IMG-LOGO

2024 දෙසැම්බර් මස 16 වන සඳුදා


සහල් හිඟයට විසඳුම් ආනයන කරුවන් ජනපතිට දෙයි

(මහින්ද නිශ්ශංක)

සහල් හිගයට කඩිනම් විසඳුමක් ලෙස සහල් ආනයනය කිරීමට ආනයනකරුවන්ටත් අවස්ථාව දෙන්නේ නම් දින 10 ත් 15 අතර කාලයකින් සහල් ආනයනය කර ජනතාවට බෙදා හැරීමට හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයකරුවෝ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටිති.

සහල් ආනයනය කිරීමේදී කිලෝවක් සදහා පනවා ඇති රුපියල් 65 ක් බද්ද රුපියල් 40 දක්වා අඩු කරන ලෙසත් ඉල්ලා සිටින ඔවුන් ආනයන බද්ද රුපියල් 40 දක්වා අඩු කරන්නේ නම් සහල් ගෙන්වා කිලෝවක් රුපියල් 180 ත් 185 අතර මිලකට ජනතාවට ලබාදීමට හැකි බවත් පවසයි.

රටේ පවතින සහල් හිගය දිනෙන් දින උග්‍ර වන බවත් සදහන් කරන ආනයනකරුවන් මේ වනවිට පිටකොටුව තොග වෙළෙදපොලේ ඇත්තේ දින කිහිපයකට ප්‍රමාණවත් සහල් තොගයක් බවද සඳහන් කරයි.

 



අදහස් (10)

සහල් හිඟයට විසඳුම් ආනයන කරුවන් ජනපතිට දෙයි

යෝගා Saturday, 30 November 2024 10:28 AM

කොයි සහෝදරයාගේ පරම පවිත්‍ර සාක්කුවටද කොමිස් කුට්ටිය බහින්නේ?

:       5       15

Chandima Saturday, 30 November 2024 12:06 PM

මම හිතන්නේ නම් ජනාධිපතිවරයා සහල් ආනයනයට ඉඩ නොදේවි කියලා. හේතුව ඡන්දයට පෙර එතුමා දැඩිව ප්‍රකාශ කළා. විදේස සංචාරකයින්ට අවශ්‍ය වන විශේෂ සහල් හැර දේසීය පරිභෝජනයට සහල් ඇටයක්වත් පිටරටින් ගෙන්වීමට ඉඩ නොදෙන බව. මේ කතාව අපිට නම් හොඳට මතකයි. එතුමාට මතකද නොදනිමි...!

:       4       24

seneSaturday, 30 November 2024 03:53 PM

චන්දිම, එහෙම නොවේ... සන්චාරකයින් ඔවුන්ගේ පරිබෝජනයට සහල් රැගෙන ආ යුතු බව අනුර ජනාධිපති කීවේ. හා හා දැන් කොහේද ඔව්වා මතක...?

:       4       12

ChandimaSaturday, 30 November 2024 06:19 PM

ඔව් ඔබ හරි. ප්‍රශ්නය ආන්ඩුවට බරපතළ ලෙස ඩිමෙන්ශියා රෝග ලක්ෂණ. කොස්ස අලුත් වෙද්දී හොඳට අතුගෑවෙන්න ඕනෑ. ඒත් මේ කොස්සෙන් ඒක වෙන්නෙත් නෑ. සහල්, බිත්තර ,එලවලු මාෆියාව නැතිකරන්න පිටකොන්දක් තියෙන්න ඕනෑ රජයකට.ඒත් මහා පරිමාණ සහල් මොල්කරුවන්ගෙන් ඡන්දවලට උදව් ගත්තාම කොහොමද ඔවුන්ව පාලනය කරන්නේ..? ඔක්කෝටම කළින් මිනිස්සුන්ගේ බඩට දැනෙන, පර්ස් එකට දැනෙන සහනයක් දිය යුතු නමුත් මේ වෙනතුරුත් ආණ්ඩුවට එය කළ නොහැකිවෙලා. ගැලරිය චූන් කරලා අර දේවල් වහගන්න හදන්නේ. ඡන්දෙට කලින් ලොකුවට මහාපරිමානෙන් විසිල් ගැහුවාට බල්ටි නෑ. කතාව දෝලාවෙන් වුණාට ගමන නම් පයින් වගේ...

:       5       12

janahithaSunday, 01 December 2024 08:47 AM

රටේ නිෂ්පාදන වැඩි කළ යුතුය... පාරිභෝගිකයාට අවශ්‍ය තරම් නිෂ්පාදනය නොවන්නේ නම් ඒ අලස කම නිසායි.

:       1       0

සිල්වා Saturday, 30 November 2024 01:48 PM

ඉක්මන් කොටයි. සතොස හොඳයි.

:       0       13

සුදු ඇඳගෙන කලු ඇවිදින් Saturday, 30 November 2024 04:35 PM

මේක නම් එක මෆියාවක් නවත්තන්න තව මාෆියාවකට ඉඩ දුන්නා වගේ. එහෙම නම් ආණ්ඩුව කළ යුත්තේ රුපියල් 25 ක බද්ද අඩු කරනවා වෙනුවට රුපියල් 20ක් දේශීය සහල් නිශ්පාදකයින්ට දෙන එක. පාරිභෝගිකයින් තියෙන ප්‍රශ්නය රුපියල් 225ට ගන්න හාල් නැති එක. එහෙම වුණාම හාල් නිශ්පාදකයෝ වෙළඳ පලට රුපියල් 220 ගෝ 225ට නිකුත් කරයි. රජය ඉතිරි රුපියල් 20 එයාලට දුන්නාම හරි.

:       3       10

තෙන්නකෝන් Saturday, 30 November 2024 06:25 PM

බදු මුදල 65.00 ම තිබ්බත් 205. 00 දෙන්න පුළුවන් කියලා නේද මේකෙන් පෙනෙන්නේ..? ඒ නිසා බදු අඩු නොකර තියන එක රජයට හොඳයි. ලංකාවේ කෘෂිකර්මයටත් හොඳයි.

:       1       10

pjSunday, 01 December 2024 09:22 AM

මොන දේ හොඳ වුණත් වැඩක් නැහැ... පොඩි එවුන් ඉල්ලා අඬන විට බත් කටක් දෙන්න විදිහක් නැත්නම්...

:       0       2

saki Sunday, 01 December 2024 08:43 PM

ඇයි ඔයාලාට ආනයනය කරන්න දෙන්නේ...? ඇයි ඔය විදිහට රජයකට කරන්න බැරිද? ඔබලා තමයි රට කෑවේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

වාලම්පුරියක්-බෙල්ලන් විකිණිමට ගිය දෙන්නෙක් මාට්ටු
2024 දෙසැම්බර් මස 16 27 0

ගුවන් හමුදා බුද්ධි තොරතුරක් මත අනුරාධපුරාධපුර රඹෑව ප්‍රදේශයෙදී ටයිටැන් වර්ගයෙ වාලම්පුරියක් හා විශේෂිත බෙල්ලන් දෙදෙනෙකු ලක්ෂ දහයකට අලෙවි කිරිමට සු


ජනපති ඉන්දීය රාජතාන්ත්‍රික සාකච්ඡා අරඹයි
2024 දෙසැම්බර් මස 16 83 0

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නැවතී සිටින නවදිල්ලි නුවර ITC MAURYA හෝටලය වෙත පැමිණි ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළ


විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද
2024 දෙසැම්බර් මස 16 370 0

නව කතානායකවරයා පත් කිරීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (16 ) පස්වරු 1.00ට පැවැත්වේ.


වගා වනසන සතුන් පාලන ක්‍රම කියන්න මහජනයාට ඉඩක්
2024 දෙසැම්බර් මස 16 458 1

ශ්‍රී ලංකාව තුළ රිළවා,ඉත්තෑවා,වල් ඌරා,මොනරා ආදී වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා මහජන අදහස් ලබා ගැනීමේ වැඩ පිළිවෙළක් කෘෂිකර්ම අමාත්‍යාං


රිවස්ටන් අනතුරින් අයෙක් මරුට: 7ක් රෝහලේ
2024 දෙසැම්බර් මස 16 903 0

ලග්ගල රිවස්ටන් මාර්ගයේ ඉලුක්කුඹුර ප්‍රදේශයේදී වෑන් රියක් හෙලකට පෙරැළිමෙන් එක් අයෙකු මියගොස් තවත් හත් දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ලග්ගල පොලීසිය


දවසේ කාලගුණය
2024 දෙසැම්බර් මස 16 216 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතිනු ඇතැයි කාලගුනවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 175 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 186 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 92 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site