( නිමන්ති රණසිංහ සහ සුජිත් හේවාජූලිගේ )
බණ්ඩාරගම හුංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් තිදෙනකු විදුහලෙන් පිටතට රැගෙන ගොස් පහරදී විදුලිය( කරන්ට්) වැදීමට සලස්වන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එම විදුහලේ විදුහල්පතිනිය, නියෝජ්‍ය විදුහල්පතිවරිය සහ පොලිස් නිලධාරීහු තිදෙනෙක් ජාතික ළමාරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය විසින් ඊයේ(8) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙම පස් දෙනා අධිකාරියෙන් කෙරුණු දැනුම්දීමක් අනුව ඒ ආයතනය හමුවේ ඊයේ (8) පෙරවරුවේ පෙනී සිටියහ. එහිදීඔවුන්ගෙන් පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව මෙලෙස අත්අඩංගුවට ගැනුණු බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතා පැවසීය.
පස්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විදුහල්පතිනිය සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු
ලබන 16 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
නියෝජ්‍ය විදුහල්පතිවරිය සහ පොලිස් ජිප් රථයේ රියදුරු( පොලිස් කොස්තාපල්) ඇප මත මුදා හැරුණු බවද අධිකාරිය සඳහන් කරයි.
දරුවන්ට පහරදීම සිදුකර ඇතැයි පැවසෙන්නේ පසුගිය 2 වැනිදා බදාදාය.
ගුරුවරියකගේ මුදල් පසුම්බියක් නැතිවී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විදුහලේ පස්වැනි වසරේ දරුවන් දොළොස් දෙනෙකු එහි පුස්තකාල කාමරයට දමා පහරදීමෙන් පසු විදුහල්පතිනියගේ දැණුම් දීම මත පැමිණි මිල්ලනිය පොලිසියේ පොලිස් නිලධාරීන් තිදෙනකු විසින් ඉන් දරුවන් තිදෙනකු පොලිස් ජීප් රථයක නංවාගෙන කිසියම් ස්ථානයකට රැගෙන ගොස් පහරදී විදුලිය වැදීමට සලස්වනු ලැබ තිබිණැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය කළ මූලික පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවිය.
සිද්ධියෙන් තුවාල ලැබූ දරුවෝ තිදෙනෙක් පසුව රෝහල් ගත කරනු ලැබූහ.
සිද්ධිය පිළිබඳව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ඡ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතාගේ උපදෙස් මත එහි විශේෂ විමර්ශන නිලධාරීහු කණ්ඩායමක්ද අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු කණ්ඩායමක්ද
පරීක්ෂණ පවත්වති.
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහත
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හුංගමුව විදුහලේ සිද්ධියට විදුහල්පති පොලිසියේ දෙකක් රිමාන්ඩ්
අප්පුහාමි Tuesday, 08 November 2022 08:28 PM
මෙහෙම දෙයක් වෙන්නෙ මුදල් පසුම්බිය හිමි ගුරුවරියගේ අනවධානය නොසැලකිල්ල හා අකාර්යක්ෂමතාවය නිසා කියලා කියන්න පුළුවන් .දෙවනුව ලංකාවේ පළාත් සභා ඇතිවීමෙන් පසුව උසස්වීමේ තනතුරු සදහා නව තනතුරු සදහා අවශ්‍ය පුහුණුවක් රාජකාරි භාර ගැනීමට පෙර නොදීම කරනවා. ඉතින් සමහර පාසැල්වල විදුහල්පති මාරුවීමක් හෝ විශ්‍රාම ගියාම කරන්නෙ පාසැලේ වැඩිම කලක් හිටපු කෙනෙකුට විදුහල්පති තනතුර දීලා යනවා සුදුසුකම් තියෙන කෙනකු හිටියත් අදාල පාසැලේ සේවාකාලය අඩුනම් දෙන්නෙ නැහැ මේ විදුහල්පතිවරියත් පාලන කටයුතු කිසිවක් නොදන්නා කෙනෙක් කියන්න පුළුවන්. නැත්නම් දේශපාලන හිතවතියක් වෙන්න පුළුවන්. ඒකනේ පොලිසිය කැදෙව්වේ. මම කියන්නෙ මේවාට පැවති හා පවතින රජයන් සම්පූර්ණයෙන්ම වැරදියි. රාජ්‍ය සේවයේ යෙදවීමට අමතරව සෑම කෙනෙක්ම අධ්‍යාපන සුදුසුකම් වලට අමතරව අවශ්‍ය දැනුම කුසලතා හා ආකල්ප වර්ධනය සදහා වරින්වර පුහුණුව දියයුතුය. 1987 වසරින් පසුව අවශ්‍ය පුහුණුවීම් නොදෙන තත්වයක් තියෙනවා. මේ අතර සේවකයින් කියාවි අපි උපාධිධාරීන් අපිට පුහුණුවක් අවශ්‍ය නැහැ කියලා. මෙහිදී එහෙමත් වෙන්න පුළුවන්.
ravin Tuesday, 08 November 2022 08:39 PM
මේ වගේ කට්ටියට දෙන්න ඕනි ඒගොල්ලන්ගේ ළමයින්ට ඒගොල්ලෝ විසින්ම අර පොඩි තුන්දෙනාට දුන්න දසවද දෙන්න කියන එක. එතකොට මහලුවෙනකොට තමන්ගේ ළමයින් විසින් අතිඋත්කෘෂ්ට විදියට සලකාවි.
Rexi Tuesday, 08 November 2022 09:55 PM
බොහෝම ස්තූතියි මේක පිළිබඳව ක්‍රියාත්මක වුණ කට්ටියට.
Sunil Wednesday, 09 November 2022 04:15 AM
මෙ අවස්තාවෙඩිවත් නීතිය යම්තරමක් දුරට ක්‍රියත්මක වන බවක් පෙනෙනව. මෙ කටයුතු නොකඩවා සිදු කර වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබාදිය යුතුයි. මෙ සිද්දියෙන් අගතියට පත් දරුවන්ට සිදුවූ ශාරිරික සහ මානසික බලපෑම ඔවුන්ගෙ ජීවිත කාලය පුරාම පවතියි.
Sk Wednesday, 09 November 2022 05:25 AM
පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා මොනවා කියාවිද දන්නේ නැහැ.
fairoosWednesday, 09 November 2022 12:02 PM
මොනව කියන්නද මේක සුළු සිද්ධියක් කියයි