ ඇතුළු ප්‍රදේශ රැසක රන්මාල කොල්ලකෑ සැකකරුවකු අයිස් මත්ද්‍රව්‍ය සමග
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (12) පෙරවරුවේ දිවුරුම් දුන්හ.
ජංගම දුරකථන හිමිකරුවන්ගේ සිම්කාඩ් පත් සදහා ත්‍යාග හා මුදල් ඇති බව පවසමින් එම පිරිස වංචනිකව රවටා ඔවුන්ගේ බැංකු ගිණුම් වල තොරතුරු උපක්රමශීලි ලෙස ලබා ග
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
සහල් ආනයනය කිරීමේ කාලය දීර්ඝ නොවෙයි