IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 7ක අතිරික්තයක්

(අංජුල මහික වීරරත්න)

මෙරට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ හතක අතිරික්තයක්  පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

දැනට පවතින සහල් සහ වී තොග පිළිබඳව සමාලෝචනයක් සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා කළ කරුණු විමසීමකදී කෘෂිකර්ම  දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේය.

එහිදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ  නිලධාරීන් පෙන්වා දුන් පරිදි පසුගිය මහ කන්නයේ කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 08ක වී වගා කර තිබෙන අතර මෙවර යල කන්නයේදී  කුඹුරු හෙක්ටයාර් පන්ලක්ෂ තුන්දහසක් වගා කර තිබෙන බවයි.

ඒ අනුව කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 13ක වී වගා කර තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

මෙට්‍රික් ටොන් 3.5 සිට 5 දක්වා වී අස්වැන්නක් හෙක්ටයාර් එකකින් ලබා ගෙන ඇති අතර දිස්ත්‍රික්ක කිහිපයක මෙට්‍රික් ටොන් 7 සිට 11 දක්වා වු අස්වැන්නක් ද ලබා ගෙන තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.

පසුගිය මහ කන්නයේ හා මෙවර යල කන්නයේ සමස්ත වී අස්වනු ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 52ක් වන අතර ඉන් නිෂ්පාදනය කළ හැකි සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 31ක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

මෙරට මාසික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 02ක් වන අතර වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක් බවත් ඒ අනුව ගත් කළ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 07ක අතිරික්තයක් රටේ පවතින බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.



අදහස් (4)

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 7ක අතිරික්තයක්

කිරිපුතා Wednesday, 27 September 2023 01:39 PM

සහල් අපනයනයට යොමුවිය යුතුයි . තව තවත් නිෂ්පාදනය වැඩිකර ගොවියාටද පාරිභෝගිකයද වාසි ලැබෙන කාලයක් රටට උදාවේවා !

:       0       8

Bada kata dugiya Wednesday, 27 September 2023 02:23 PM

තොපේ කලිසම් පල්ලෙද අතිරික්තේ මිනිසුන් කන්න නැතුව හිඟා කනවා .බෙදලා දීපියව් හෙටම

:       0       0

Mohan Mapa Wednesday, 27 September 2023 03:17 PM

ආනයනයට වඩා බලන්න ඕනේ සහල් ස්ටොක් කරලා හිඟයක් වෙනකොට දෙන්න

:       0       0

E. A. C. S. Edirisinghe Wednesday, 27 September 2023 04:06 PM

සහල් මිල එන්න එන්නම වැඩි වෙනවා. අතිරික්තයක් රටේ තියෙනවානම් එහෙම වෙන්නේ නෑ. බොරු බයිලා. ඔය මොන රටේ වී නිෂ්පාදනය ගැනද දන්නේ නෑ කියලා තියෙන්නේ? විරුවාගේ කාලෙත් වැදගත් මහත්මයෙක් කයිවාරු ගැහුවා අතන කොච්චරක් තියෙනවාද මෙතන කොච්චරක්ද තියෙන්නේ කියලා අපි දන්නවා කියලා අන්තිමට හාල් ‌ඒ දවස්වල කඩවලත් හිඟ වුණා. ඒ මහත්තයාගේ සායම ඉවරයි. ‌මේ රටේ රාජ්‍ය ආයතන ඔක්කොටම දේශපාලන අධිකාරිය ඇඟිලි ගහනවා. දේශපාලන අධිකාරිය කියන විදිහට බොරු රිපෝට් හදනවා. ඔය රිපෝට් එකත් ඒ වගේ ටොම් පචයක්. ‌

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 2990 6

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 976 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 312 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2030 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1911 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 596 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40045 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25956 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site