(දයාරත්න ඇඹෝගම)
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන් පිරිසකට ප්‍රශ්න පත්‍ර සදහා පිලිතුරු ලිවිමට ආධාර උපකාර කළ බව කියන පාසල් ගුරුවරයෙකු විභාග නිරීක්ෂණ රාජකාරියෙන් ඉවත් කළ බව උතුරු මැද සහකාර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක (විභාග) එස්.ආර්.ප්‍රියංකර මහතා අද (01) පැවසිය.
මෙසේ විභාග රාජකාරියෙන් ඉවත් කරන ලද්දේ අනුරාධපුර,කරුක්කංකුලම විජයබා විදුහලේ විභාග නිරික්ෂණ රාජකාරියේ නිරතව සිටි පාසල් ගුරුවරයෙකි.
මෙම පාසල් ගුරුවරයා එම ප්‍රදේශයේ උපකාරක පංති පවත්වා ගෙන යන ගුරුවරයෙකි.
ඔහු සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින තම උපකාරක පංතියට පැමිණෙන සිසුන් පිරිසකට පිළිතුරු ලිවිම සදහා ආධාර උපකාර කරන බවට දෙමාපියන් විසින් අධ්‍යාපන බලධාරින්ට සිදුකළ පැමිණිල්ලක් මත විභාග රාජකාරි වලින් ඉවත් කළ බව විභාග අධ්‍යක්ෂකවරයා මෙහිදි පැවසිය.
පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටා
මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ
ශ්රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සා.පෙ. උත්තර කියාදුන් ගුරුවරයා රාජකාරියෙන් ඉවතට
Bunny Preena Thursday, 01 June 2023 02:39 PM
ගුරැවරයෙකුට ඔබින නැති වැඩක් තමයි කරල තියෙන්නෙ.
පැරකුම් Thursday, 01 June 2023 03:19 PM
එදා මෙන් නොව ගුරුකමත් දැන් මහාපරිමාණ මුදල් ගරන ව්‍යාපාරයක් වී හමාරයි...
මට්ට තට්ටෙයා Thursday, 01 June 2023 03:51 PM
විභාග රාජකාරි වලින් ඉවත්කලාම ඇද්ද මිනිහා ගුරුසේවයට මෙන්ම සමස්ථ රාජ්‍ය සේවයට කලේ වරදක් ඒකට විනයානුකූලව කටයුතු කරන්න කියලා මතක්කරන්නත් ඕනද
අස්ජාන්Thursday, 01 June 2023 10:01 PM
ඔච්චර නපුරු වෙන්න එපා...
අසාධාරණ Thursday, 01 June 2023 04:48 PM
තමන්ගේ අධ්‍යාපන කඩයට පැමිණෙන ගනුදෙනු කරුවන් වන සිසුන්ට තමාගේ තනතුර උපයෝගී කරගෙන පුද්ගලික කටයුතු සඳහා රාජකාරිය යොදාගෙන බව පැහැදිලියි. පැමිණිලි කළ දෙමාපියනි, ඔහුට විරුද්ධව මූලික විමර්ශනයක් කරන්න කියා ඉල්ලන්න ඔහු කරලා තියෙන්නේ ඔබලාගේ දරුවන්ට බලවත්ම අගතියක් කියලා තේරෙනවා නේද?
K.m .s.c.Herath Friday, 02 June 2023 01:57 AM
හරි හරි.. ඒ ගුරුවරයාගේ දේශපාලන පසුබිම බලලා සුදුසු දඞුවමක් දෙමු. එතෙක් නිශ්ශබ්ද වෙමු. සමහර විට අපේ පොරක් ද දන්නේ නැහැනේ...
Gurusinghe Nihal Friday, 02 June 2023 08:17 AM
පැමිණිල්ලක් විතරයි. විභාග කරලා හරිනම් විතරයි දඩුවම් කරන්න ඕනේ.
කැලුම් රූපරත්න Friday, 02 June 2023 08:33 AM
සිසුන්ට නිදහසේ ඔවුන්ගේ දැනුම යොදාගන්නට ඉඩ දිය යුතුයි. එයට ආධාර් කිරීම අදාළ නොවන ක්‍රියාවක්.
damayanthi Saturday, 03 June 2023 10:14 AM
නිසි පරික්ෂණයක් අවශ්‍ය යි.. සමහර විට පිලිතුරු ලියා ගත නොහැකි වු දරුවන් තම දෙමාපියන් ගේ බැණූම් වලින් වැලකෙන්න මෙවැනි අසත්‍ය චෝදනා ගෙන එන්නත් පුලුවනි.
අතුල Saturday, 03 June 2023 10:37 AM
ඒ අහිංසක දුප්පත් ගොවීන්ගේ ළමයි හද අල්ලන්න යන් නැහැ
sampath Saturday, 03 June 2023 02:31 PM
ටියුෂන් ගුරුවරුන් විභාග රාජකාරිවලට යොදානොගත යුතුයි මින් ඉදිරියටවත්...
Silva Friday, 09 June 2023 03:44 AM
නියමයි...