( බී.ජී. චතුරංග )
නොචිචියාගම පොලිස් හා වසමේ වල්පලගම ප්‍රදේශයේ නිවසක බිරිඳ විසින් සිය සැමියාගේ ගෙල සිරකර මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම බිරිඳ අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, ගල්වල පාර, වල්පලගම, නොච්චියාගම ලිපිනයේ පදිංචිව සිටි මහගමගේ රොහාන් කුමාර නැමති 38 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇත්තේ මරණකරුගේ බිරිඳ වන ගල්වල පාර, වල්පොල ගම නොචිචියාගම ලිපිනයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවකි.
මරණකරු විසින් අලුත්වැඩියා කෙරෙමින් තිබෙන තම නිවසට අවශ්‍ය දැව සොයා ගැනීම සඳහා නිවසින් පිටව ගොස් සවස 6.30ට පමණ මත්පැන් පානය කර යලි නිවසට පැමිණ අසල්වැසියන්ට පරුෂ වචනයෙන් බැන වැදී ඇති බව අත්අඩංගුවට ගත් බිරිඳ කල ප්‍රකාශවල සටහන් වෙයි .
සිය සැමියා බීමත්ව අසල්වැසියන්ට පරුෂ වචනයෙන් බැන වදින අවස්ථාවේදී සැකකාර බිරිඳ එය පාලනය කිරීම සඳහා මරණකරුගේ අත් වලින් කට වැසූ අවස්ථාවේදී මරණකරු බිරිඳට පහර දී ඇති බව පොලිසිය සඳහන් කළේය.
අනතුරුව සැකකාරිය සිය සැමියාගේ කෑ ගසන ශබ්දය පාලනය කිරීම සඳහා දොරට දමා තිබූ රෙද්දක් ගෙන ඔහුගේ කට වැසීමට උත්සාහ කල අවස්ථාවේදී, එම දොර රෙද්ද ගෙලේ සිර කිරීම හේතුවෙන් මරණකරු සිහිසුන්ව බිම ඇද වැටී ඇති තිබෙන බව පොලිසිය කියයි.
ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතල වැඩ සහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහ
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (8) අනුමත කළේය.
වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයාගේ පුද්ගලික ලේකම් හා තවත් පුද්ගලයෙකු ඇ
පාස්කු කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ගම්පොළ අම්බුලුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ ඉදිකිරීමට යෝජිත කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා පළමු අදියරේ අත්තිවාරම සැකසීම සඳහා අවසරයකින් තොරව පස් කයන යන්ත්
රට තුළ විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා මාධ්‍යවේදීන් කරන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිමසඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙම ව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සැමියා මැරී යැයි බිරිය අත්අඩංගුවට