IMG-LOGO

2025 පෙබරවාරි මස 12 වන බදාදා


සැකකරුවකු මැරුණැයි පොලිසියට විරෝධයක්

(සුමිත් පොතුපිටිය)

වාද්දුව පොලිසිය පහරදී එක්දරු පියකු ඝාතනය කර ඇතැයි කියමින් 40කට ආසන්න පිරිසක්  විරෝධය පලකරමින්  පොලිසිය ඉදිරිපිට සහ පොලිසිය අවට තැන   රැස්ව සිටියහ. 

ඝාතනයට ලක්වූ එක්දරු පියාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සාධාරණයක් කරන ලෙස ඉල්ලා ඔවුන් එසේ කෑ කො ගසමින් විරෝධතාව පල කළහ.

අහිංසක දරු පවුල අනාතයි. මිනි පෙට්ටියවත් ගන්න සල්ලි නෑ කියමින් ඔවුහූ පොලිසියට විරෝධතාව පලකර සිටී.

වාද්දුව පොලිසියේ ප්‍රධාන දොරටුව මාර්ග බාධක බැරියර් යොදා මුළුමනින්ම අවහිර කර 20 කට ආසන්න නිළධාරීන් පිරිසක් ප්‍රධාන මාර්ගය අවහිර ආරක්ෂාව තර කර සිටියහ.

බණ්ඩාරගම , පින්වත්ත,මොරොන්තුඩුව හිරණ ඇතුළු අවට පොලිස් ස්ථාන වෙතින්ද පොලිස් නිළධාරි විශාල පිරිසක් කැදවා ඇති අයුරු දැකගත හැකිවිය.

රිය අනතුරක් සම්බන්ධයෙන් වාද්දුව පොලිසිය අත්අඩංගුවට ගත් එක්දරු පියෙකු පොලිස් ඇපමත මුදාහැරීමෙන් පසු නිවසට ගොස් සිටියදී ලේ වමනය දැමීමෙන් අනතුරුව මියගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත පානදුර පොලිස් අධිකාරී කාර්යාලය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචි රෝෂිණී ලක්මාලී මහත්මිය විසින් කල පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචි ආර්.එම්. සමිත දිල්ෂාන් නමැති 24 හැවිරිදි එක්දරු පියකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පානදුර රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

මියගොස් ඇති තැනැත්තා රිය අනතුරකට භාජනය වීමෙන් පසුව වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් රදවාගෙන පොලිස් ඇප මත මුදාහැර ඇති බව පොලිසිය සදහන් කරයි , ඔහු නිවසට ගොස් සිටියදී රාත්‍රි ලේ වමනය කිරීමෙන් පසු රෝහල් ගතකර ඇති බව සදහන් වේ.

පහරදීම සම්බන්ධයෙන් මියගොස් ඇති තැනැත්තා ගේ බිරිද වන රෝෂිණී ලක්මාලී මහත්මිය පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණ පැමිණිල්ලක් සිදුකිරිමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ පැවසුවාය.

මගේ මහත්‍තයව රිය අනතුරක් සිදුවීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන පැය කිහිපයකින් ගෙදර එව්වා. මහත්තයා කීවා මට පොලිසියෙන් පොලුවලින් හොදටම ගැහුවා පපුව රිදෙනවා කියා.

අපි එයාව රෝහලට ගෙනගියා. පසුව අද මියගිහින් කීවා. මමයි මේ අහිංසක දරුවයි තනිවුනා. අපිට සාධාරණයක් කරල දෙන්න මහත්තයෝ.



අදහස් (3)

සැකකරුවකු මැරුණැයි පොලිසියට විරෝධයක්

Perera Wednesday, 12 February 2025 07:21 AM

මිනිසුන්ට අමානුෂික විදිහට ගහන එක වැරදි හැබැයි. අපේ රටේ අඩුවැඩි වශයෙන් ගත්තම මිනිසුන්ගේ ආකල්ප අනුව නොගහා කට උත්තර ගන්නත් බැහැ.

:       0       0

Asela Wednesday, 12 February 2025 09:47 AM

පොලිසියේදී අත්අඩංගුවට ගත් අයව පහරදී මරා දැමීම අපි කුඩා කල සිටම සිදුවෙමින් පවතී. මෙම ම්ලේච්ඡ පුරුද්ද දිගටම පවතී. ම්ලේච්ඡ පොලිස් නිලධාරීන් අතර දැඩි හික්මීමක් ඇති කිරීමට විෂයභාර ඇමතිට හැකිද? ඊටත් වඩා කනගාටුදායක කරුණක් වන්නේ ගමේ ගැමියෙක් ජනාධිපති ලෙස කටයුතු කරන අතරතුර මෙය දිගටම පැවතීමයි.

:       1       2

විහඟ Wednesday, 12 February 2025 09:57 AM

ඊයෙ ඕඅයිසී ල එකසිය ගාණක් මාරුකලා මාරුකරල හරියන්නෙ නෑ ඔකුන් 80000 ම ගෙදර යවලා අළුතින්ම ගන්න ඕන

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ඔරුව පෙරළී තිදරු පියෙක් මරුට
2025 පෙබරවාරි මස 12 33 0

රාජාංගණය පොලිස් වසමේ තුඹුල්ලේගම වැවේ ඔරුවක නැග මසුන් අල්ලමින් සිටි 64 හැවිරිදි තිදරැ පියෙකු ඔරැව පෙරලි දියේ ගිලිමෙන් ඊයේ (11) දින මිය ගොස් ඇතැයි රාජාංගණය


වාද්දුවේ සිද්ධිය විමර්ශනයට පොලිස් කණ්ඩායමේ දෙකක්
2025 පෙබරවාරි මස 12 204 0

වාද්දුව පොලිසිය විසින් පුද්ගලයෙකුට පහරදී ඝාතනය කල බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සදහා සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුගේ ප්‍රධාන


ජාතික පාසලේ ගැටුමට සිසුන් සිව් දෙනෙක් පොලිස් බාරයට
2025 පෙබරවාරි මස 12 377 1

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පහර දීමට සම්බන්ධ පාර්ශවයේ දරුවන් සිව් දෙනෙකු පොලිස් භාරයට ගත් බව නවගමුව පොලිසිය පවස


අර්ජුනාගේ පහරදිමකින් දෙන්නෙක් රෝහලේ
2025 පෙබරවාරි මස 12 1395 4

යාපනය වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී ඇති වූ බහින්බස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්ජුනා මහතා විසින් කළ බව කියන පහරදීමකින් පුද්ගලයන් දෙදෙ


දිසා කීපයකට සුළු වැස්සක්
2025 පෙබරවාරි මස 12 127 0

මඩකළපුව,අම්පාර,මාතලේ,බදුල්ල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකිය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තායිලන්ත උප ඇමති අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 12 248 0

තායිලන්ත අග්‍රාමාත්‍ය කාර්යාලයේ උප ඇමති විශ්‍රාමික ජෙනරාල් නිපාට් තොන්ග්ලික් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රා


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 111 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 124 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 906 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site