IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


හංවැල්ල ඝාතනයේ වෙඩික්කරු මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට  ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළන්ගොඩ ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අද  (7) අත්අඩංගුවට ගත් බව  බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

ඝාතනයට ලක් වූ වජිර නිශාන්ත නැමැති 55 හැවිරිදි  කෝටිපති ව්‍යාපාරිකයාගෙන් විදේශගතව සැඟව සිටින මහා පරිමාණ ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කන්නංගරගේ ලලිත් කන්නංගර නැමැත්තා  කප්පම් ලෙස බලෙන් මුදල් ඉල්ලා ලබා  නොදීම සම්බන්ධයෙන් උරණව ඔහුගේ ගෝලයකුව වන මෙම සැකකරු ලවා ඝාතනය සිදුකර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

වෙඩික්කරු සම්බන්ධයෙන් ලබා ගත් තොරතුරු රැසක් ඔස්සේ දින කීපයක් තුළදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඉකුත්  30 වෙනි දින කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවස අසලට යතුරුපැදියකින් බැස පා ගමනින් පැමිණ ඊට යාබදව තිබෙන කැලෑවක් සහිත ඉඩමේ සැඟව සිට ව්‍යාපාරිකයා ආලින්දයට පැමිණ පුටුවේ වාඩි වී සිටියදී නිවසට දකුණු පසින් තිබෙන අඩි හතක පමණ උස තාප්පයෙන් වත්තට පැන ව්‍යාපාරිකයාට වෙඩි තබා ඔහු පැළඳ සිටි පවුම් පහක පමණ රන්මාලයද කොල්ලකා පා ගමනින්ම පලා ගිය බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී  අනාවරණය වී යැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් 31 හැවිරිදි  යුද හමුදාවේ විශේෂ බලකායේ හිටපු මෙම සෙබළා හංවැල්ල දීද්දෙනිය ස්ථීර පදිංචිකරුවකු බවත්   අපරාධ සිදුකිරීමෙන් අනතුරුව විවාහක බිරිඳගේ ගම් ප්‍රදේශයට ගොස්  සැඟව සිටීම පුරුද්දක් කරගෙන තිබූ බව පොලිසිය කියයි.

 



අදහස් (0)

හංවැල්ල ඝාතනයේ වෙඩික්කරු මාට්ටු

ඔබේ අදහස් එවන්න

දියත

දිස්ත්‍රික්ක හතරකට අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 07 98 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


පාසල් සිසු ප්‍රවාහනය මුවාවෙන් කුඩු බෙදලා
2024 ඔක්තෝබර් මස 07 55 0

ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9


’’රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 603 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍


ආසියා සංවර්ධන බැංකුව දිගටම අත දෙන්න එකඟ වෙයි
2024 ඔක්තෝබර් මස 07 356 1

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.


’’අනුර - රනිල් ගිය පාරේ යනවා නම් අපි විරුද්ධ නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1794 7

රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන


පැමිණිල්ලට ගිය සැරයන් ගෙට දමා හිරිහැර කළ තාත්තයි දුවයි සොයයි
2024 ඔක්තෝබර් මස 07 682 0

රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39290 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25629 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1110 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site