IMG-LOGO

2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා


සීසර්ලා ගිය වසරෙ වාහන 2000ක් උස්සලා


(සුජිත් හේවාජුලිගේ)

කල්බදු වාරික නොගෙවූ වාහන ඇතුළු දේපළ  දෙදහසක පමණ ප්‍රමාණයක් පසුගිය වසරේදී අත්පත් කරගෙන ඇති බව  සමස්ත ලංකා දේපළ අත්පත් කර ගැනීමේ වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් ප්‍රියන්ත ලියනගේ මහතා පැවසීය.

කල්බදු වාරික  සම්බන්ධ ජනතාවගේ  ගැටලුවලට හැකි සෑම අවස්ථාවකම  සහන ලබාදීමට සංගමයක් විදියට  ඉදිරිපත්  වන බව පැවසූ ලේකම්වරයා   කල්බදු වාරික අපහසුතාවයෙන් තොරව  ගෙවීමට හැකිවන පරිදි  වාහන ඇතුළු දේපළ මිලදී ගන්නා ලෙස  ජනතාවගෙන් ඉල්ලීමක්ද  කළේය.

කල්බදු වාරික නොගෙවූ වාහන ඇතුළු දේපළ  අත්පත් කරගැනීමට ගිය අවස්ථාවන්හිදී ඇතිවූ ගැටුම්වලින්  තම වෘත්තිකයන් කීපදෙනෙකු මරණයට පත්ව ඇති බවත් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවත්  හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ බොරැල්ල ඇන් ඇම් පෙරේරා ශාලාවේදී පැවැති  ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.



අදහස් (6)

සීසර්ලා ගිය වසරෙ වාහන 2000ක් උස්සලා

ගුණරත්න Monday, 10 February 2025 01:41 PM

මේ කාලකන්නි ආණ්ඩුව වාහන මිල ඉහල දැම්ම එකෙන් අහිංසක ව්‍යාපාරයක් කරගෙන ඉන්න මනුස්සයෙක්ට වාහනයක් ගන්න නැති වුනා. කෝටියක් විතර ලීසිං ගෙවන්න පොඩි බිස්නස් එකකින් ලැබෙන ආදායමෙන් පුලුවන්ද? සල්ලි වීසි කරන්න තියෙන උන් පාවිච්චි කරලා හම්පඩ වුනු වාහන අපි ගන්නෙත් පිටරටක සුපිරිම වාහනයක මිල ගෙවලා, එහෙම ගෙවලත් සැනසීමක් නැහැ හැමදාම කැඩෙන ගෙවිච්ච හුචක්කු නිසා. හැම අතින්ම තැලුනේ දුප්පතා, අරගල කරපු සමාජවාදියොන්ගේ ඊනියා ආණ්ඩුවකදීත් තැලෙන්නේ දුප්පතා. තොපෙත් ගිය ආණ්ඩුවේත් වෙනස මොකක්ද? රනිල් හිටියා නම් මීට වඩා හොඳයි.

:       20       9

මහජනයා Monday, 10 February 2025 01:56 PM

ඔහෙලා මරපු අය කොච්චරද කියලත් කිව්වනං. හරි සුදනො ටිකක්නෙ එකතු වෙලා ටෝක දෙන්නෙ.

:       4       21

Ajith Monday, 10 February 2025 03:31 PM

මෙම වාහන හිමියන්ට බරපතල හිංසන කරනවා බලහත්කාරයෙන්. මේ නින්දිත ක්‍රියාව රටෙන් තුරන් කල යුතුයි. වෙන රටවල මෙවැනි දේවල් සලකන්නේ අපරාධ හැටියට.

:       2       8

ඇරියස් Monday, 10 February 2025 06:04 PM

අපිට සල්ලි නැති නිසා තමයි ලීසීං දැම්මේ. අල්ලපු ගෙදර එකා ප්‍රියස් එකෙන් යනකොට අපේ ළමයි ඒවා බලලා දුක්වෙනවා. වැගන් ආර් එකක් පුලුවන් විදිහට ගෙවන්න අපිට ක්‍රමයක් හදාදෙන්න. මාසෙට 3000ක් වගේ ගෙවන්න පුළුවන් විදිහට උසාවියෙන් මේවා හදලා දෙන්න ඕනෑ.

:       4       0

WCA Monday, 10 February 2025 07:34 PM

ෆිනෑන්ස් දාලා වාහන ගත්තා නම් ඒවා ගෙවපල්ලා බොරුවට හැමදාම ඇවිල්ලා මීඩියා එකේ වැලලෙන්නේ නැතුව. ගෙවාගෙන යන්න බැරිනම් හොඳින් ගිහින් වාහනේ බාර දීපල්ලා...

:       0       4

රුවන් Monday, 10 February 2025 08:33 PM

ඇරියස් මහත්තයා මාරම කතා කියන්නේ. අල්ලපු ගෙදර එකා ෆෙරාරි එකක් ගත්තොත් අපි අඩුම ලැම්බෝගිනි එකක් හරි ගන්න ඕනෙ ලු. එකට රජය මැදිහත් වෙන්න ඕනේ ලු. මේවා ඇහුවොත් ඩොනල්ඩ් ට්‍රම්ප් කොහෙන් හිනා වෙයි ද? රජයක් වුනාම බලන්න ඕනේ ලංකාවේ 70% අමුද්‍රව්‍ය එක්ක වාහන නිෂ්පාදනය කරන වට පිටාවක්. එතකොට රජය බදු අඩු කරලා ඉතා අඩු මුදලට වාහන දෙන්න පුළුවන්. දැන් ගොඩක් රටවල මොටර් රථ නිෂ්පාදනය කරනවා. එදා උපාලිලාට රජය උදව් කරා නම් අද ලංකාවේ දුවන වාහන බහුතරයක් ලංකාවේ නිෂ්පාදනයන්. 2019 ජපානයෙන් ඩොලර් බිලියන 2ක් වාහන ආනයනය කරලා තියෙනවා

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

මෙක්සිකෝ බෙක්කේ නම වෙනස් වෙයි
2025 පෙබරවාරි මස 10 566 0

මෙක්සිකෝ බොක්ක ’’ඇමෙරිකා බොක්ක’’ ලෙස නිල වශයෙන් නම් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සඳහා වන විධායක නියෝගයට අත්සන් තබා ඇත.


වේරහැර රියදුරු බලපත්‍ර අංශයට නව කොමසාරිස්වරයෙක්
2025 පෙබරවාරි මස 10 352 0

අනූපම මංගල වික්‍රමාරච්චි මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වේරහැර රියදුරු බලපත්‍ර අංශයේ කොමසාරිස්වරයා ලෙස වැඩ ආරම්භ කළේය.


ආහාර කමිටුව රැස්වෙයි
2025 පෙබරවාරි මස 10 220 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාවේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම හා එම භාණ්ඩ මිල පාලනයක් සහිතව තබා ගත යුතු බව ආහාර ප්‍රතිපත්ති හා සු


කොටහේනේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 පෙබරවාරි මස 10 253 0

කොටහේන බෙනඩික් මාවතේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු අතරින් එක් පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකුත් තුවාල ලබා රෝහල් ගත


චමිඳු එක්දින සංචිතයෙන් ඉවත් කරයි
2025 පෙබරවාරි මස 10 1015 0

ඕස්ට්‍රේලියාවට එරහෙිව අනිද්දා (12) ආරම්භ වන තරග දෙකකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතයේ වේග පන්දු යවන


IMF විධායක අධ්‍යක්ෂ අග්‍රාමාත්‍ය හරිනි හමුවෙයි
2025 පෙබරවාරි මස 10 210 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍ර


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 80 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 119 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 879 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site