IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


සිවිල් ඉංජිනේරුවරයා වහලයෙන් ඇද වැටී මරුට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

පවතින වර්ෂාව තත්ත්වය මත දෙමහල් නිවසක ජලය කාන්දු වූ ස්ථානයකට සෙවිලි තහඩුවක් සවි කිරීමට යාමේදී  පය ලිස්සා අඩි විසිපහක පමණ උසකින් බිමට ඇද වැටුණු යාන්ත්‍රික සිවිල් ඉංජිනේරුවරයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පන්නිපිටිය හිරිපිටිය බෝගහවිල පාර , පදිංචි තෙන්නකෝන් මුදියන්සේලාගේ ධනුෂ්ක රුක්ෂාන් රාජපක්ෂ නමැති (41) හැවිරිදි දෙදරු පියකු බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයාගේ බිරිඳ අවුරුදු එකහමාරක සහ තුනක දරු දෙදෙනා බලා ගනිමින් නිවස තුළ සිටියදී වර්ෂාවත් සමග ඉහළ මහලේ වහලයෙන් ජලය කාන්දු වූ ස්ථානයකට සෙවිලි තහඩුවක් සවිකිරීම සඳහා තනිවම වහලයට නැග එය සවි කිරමින් සිටියදී අඩි විසිපහක පමණ උසකින් බිමට ඇද වැටි නිවෙස් දෙකක් අතර අඩි නමයක් පමණ වූ හිස් බිමකට ඇද වැටී අනතුරක් සිදුව තිබේ.

මේ බව කිසිවක් නොදත් යාබද නිවසේ කාන්තාවක් පිටිපස දොර විවර කර පිටතට පැමිණීමේදී ඒ ඉදිරිපිට පුද්ගලයකු වැටි සිටිනු දැක , පසුව විපරම් කර බැලීමේදී ඒ යාබද නිවසේ පුද්ගලයා බවට හඳුනාගෙන  ඔහුගේ බිරිඳට දන්වා  ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට රැගෙන ගොස් ඇතත් වෛද්‍යවරුන්  පරීක්ෂා කොට පවසා ඇත්තේ ඔහු මියගොස් ඇති බවයි.

 

 



අදහස් (1)

සිවිල් ඉංජිනේරුවරයා වහලයෙන් ඇද වැටී මරුට

සෙනෙවිරත්න Tuesday, 15 October 2024 11:17 AM

අද අහපු දෙවෙනි ඇදවැටීම්, අවිස්වාස සහගතව සහ නුපුරුදු ලෙස ඉහළ නැගීම අවදානම්.

:       0       10

ඔබේ අදහස් එවන්න

දියත

ආහාර ප්‍රතිපත්ති කමිටුව සංශෝධනය කරයි
2024 ඔක්තෝබර් මස 15 62 0

ආහාර ප්‍රතිපත්ති කමිටු නිලධරයන්ගේ සංයුතියේ සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ධීවරයන්ට සහන මල්ලක්
2024 ඔක්තෝබර් මස 15 241 0

ආර්ථික අර්බුදය හේතුවෙන් ධීවර කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම අවම කර, ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පාසල් ළමුන්ට මත්කරල් විකුණා පොලිසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 15 192 0

ළමුන් ඉලක්ක කර මත්කරල් අලෙවි කල පුද්ගලයන් දෙදෙනකු රුපියල් ලක්ෂ 36 පමණ වටිනාකමකින් යුත් මත්කරල් 24,000 ක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .


හම්බන්තොට දිසාපති තනතුරේ වෙනසක් කරයි
2024 ඔක්තෝබර් මස 15 734 0

හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් දිසාපති තනතුරට පත්කිරීමක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ආණ්ඩුවේ රස පරීක්ෂක පත් කරයි
2024 ඔක්තෝබර් මස 15 301 0

ආණ්ඩුවේ රස පරීක්ෂක තනතුර සඳහා පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගංජා සමඟ පොලිස් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 15 575 0

අනුරාධපුර කඩ 12 ප්‍රදේශයේදි කේරළ ගංජා සමග අනුරාධපුර කොට්ඨාශ බුද්ධි අංශයේ රාජකාරි කළ පොලිස් සැරයන් වරයෙකු සහ තවත් පුද්ගලයෙකු මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාර


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 448 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 461 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1441 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site