IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


හිඟුරාන සීනි ඉතිහාසය වෙනස් කරයි

(වසන්ත චන්ද්‍රපාල)

ගල්ඔය වැවිලි සමාගම විසින් පවත්වා ගෙන යනු ලබන හිගුරාන සීනි කර්මාන්ත ශාලාව මෙවර කෙටි ඇඹරුම් වාරයේදී හිගුරාන සීනි ඉතිහාසය වෙනස් කරමින් උක් ටොන් 1,11,272 ක්  අඹරා තිබේ.

හිගුරාන සීනි සමාගම ආරම්භ කර වසර හැටකට වැඩි කාලයක් ගතවී ඇති අතර  කෙටි ඇඹරුම් වාරයක දී උක් ගස් වැඩි ම ප්‍රමාණයක් ඇඹරූ ප්‍රථම අවස්ථාව මෙය බව ගල්ඔය වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරාත් පෙරේරා මහතා පැවැසීය.

මීට පෙර හිගුරාන සීනි කර්මාන්තශාලාවේ කෙටි ඇඹරුම් වාරයක දී අඹරා ඇත්තේ උක් ටොන් 95,000 ක් බව ද සදහන් ක‍‍ළේය.

දැනට ගල්ඔය වැවිලි සමාගම යටතේ උක් ගොවීන් 10,000 ක් පමණ සම්බන්ධ වී ඇති බව ගල්ඔය වැවිලි සමාගමේ කෘෂිකර්ම දෙපාර්මේන්තු ප්‍රධානි තුෂාර සමන් කුමාර මහතා පැවැසීය.

ගොවීන්ට අවශ්‍ය මූලික පහසුකම් ගල්ඔය වැවිලි සමාගමෙන් ලබාදෙන අතර හිගුරාන ඉතිහාසයේ පළමු වරට උක් ගොවීන්ට බෝනස් ලබාදීමට කටයුතු කළ බව ද සදහන් කළේය.

මෙවර කෙටි ඇඹරුම් වාරයේ දී සිනි මෙට්‍රික් ටොන් 6958 ක් නිෂ්පාදනය කළ බව  නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (කර්මාන්ත) සමන්ත කුමාර මහතා පැවැසීය.

 



අදහස් (5)

හිඟුරාන සීනි ඉතිහාසය වෙනස් කරයි

chandima Thursday, 04 April 2024 05:30 AM

ඒකත් දැන් රනිල්ගේ ධූර දර්ශී මග පෙන්වීම යටතේ උනා කියලද කියන්නේ ?

:       13       21

Nandalal DE SILVA - FranceThursday, 04 April 2024 04:12 PM

නටුව? රනිල් වික්‍රමසිංහ කියන්නේ දුර බලලා වැඩකරන නායකයෙක් බව පිළිගන්න අකැමැති රැළක් තවමත් මේ රටේ ඉන්නවා. ඒ අයට අබ සරණයි...!

:       4       3

Bunny Preena Thursday, 04 April 2024 09:26 AM

අවංකව සොරකම් සහ වංචනික වැඩ නොකරන පක්ෂයක් සහ සේවකයින් ඉන්නා ආයතනයක් කවදාවක්වත් කඩා වැටෙන්නේ නැහැ

:       3       34

පිටරටවැසියා Thursday, 04 April 2024 05:47 PM

බැරිද දියවන්නාවේ ඉන්න කාලකන්ණි 226ත් ඔය ඇඹරුම් වාරයක දී අඹරලාම දාන්න. රටට සහ සියලු ජාතීන්ට කරන මහඟු සෙතක්...

:       0       7

Sunil Monday, 08 April 2024 10:07 AM

2024 ඇඹරුම් වාරයේදී හිඟුරාණ සීනි කම්හල මගින් උක් ටොන් 11l,272 අඹරා නිපදවා ඇත්තේ සීනි ටොන් 6958 ක් බැවින් මෙවරද සීනි නිස්සාරන ප්රතිශතය 06.25% ක් බව පෙනේ.ඇත්තටම මෙය සීනි කර්මාන්තයක පැවතිය හැකි ඉතාම අඩු අගයක් ! ( දේශීය සීනි කර්මාන්තය මගින් වසර 2020 ට කලින් වාර්තා වු 08.0% කට ඉහලින් පැවති සීනී නිස්සාරණ ප්රතිශතය දිගින් දිගටම අඩුවීම ඇත්තටම කණගාටුවට කාරණයක්. මේ ගැන කඩිනමින් සොයාබලා සුදුසු පිලියම් යෙදීම ඉතා වැදගත්. මන්ද දේශීය සීනි නිශ්පාදනය වියදම් වැඩි වීමට මේ පහල මට්ටමක පවතින සීනි නිස්සාරණ ප්රතිශතය සෘජුවම බල පාන නිසා .

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 237 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 105 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 157 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 175 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 159 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 67 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38363 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25285 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 867 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site