(මහේෂ් කීර්තිරත්න)
කොවිඩ්-19 වසංගත අවදානම් තත්වය හමුවේ මෙවර සාමාන්‍යපෙළ විභාග රාජකාරිවල නිරත වන 46,000ක් පමණ ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුලු අනෙකුත් කාර්ය මණ්ඩල සඳහා එන්නත ලබාදීමට වහා මැදිහත් වන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රමුඛ බලධාරින්ගෙන් ඉල්ලා සිටින බව ලංකා ගුරු සේවා සංගමයේ මධ්‍යම පළාත් ලේකම් ගමගෙදර දිසානායක මහතා අද (24)දා පැවසීය.
මාතලේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම කියාසිටියේ දිවයිනේ මධ්‍යස්ථාන 4513 කදි ලබන මාසයේ 01 දින සිට ආරම්භ කිරීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයේ රාජකාරි සඳහා නිරත වන නිලධාරින්ට කොවිඩ් එන්නත ලබා දිය යුතු බවය.
“රට තුළ මෙම වසංගත තත්වය ආරම්භයත් සමග 430,000ක් වන දරුවන් හා 300,000ක් වන ගුරුවරුන්, විදුහල්පතිවරුන් හා අනෙකුත් කාර්ය මණ්ඩලවල ආරක්ෂාව හා අවදානම පළිබදව දැඩි අවධානය යොමු කරමින් පාසල් වසා දැමීමට තීරණය කළා. නමුත් දිනපකා මරණ වාර්තාවීමත් රෝගීන් වාර්තා වීමත් තුළ සිසුන් 600,000කට වැඩි පිරිසක් එකවර පෙනීසිටින මෙම විභාගයේදි ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධව අධ්‍යාපන බලධාරින් අවධානය යොමුනොකිරීම කනගාටුවට කරුණක්” බවද දිසානායක මහතා කීය.
කොවිඩ්-19 වසංගත තත්වය හමුවේ ජාතික එන්නත් කිරීමේ වැඩපිළිවෙළෙහි අවශ්‍යතාවය දැඩිව අවධාරණය කරන බවත්, මේ මොහොතේ ප්‍රමුඛව හා කඩිනම් වැඩපිළිවෙළක් ලෙස විභාග රාජකාරි සඳහා නිරතවීමට නියමිතව සිටින ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ඇතුලු අනෙකුත් කාර්ය මණ්ඩල එන්නත් කිරීමට මේ දින කිහිපයේදි හෝ පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවද දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සා.පෙළ විභාග රාජකාරි යන ගුරුවරු කොවිඩ් එන්නත ඉල්ලති
අ පො ස සිස්‍රවා Wednesday, 24 February 2021 02:10 PM
එතකොට විභාග අපේක්ෂකයෝ ?
fairoosWednesday, 24 February 2021 02:41 PM
මේක ගහන්නේ වයස 18න් ඉහළ අයට...