IMG-LOGO

2025 අප්‍රේල් මස 09 වන බදාදා


හිජාස් හිස්බුල්ලාගේ පෙත්සම 22 දා වැඩිදුර සළකා බලයි

( තිළිණි ද සිල්වා )

 

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත්, ඔහුව මුදා හරින නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 22 වැනිදා වැඩිදුර සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නියම කළේය.

 

මෙම පෙත්සම එල්.ටී.බී.දෙහිදෙණිය, ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණී අමරසේකර යන මහත්වරුන්ගෙන් යුතු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ අද සළකා බැලූ අතර එහිදී සළකා බැලීම එදිනට දින නියම කෙරිණි.

 

නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා වෙනුවෙන් නීතීඥ ගෞරී සංගරී තවරාසා මහත්මිය ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, එහි ස්ථානාධිපති, නීතිපති ඇතුළු 6 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

 

සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන ලෙසත්, නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා බැලීමට ඔහුගේ පවුලේ ඥාතීන්ට හා නීතීඥවරයකුට අවසර ලබා දෙන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ද මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත.

 

ගොනු කළ පෙත්සමේ මෙසේද සදහන් වේ.

 

පසුගිය අප්‍රේල් 14 වන දා රහස් පොලිසිය විසින් නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගනු ලැබීය. එම අත්අඩංගුවට ගැනීමට හේතු කිසිවක් ඉරිදිපත් නොකර තිබිණි.

 

නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගත් දිනට පසුදා එනම් අප්‍රේල් 15 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පාස්කු දින එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට තම සේවාදායකයා අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ කර තිබිණි.

 

ඊට අමතරව එහිදී මාධ්‍යවේදියකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ නීතිපති උපදෙස් නොමැතිව මේ සිද්ධිය සම්බන්ධයෙන් නීතීඥ හිස්බුල්ලා මහතා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

 

පෙත්සම්කරුව බැලීමට නීතීඥවරයකුට අවසර ලබා නොදෙන අතරම එසේම එම නීතීඥවරයා මෙතෙක් කිසිදු මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කර නැත. තවද පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන රදවා තබා ගැනීමට කිසිදු හේතුවක් නොමැත. ජනාධිපතිවරයා නොමඟ යවමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ක්‍රියාව සිදු කර ඇත. එබැවින් නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගැනීමට නීතියට පටහැනි වේ.

 

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ යැයි කියන ප්‍රකට කුළුබඩු ව්‍යාපාරිකයෙකු වන මොහොමඞ් යූසුෆ් ඊබ්‍රාහිම් නැමැත්තාගේ සිවිල් නඩු දෙකකට නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා පෙනී සිට ඇත. එම නඩු කොළඹ දිසා අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.

 

නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා ”සේව් ද පර්ල් ” නැමැති භාරයේ භාරකරු වේ. මෙම සංවිධානය මෙරට මුස්ලිම් ප්‍රජාව පිළිගත් බොහෝ දෙනෙකු මෙම භාරයේ සාමාජිකයන් වෙති. සේව් ද පර්ල් භාරයෙන් ආධාර ලබන ළමුන් පිරිසකටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් හිරිහැර හා තර්ජන සිදු කර ඇති බවද දැනගන්නට තිබේ.

 

ඔහු නීතියට පටහැනි කිසිවක් කර නොමැත එසේම නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සද්භාවයෙන් තමන් දන්නා සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර ඇත.ඔහු හිටපු අමාත්‍ය රිෂාද් බදුද්දීන් මහතාගේ නීතීඥවරයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ අයෙකි.එසේම ප්‍රකට සිවිල් හා දේශපාලන ක්‍රියාකාරකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයෙකි.

 

එම අත්අඩංගුවට ගැනීම තුළින් නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාගේ මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් , මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබේ. තවද රදවා සිටින නීතීඥවරයා හමුවීමට ඔහුගේ පවුලේ ඥාතීන්ට හා නීතීඥවරයාට අවසර ලබා දෙන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සමින් ඉල්ලා තිබිණි.

 

එමෙන්ම අත්අඩංගුවේ පසුවන එම නීතිඥවරයා මහේස්ත්‍රාත්වරයෙකු සහ ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවට වහාම ඉදිරිපත් කරන ලෙසට අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් ,ඔහුව මුදා හැරීමේ නියෝගයක් නිකුත් කර ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කර ඔහුට සුදුසු වන්දි මුදලක් ලබා දෙන්නැයි පෙත්සම්කාර නීතිඥවරිය සිය පෙත්සමෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත වැඩිදුරටත් ඉල්ලා තිබේ.

 

පෙත්සම්කාර නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාපා, නීතීඥ හෆීල් ෆාරිස් යන මහත්වරුන්ද , නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ යන මහත්වරුන් පෙනී සිටියහ.

 



අදහස් (0)

හිජාස් හිස්බුල්ලාගේ පෙත්සම 22 දා වැඩිදුර සළකා බලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ප්‍රසන්නට - මිල්රෝයිට වරෙන්තු:මර්වින් යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 09 149 0

රජයට පවරා ගෙන තිබු කිරිබත්ගොඩ නගරයේ ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත ක


කෝසලගේ පුටුවට මැකෝ සමන්ත නම් කරයි
2025 අප්‍රේල් මස 09 104 0

ජාතික ජන බලවේගයේ කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී කෝසල නුවන් ජයවිර මහතා හදිසියේ අභාවප්‍රාප්ත වීමෙන් පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධූරය සඳහා සමන්ත රණසිංහ මහතා


රැකියා ගුවන් ටිකට් පතිනුත් වංචාවක්?
2025 අප්‍රේල් මස 09 2 0

විදේශ රැකියා ඒජන්සිය මාර්ගයෙන් විදේශ රැකියාවලට යන ශ්‍රමිකයන්ට ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේදී යම් නිලධාරියකු හෝ පුද්ගලයකු වංචනික අන්දමින් කටයුතු කර


වැලිකඩ පොලිසියේදී මියගිය නිමේෂ්ගේ සිරු ගොඩ ගන්නැයි නියෝගයක්
2025 අප්‍රේල් මස 09 285 1

වැලිකඩ පොලිසිය බාරයේ සිටියදි මරණයට පත් වුයේ යැයි කියන සත්සර නිමේෂ් ගේ දේහය යළි ගොඩගෙන ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලයකින් සමන්විත විශේෂ කමිටුවකින් පශ්චාත


ගතවූ පැය 24ට මැතිවරණ පැමිණිලි 13ක්
2025 අප්‍රේල් මස 09 44 0

පළාත් පාලන මැතිවරණයට අදාලව ඊයේ (8) දා සිට අද (9) දා දක්වා ගත වූ පැය 24ට මැතිවරණ පැමිණි 13 ක් වාර්තා වන බව පොලිස් මූලස්ථානය පවසයි.


ගාලු කොටුවේ කොටසක් ගිලා බැහැලා
2025 අප්‍රේල් මස 09 402 0

ගාලු කොටුවේ රෑම්පාට් විදියේ කොටසක් ගිලා බැසිමට පටන්ගෙන ඇතැයි ගාලු උරුමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 801 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 620 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1067 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site