IMG-LOGO

2024 දෙසැම්බර් මස 27 වන සිකුරාදා


සොරුන් නිසා ‍ජාතික රෝහලේ අනාරක්ෂිත තත්වයක්

(ඩයනා උදයංගනී)

රෝගීන් බැලීමට මෙන් කොළඹ ජාතික රෝහලට පැමිණෙන ඇතැමුන් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මුදල් පසුම්බි, ජංගම දුරකතන සහ රන් ආභරණ සොරාගෙනයාම හේතුවෙන් රෝහල තුළ දැඩි අනාරක්‍ෂිත තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.

රෝහල අවට සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස් මෙසේ පැමිණ රෝගීන් සතු දෑ සොරාගෙන යන බවට තොරතුරු ලැබී ඇති බවත්, ඇතැමුන් රෝහලේ සාත්තු සේවකයන් මෙන් සැරසී පැමිණ සොරකම් කරන බවත් එහි ප්‍රකාශකයෙක් පැවසීය.

දිනපතාම පාහේ මෙලෙස සොරකම් වාර්තා වන නිසා රෝහලේ දැනට පවතින පොලිස් මුරපොල වෙනුවට පොලිස් ඒකකයක් පිහිටුවන්නැයි ඉල්ලා රෝහල් බලධාරීන් ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානීන්ගෙන් ඉල්ලීම් කර ඇතත්, ඔවුන් මේ දිනවල පැවැත්වෙන උද්ඝෝෂණ නිසා රාජකාරී බහුල බව කියමින් ඔවුන් එය මගහරින බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ඒ හේතුවෙන් මහජන ආරක්‍ෂාව භාර ඇමතිවරයාගෙන් ද රෝහලේ ආරක්ෂාව තහවුරු කරදෙන මෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

රෝහල් ඇතැම් කනිෂ්ඨ සේවකයන් ද මෙම සොරකම් සඳහා සහය දක්වන බවට තොරතුරු ලැබී ඇති බවත්, මෙම සිද්ධීන් සම්බන්ධයෙන් මරදාන පොලිස් ස්ථානයට දිගින් දිගටම පැමිණිලි කළත් තවමත් ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බව ද හෙතෙම පැවසීය.

මේ වන විට රෝහල් සේවකයන් විසින් සොරකමේ පැමිණි කිහිපදෙනකු අල්ලා පොලීසියට භාර දී තිබෙන බව ද එම ප්‍රකාශකයා කීය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කේ. වික්‍රමසිංහ මහතා පැවසුවේ රෝහලේ වාට්ටුවල ප්‍රතිකාර ලබන රෝගීන් සතු දෑ සොරාගෙනයාමේ සිදුවීම් විටින් විට වාර්තා වන බවත්, එම සියලු සිද්ධීන් සම්බන්ධයෙන් මරදාන පොලීසියට පැමිණිලි කිරීමට පියවර ගෙන ඇති බවත්ය.

ඇතැම් අවස්ථාවල පොලිස් නිලධාරීන් පැමිණ තොරතුරු සටහන් කරගෙන ගොස් ඇතැයි ද ඔහු සඳහන් කළේය.

සොරකම් කරන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ද නැතහොත් වෙනත් සංවිධානාත්මක කණ්ඩායමක් ද යන්න තමන් නොදන්නා බව ද අධ්‍යක්‍ෂවරයා කීවේය.



අදහස් (0)

සොරුන් නිසා ‍ජාතික රෝහලේ අනාරක්ෂිත තත්වයක්

ඔබේ අදහස් එවන්න

දියත

ඡන්දෙට එනවනම් විභාග සහතික අනිවාර්යයි?
2024 දෙසැම්බර් මස 27 7 0

මැතිවරණ වලට තරග කිරීමට පෙර අපේක්ෂකයන් අධ්‍යාපන හෝ වෙනත් සුදුසුකම් සම්බන්ධයෙන් දත්ත පත්‍රිකාවක් මැතිවරණ කොමිෂන් සභාවට ලබාදීම අනිවාර්ය කිරීමේ ක්‍රම


ජනපති රටපුරා ආරක්ෂක හමුදාව කැඳවයි
2024 දෙසැම්බර් මස 27 378 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් ක


පළාත් රැසකට අද වැස්ස
2024 දෙසැම්බර් මස 27 67 0

උතුරු, උතුරු - මැද නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කීපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි


වාහන පරීක්ෂාවට ගිය පී.සී. ලොරියට යටවී මරුට
2024 දෙසැම්බර් මස 27 286 0

හබරණ ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව මංසන්ධියේ වාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් සැරයන්වරයකු වාහනයක ගැටී මරුමුවට පත් වී පොලිස් කොස්තාපල්වර


ඉන්දියාවේ හිටපු අගමැති මං මෝහන් සිං අභාවප්‍රාප්ත වේ
2024 දෙසැම්බර් මස 27 1343 0

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ මන්මෝහන් සිං මහතා නවදිල්ලි රෝහලට ප්‍රතිකාර ලබමින් සිටියදි අද (26) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්


මින්නේරියේදී වාහනයක පිළිස්සුණු අයගේ තොරතුරු ටිකක් හමුවේ
2024 දෙසැම්බර් මස 27 2715 0

පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ බටුඔය ප්‍රදේශයේදී ගිනිගත් කැබ් රථයේ තිබී පිළිස්සිී මියගොස් ඇත්තේ ගම්පහ දෙකටන ප්‍රදේශයේ පදිංචි අවුරුදු හැටහතරක් වය


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 135 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 118 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 85 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site