IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


ස්වීඩනයේ ශ්‍රී ලංකාවේ වෙළෙඳපොල ඉහළ නංවයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව සහ ස්වීඩනය අතර ද්විපාර්ශ්වික වෙළඳාම ශක්තිමත් කිරීම අරමුණු කරගත් උපාය මාර්ග සාකච්ඡා කිරීම සඳහා ස්වීඩනයේ ගොතන්බර්ග්හි ශ්‍රී ලංකා ගෞරවනීය කොන්සල් මාකස් පෙටර්සන් මහතා මෙරටට පැමිණ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ සාකච්ඡා කළේය.

ශ්‍රී ලංකාව වර්තමානය වන විට ස්වීඩනයට ඇඟලුම්, රබර් භාණ්ඩ, තේ සහ පොල් මද නිෂ්පාදන ඇතුළු නිෂ්පාදන රැසක් අපනයනය කරයි. ශ්‍රී ලංකාව පසුගිය වසරේ ස්වීඩනයට කළ සමස්ත වෙළඳ භාණ්ඩ අපනයන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 101කි.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ඉදිරි වසර 5 තුළ නිෂ්පාදන විවිධාංගීකරණය සහ වෙළඳපල පුළුල් කිරීම තුළින් අපනයන ඉහළ නැංවීමේ මෙරටේ උපායමාර්ගික සැලැස්ම අවධාරණය කරමින් ශ්‍රී ලංකාවේ වෙළඳ හා අපනයන ප්‍රතිපත්තිය මාකස් පෙටර්සන් මහතා ඉදිරිපත් කළේය.

ඇඟලුම් සහ රෙදිපිළි, රබර්, තේ, පළතුරු, කුළුබඩු සහ සාන්ද්‍රිත ද්‍රව්‍ය, පොල් මද ආශ්‍රිත නිෂ්පාදන, සෞඛ්‍යයට නැඹුරු කාබනික සහ ස්වාභාවික නිෂ්පාදන පරිසර හිතකාමී අත්කම් ඇතුළු සැකසූ ආහාර සහ පාන වර්ග සහ අපනයන සේවා වැනි ප්‍රධාන අංශවල ස්වීඩන් වෙළඳපොළට තවදුරටත් විනිවිදයාමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව විජේසිංහ මහතා එහිදී අවධාරණය කළේය.

ස්වීඩනයේ හඳුනාගත් නිෂ්පාදන හා සේවා අංශවල ශ්‍රී ලංකාවේ වෙළඳපල කොටස වැඩි කිරීම සඳහා උපායමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා කොන්සල්වරයාගේ සහයෝගය එහිදී විජේසිංහ මහතා ඉල්ලා සිටියේය.

ස්වීඩනයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයේ, කුළුබඩු, සැකසූ ආහාර සහ කාබනික නිෂ්පාදනවල ශ්‍රී ලංකාවේ අපනයන විභවය පීටර්සන් මහතා පිළිගත් අතර ස්වීඩනයේ සහ පුළුල් නෝර්ඩික් කලාපයේ ශ්‍රී ලංකාවේ වෙළඳපල කොටස වැඩි දියුණු කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ කටයුතු කිරීමට පූර්ණ සහයොග්ය දෙන බවඒ මහතා සඳහන් කළේය.

ඉදිරි වසරවලදී වැඩිදියුණු කළ ආර්ථික සහයෝගීතාවයකට මග පාදන පරිදි, ශ්‍රී ලංකාව සහ ස්වීඩනය අතර වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම මෙම සාකච්ඡාවලදී තහවුරු විය.



අදහස් (0)

ස්වීඩනයේ ශ්‍රී ලංකාවේ වෙළෙඳපොල ඉහළ නංවයි

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ජනපති නීතිපති කැඳවයි
2025 පෙබරවාරි මස 06 0 0

ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණ සම්බන්ධයෙන් රටේ ඇතිවී තිබෙන කතා බහ සම්බන්ධයෙන් විමසීමට ජනාධිපති අනුර දිසානායක මහතා විසින් නීතිපතිවරයා සහ අදාල රහස් ප


ගිරිඋල්ල පොලිසියේ ලොක්කෝ දෙකක් රිමාන්ඩ්
2025 පෙබරවාරි මස 06 142 0

දැව ලොරියක් වෙනුවෙන් කූට ලේඛන සැකසුවැයි සැකපිට අත්අඩංගුවට ගත් ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයා හා අපරාධ විමර්ශන ස්ථානාධිපති වරයා එළැඹෙන 10 තෙක් රිමාන


11 දහසේ අල්ලසට 28 වසරක් හිරගෙට
2025 පෙබරවාරි මස 06 233 0

මධ්‍යම තැපැල් හුවමාරුවේ ජාත්‍යන්තර අධිවේගී අංශයට ලැබුණු සී.සී.ටී.වි. කැමරා කට්ටල 30ක් නියමිත බදු මුදල් අය නොකර නිදහස් කිරීමට අල්ලස් ගැනීමේ චෝදනාවන්ට වර


අරගලය අස්සේ මන්ත්‍රීවරු 43කගේ කරල පැහිලා
2025 පෙබරවාරි මස 06 1145 14

මන්ත්‍රීවරුන් 43 දෙනෙකු අරගල සමයේ සිය දේපළ විනාශය වෙනුවෙන් රුපියල් එකසිය විසි දෙකෝටි හතළිස් එක් ලක්ෂ තිස් හතර දහස් හත්සීය තිස් හතක් (1224134737) ලබාගෙන ඇතැයි


මහාචාර්ය නීලිකාට ජාත්‍යන්තර තනතුරක්
2025 පෙබරවාරි මස 06 901 1

මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය, ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ සභාපතිනිය ලෙස පත්වූවාය.


විද්‍යා ඝාතකයන්ගේ අභියාචනයට දින දෙයි
2025 පෙබරවාරි මස 06 733 0

මහත් ආන්දෝලනයකට තුඩුදුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාවන්ට වැරදිකරු වී මරණීය දණ්ඩනය නියම වු විත්ත


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 96 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 797 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 750 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site