IMG-LOGO

2024 දෙසැම්බර් මස 25 වන බදාදා


සී.අයි.ඩීය ජනපති අරමුදලට රිංගයි

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති අරමුදලේ මුදල්  අවභාවිත වී ඇත්දැයි සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (24)  පරීක්ෂණයක් ආරම්භ කළේය.

මෙම පරීක්ෂණය  ආරම්භ කර ඇත්තේ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය  මහතාගේ නියෝගයක් අනුවය.

මේ අතර ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත කළ පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස මහජන අරමුදල් සුරැකීමේ නීතිඥවරු සංවිධානය
පොලිස් මූලස්ථානයට ඊයේ(24)  පැමිණිල්ලක් කළේය.

මූලික අරමුණු වලින් බැහැරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 36 දෙනෙකුට ජනාධිපති අරමුදලින් 2005 - 2024 කාල සීමාවේදී රුපියල් කෝටි ගණනින් මුදල්  දී ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඉකුත් 17 වැනිදා පැවසීය.

සමහහර මන්ත්‍රීවරුන් ජනාධිපති අරමුදලින් කෝටි දෙක තුන වශයෙන් ලබා ගෙන තිබීණ.

මේ සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ කේ බී මනතුංග මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා වී ඇත්දැයි සෙවීමට පරීක්ෂණයක් කරන්නැයි   පොලිස්පතිවරයා   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  නියෝග  කළ බවයි.



අදහස් (0)

සී.අයි.ඩීය ජනපති අරමුදලට රිංගයි

ඔබේ අදහස් එවන්න

දියත

වැල්ලව වෙඩි තැබීමක්
2024 දෙසැම්බර් මස 25 231 0

වැල්ලව, නිවාස සංකීර්ණයක කුලී පදනම මත සිටි යුවළකට නාඳුනන තුවක්කුකරුවෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලැබූ යුවළ රෝහල් ගත කිරීමෙන් අනතුරුව


නාවික සෙබළා රාජකාරි ගිනි අවිය සමඟ අතුරුදන්
2024 දෙසැම්බර් මස 25 372 0

ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරට අයත් භාණ්ඩ තොගයක් රැගෙන නාවික හමුදා ලොරි රථයකින් කොළඹට පැමිණෙමින් සිටි නාවික හමුදා සෙබළෙකු රාජකාරී ටි 56 ගිනි අවිය ස


අස්වැසුමට ජනපතිගෙන් නව ගැසට්ටුවක්
2024 දෙසැම්බර් මස 25 550 0

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලබන පවුල් හා පුද්ගලයන්ට 2025 ජනවාරි සිට ක්‍රියාත්මක වන පරිදි මාසිකව ප්‍රතිලාභ දීමනා ග


මත් ජාවාරම්කරුවකුගේ ප්‍රධාන ගෝලයෙක් මාට්ටු
2024 දෙසැම්බර් මස 25 294 0

මීගොඩ ,භීතියට පත් කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලුණු විදෙස් රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ගේ ප්‍රධානතම ගෝලයකු මත්ද්‍රව්‍ය සහ මත


වැසි රහිත කාලගුණයක්
2024 දෙසැම්බර් මස 25 73 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සැමට සාමය පෙන් වූ අසිරිමත් නත්තල උදාවේ
2024 දෙසැම්බර් මස 25 189 0

ලොව පුරා කිතුනු බැතිමතුන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන තවත් අසිරිමත් නත්තලක් ඊයේ (24 ) මධ්‍යම රාත්‍රීයෙන් උදාවිය.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 51 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 91 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 55 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site