IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


සහල් ගැසට්ටුවෙන් පාරිභෝගිකයෝ අමාරුවේ

(සුජිත් හේවාජුලිගේ සහ  දඹුල්ලේ කාංචන කුමාර ආරියදාස)

දේශීය සහල් සඳහා රජය විසින් පනවනු ලැබූ  පාලන මිලට (උපරිම සිල්ලර මිල) වඩා අඩු මිල ගණන් වලට සහල් වර්ග  වෙළෙඳපොළේ  අලෙවි  කෙරෙන  හෙයින් රජයේ එම පාලන මිල ගැසට්ටුවෙන්  පාරිභෝගිකයෝ දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.

වෙළෙඳපොළේ දේශීය සහල් සඳහා මෙම නව  මිල පාලනය  ඊයේ  (2)  සිට ක්‍රියාත්මක කෙරිණ.

නව පාලන මිල ගැසට් නිවේදනය අනුව  නාඩු සහල් කිලෝවක්  අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වන්නේ  රුපියල් 220කි.

එසේම සම්බා සහල් කිලෝවක් රුපියල් 230ක උපරිම සිල්ලර මිල කටද    කීරි සම්බා කිලෝවක්  රුපියල් 260ක   උපරිම සිල්ලර මිලකටද  අලෙවි කිරීමට  අවස්ථාව සැලසෙනු ඇත.

එහෙත් රජය විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ සඳහන් මිලට  වඩා අඩු මිල ගණන්වලට දේශීය සහල් වර්ග  තොග සහ සිල්ලර වෙළෙඳ සල්වල අලෙවි කෙරෙන හෙයින්  රජයේ මෙම මිල  පාලනය විහිළුවක් බව පාරිභෝගිකයෝ පවසති .

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සහල් වෙළෙඳසල් හිමියන් පවසන්නේ   රජය වෙළඳපොළේ සහල් මිල පිළිබඳව සොයා බැලීමකින් තොරව පාලන මිල පිළිබඳ   මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇතැයි පෙනී යන බවයි.

එසේ නැතිනම් ව්‍යාපාරික වුවමනාවන් ඉටු කිරීම සඳහා  පාලන මිල මුවාවෙන්  සහල් මිල  තවදුරටත් වැඩි කිරීමට මේ ආකාරයට පියවර ගත්තාදැයි  සැකයක් මතුවන බවද  ඔවුහු සඳහන් කරති.

සාමාන්‍යයෙන් වෙළඳපොළේ  නාඩු සහල් කිලෝවක් රුපියල් 190 සිට  සිට රුපියල් 210 දක්වා  මිල ගණන්වලට අලෙවි කෙරුණු  අතර සම්බා කිලෝවක් අලෙවි කෙරුණේ  රුපියල් 215 සිට 220 දක්වා වූ මිල ගණන්වලටය.

කීරි සම්බා කිලෝවක් රුපියල් 250කට පමණ අලෙවි කෙරිණ.



අදහස් (1)

සහල් ගැසට්ටුවෙන් පාරිභෝගිකයෝ අමාරුවේ

දිසා....ගම්පහ. Tuesday, 03 May 2022 05:00 PM

පාරිභෝගික සේවා අධිකාරියේ කාර්ය භාරය පාරිභෝගිකයා වෙනුවෙන්ද? නැත්නම් මහා පරිමාණ සහල්මෝල් හිමිකරුවන් සහ ව්‍යාපාරිකයින් වෙනුවෙන්ද? යන්න සොයා බැලිය යුතුයි. සහල් මිල ගණන් දරාගත නොහැකි මට්ටමකින් ඉහළ ගොස් තිබීම මත ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටින අවස්ථාවක පාරිභෝගික සේවා අධිකාරිය මෙන්ම අදාල අමාත්‍යවරයා සිහි බුද්ධියෙන් ක්‍රියා කළයුතු නොවේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 361 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්
2024 නොවැම්බර් මස 20 795 0

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක


රහ්මාන් යුග දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 20 1235 0

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ


රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 20 694 0

ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද


රවීගේ නම යැවීම ගැන මහලේකම්ගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 20 1547 0

මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම


ආණ්ඩුව දෙන සහන ගැන නාමල් අවදානයෙන්
2024 නොවැම්බර් මස 20 600 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 429 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 673 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1918 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site