IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


ස්පාවකින් බලෙන් සල්ලි ගත් කොස්තාපල් අත් අඩංගුවට

(බී.ජි. චතුරංග)

සෝදිසි වරෙන්තුවක් ලබා ගෙන පොලිස් කාන්තාවක සමග වැටලීමකට ආවැයි පවසා අනුරාධපුර සම්බාහන (ස්පා) මධ්‍යස්ථානයකට ඇතුළුවී එම ආයතනය සෝදිසි නොකර සිටීමට රුපියල් 2000ක මුදලක් බලෙන් ලබා ගත් කොස්තාපල්වරයකු  අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, ඇලයාපත්තුව පොලිසියට අනුයුක්තව සේවය කරන 27 හැවිරිදි කොස්තාපල්වරයෙකි.

ඉකුත් 14වැනිදා රාත්‍රී 11.30 ට පමණ මෙම පොලිස් නිලධාරියා කාන්තාවක නංවා ගෙන යතුරු පැදියකින් සම්බාහන මධ්‍යස්ථානයට පැමිණ පොලිස් නිල හැඳුනුම්පත පෙන්වා, සෝදිසි වරෙන්තුවක් ලබා ගෙන තමන් කාන්තා නිලධාරිනියක සමග පැමිණි බව පවසා වැටලීම නොකර සිටීමට රුපියල් 3000ක මුදලක් ඉල්ලා සිටි බව පැමිණිල්ලේ සඳහන් වේ.

සම්බාහන මධ්‍යස්ථානයේ සේවය සපයමින් සිටි කාන්තාවන් දෙදෙනකු බියට පත් වී රුපියල් 2000ක මුදලක් කොස්තාපල්වරයාට දී ඇති බව පොලිසිය කියයි.

එලෙස මුදල් ලබා ගෙන පිටව ගිය කොස්තාපල්වරයා යළිත් පසුදා රාත්‍රී 8.30ට පමණ තවත් පිරිමියකු සමග පැමිණ නොමිලේ සම්බාහන සේවය ඉල්ලා සිටි අවස්ථාවේදී, ස්පා ආයතනයේ සේවයේ යෙදී සිටින කාන්තාවකගේ සැමියකු සමග බහින්බස් වීමක් ඇති කර ගෙන තිබෙන බව ද පොලිසිය කියයි.

 



අදහස් (0)

ස්පාවකින් බලෙන් සල්ලි ගත් කොස්තාපල් අත් අඩංගුවට

ඔබේ අදහස් එවන්න

දියත

ලැඟුම්හළක මත් ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටි යුවළ අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 19 98 0

බැලුම්මහර වැලිවේරිය පාර ප්‍රදේශයේ නවාතැන්පලක කාමරයක් තුල මත් ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටි තරුණ යුවළක් අද (19) අත් අඩංගුවට ගත් බව යක්කල පොලිසිය පවසයි.


ශ්‍රිලනිප හිනිදුම හිටපු සංවිධායක ඝාතනයට අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 19 473 0

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල හිනිදුම ආසනයේ හිටපු ප්‍රධාන සංවිධායකයෙකු වන ව්‍යාපාරික සම්පත් ගමගේ මහතා මුගුරකින් පහර දී ඝාතනය කල සිද්ධියේ ප්‍රධාන සැ


රිය අනතුරින් තිදරු පියා මරුට
2024 සැප්තැම්බර් මස 19 470 0

පුත්තලම අනුරාධපුර මාර්ගයෙ 6 කණුව ප්‍රදේයේදී අද ( 19) සිදුවු අනතුරකින් බස් රථයක පා පුවරුවේ ගමන් කරමින් සිටි එක් අයකු මරණයට පත්ව බරපතල තුවාල ලැබු තවත් පුත්


නිකවැරැටියෙත් වෙඩි තැබීමක් අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 19 426 0

නිකවැරැටිය රස්නායකපුර නම්මුවාවේ දී සිදු කළ වෙඩි තැබීමකින් කුඩා කඩයක් පවත්වාගෙන යන එක් දරු පියකු මියගොස් ඇතැයි පොලිසිය කියයි


ආහාර විස වීමෙන් 500ක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 19 391 0

පොළොන්නරුව බකමූණ ප්‍රදේශයේ ප්‍රධාන පෞද්ගලික ඇඟලුම් කර්මාන්තයක ආහාර විෂ වීමකින් අසාධ්‍ය වූ එහි සේවක සේවිකාවන් පන්සියයකට ආසන්න පිරිසක් අද (19) පෙරවරුවේ


සිකුරාදාට සියලු පාසල් වැසේ
2024 සැප්තැම්බර් මස 19 428 0

දිවයිනේ සියලුම පාසල් සඳහා එළැඹෙන සිකුරාදා (20) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර ඇතැයි අද්‍යාපන අමාත්‍යංශය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 45 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 123 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2174 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site