IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


හැටෙන් යැවීම ස්ථිරයි

(සුජිත් හේවාජුලිගේ )

මේ මස 31 වෙනිදා වයස 60 සම්පූර්ණ වන රජයේ නිලධාරීන් කිසිවකුටත්  සේවා දීර්ඝ ලබා නොදීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රධාන එහි ප්‍රධානීන් දැඩි ස්ථාවරයක සිටින බව වාර්තා වේ.

මේ වසරේ දෙසැම්බර් මස 31 වැනි දා වයස 60 සම්පූර්ණ වන පාර්ලිමේන්තුවේ නිලධාරීහු 27 දෙනෙක් සේවා දීර්ඝයක් ලබා ගැනීමට මේ දිනවල ලොකු පරිශ්‍රමයක යෙදී සිටිති. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු පැවසුවේ  සීමිත පිරිසකට සේවා දීර්ඝයක් ලබා දුනහොත්  මුළු රාජ්‍ය සේවයම අවුලෙන් අවුලට යෑම වැළැක්විය නොහැකි බවයි.

එම නිසා සීමිත පිරිසකට කිසිසේත්ම සේවා දීර්ඝ ලබාදිය නොහැකි බවද  ඔහු සඳහන් කළේය.



අදහස් (29)

හැටෙන් යැවීම ස්ථිරයි

Sunil Saturday, 03 December 2022 10:17 AM

කපුටාගේ අවසන් අයවැයෙන් විශ්‍රාම ගැන්වීමේ වයස වසර 65 කළා... ඒ තීන්දුවට සිදුවූයේ කුමක්ද?

:       5       26

මරිසිපාල Saturday, 03 December 2022 11:46 AM

අයවැය සම්මත වුණාට විශ්‍රාම වැටුප් පනත සංශෝධනයක් කළේ නැහැ. ඒක නිසා ඒක වලංගු වෙන්න බැහැ. ඉතින් වයස 65 ක් දක්වා සේවයේ යෙදීමට කාටවත් හැකියාවක් නැහැ කියලා හිතෙනවා. උදාහරණයක් ලෙසට පාර්ලිමේන්තුවේ අයවැය දෙවැනි වර සම්මත වුණා. ඉතින් එම යෝජනා සම්මත වුණා නම් මොණරාගල ප්‍රදේශයේ කංසා වගා විනාශ කරන්න බැහැ නේද? එහෙම වෙන්නෙ පනතක් නැති නිසා නේද?

:       3       16

කොතලාවලSaturday, 03 December 2022 09:19 PM

අර විශ්වවිද්‍යාලයක උපකුලපති කරපු පරණ හමුදාවෙ හිටපු කෙනෙක්ගෙ දර යන්නෙනැතිව ඉන්න මාර ගේමක් දෙනවලු... කරපු හොරවැඩ අහුවෙනවට බයේ...

:       0       5

Chinthaka Saturday, 03 December 2022 10:43 AM

60 න් නෙමේ, පුළුවන් නම් මෙයාලාව 45න් යවන්න... රජයේ ආයතනයකට ගියහම අපි දන්නවානේ මුන්දැලාගෙන් වැඩක් ගන්න තියෙන අමාරුව... අඩුම ගානේ දුරකථන ඇමතුමකට උත්තරයක් දෙනවාද?

:       8       78

අහිංසක Saturday, 03 December 2022 02:49 PM

චින්තක මහතාගේ අදහස හරි... මේ ළගදී කොළඹ 10 ප්‍රදේශයේ කාර්‍යාලයකින් දුරකථන ඇමතුමක් ආවා.. මමත් රජයේ සේවයේ සිටි නිසා එම විෂය ගැන හොඳින්ම දන්න කෙනෙක්... ඒත් මම කියපු දේ මට කතාකළ කාන්තාව පිළිගන්නේ නැහැ.. මම කියපුදේ ඔවුන් පිළිනොගන්නේ නම් රජයේ මුදල් අවභාවිතා වෙනවා කියලා කියන්න පුළුවන්... අගමැතිතුමා යටතේ ඇති අමාත්‍යාංශය මගින් රාජ්‍ය සේවයේ නියුතු සියලු අය දැනට පැළඳගෙන සිටින මමයි ලොක්කා/ ලොක්කී කියන අංතට්ටු ගැලවීමට කටයුතු කරාවි කියලා බලාපොරොත්තුව සිටිමු...!

:       2       20

කිරිපුතා Saturday, 03 December 2022 11:16 AM

60 අය විශ්රාම යවලා ඒ ඒ තණතුරු සඳහා තරුණ තරුණියන් ට අවස්ථාව දිය යුතුයි. නැත්නම් දියුණුවක් නෑනෙ. වයසට ගියහම පිනක් දහමක් කරගෙන විවේකයෙන් ඉන්න එක කාටත් හොඳයි නෙ. හොරකම් කළා නම් ඒක විතරයි නැති වෙන්නෙ.

:       3       51

SanthuSaturday, 03 December 2022 12:58 PM

පිනක් දහමක් කරගෙන විවේකයෙන් ඉන්න වයසට යනකම් ඉන්න ඕනෑද?

:       3       23

චන්දන Saturday, 03 December 2022 02:18 PM

කතාව 100%ක් නිවැරැදියි. ඒත් මේ කාලේ සමහර ආයතනවල සේවය කරන සමහර තරුණ නිලධාරීන් එම ආයතන සම්පූර්ණයෙන්ම විනාශ කරමින් ඉන්නවා. උදාහරණ ලෙස සමහර ජාතික පාසල්වල තරුණ පරිපාලන සේවා නිලධාරීන් ඉන්නවා. එක දවසකවත් උගන්නලා නැහැ පන්තියේ... ඒත් විදුහල්පතිලා කරලා. ඉස්කෝලේ වැඩ කරන හැටි, ගුරුවරුන්ගේ ගැටළු, ළමයින්ගේ ගැටළු වගේ ඒවා ගැන කිසිඳු අවබෝධයක්, හැඟීමක් නැහැ. ඉස්කෝලෙ විනාශයි...

:       2       21

දිමුත්Saturday, 03 December 2022 06:27 PM

ඉතින් කවුද ඒකට වගකියන්න ඕනේ? වැඩ බෙදාගන්නේ උගන්නන්නේ නැතුව බදාගෙන හිටියාම ඔහොම වෙනවා...

:       3       11

අප්පුහාමි Sunday, 04 December 2022 06:25 AM

හැටෙන් පසුවත් ඉන්න බලන්නෙ වෙනත් කිසිම වැඩක් කරන්න බැරි අතේ පයේ හුරුවක් නැති මිනිස්සු පමණයි එහෙම අය අයුතු ආකාරයට උපයාගත් ආදායම් ඔවුන්ට නැතුව යනවා එවිට ජීවත්වෙන්න ආදායම් මදිවෙනවා ඒකයි ඔහොම ඉල්ලන්නෙ. අපි හිතමු රියදුරෙක් වැටුප් , අතිකාල දීමනා ගමන් වියදම් වාහන අලුත් වැඩියාව හා අමතර කොටස් සදහා වංචා කිරීම ඉන්ධන වංචා නිවාඩු දින වැටුප් ලෙසට විවිධ ආකාරයට ඉපැයීම කරනවා විශ්‍රාම ගියාම ලැබෙන්නේ දීමනා හැර මූලික වැටුපෙන් සියයට 70 හෝ 80 ක් පමණයි ඉතින් රියදුරෝ නම් පුද්ගලික අංශයේ මොනවා හෝ කරනවා නමුත් ග්‍රාම නිළධාරින් ,බලපත්‍ර නිළධාරින්, සමහර විදුහල්පතිලා දෙපාර්තමේන්තු ප්‍රධානීන් මොනවා කරන්නද ඒක තමයි තියෙන ප්‍රශ්නය හොරාකෑම පුරුදු අය මැරෙනකම් සේවයේ ඉන්න තමයි බලන්නෙ. කලාතුරකින් දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් ව්‍යාපාර කරනවා මහා පරිමාණ කර්මාන්ත කරනවා එහෙම අය ඉක්මනින් යන්න තමයි බලන්නෙ අපට විශ්‍රාම යද්දී සම්මුඛ පරීක්ෂණ නොතිබුනත් දැනට එහෙම එකක් තියෙනවා ඒක වෙනුවට වයස 55පසු වුනු සියලු අයට විශ්‍රාම ජීවිතය සාර්ථක ආකාරයට ගෙවීමට පුහුණුවක් දෙනවා නම් හොදයි කියලා හිතෙනවා.

:       0       6

D.L.N.Hemamala Saturday, 03 December 2022 12:01 PM

ඔව්.. ඒක හරිනම් සියලු රජයේ සේවකයන් 55න් විශ්‍රාම යැවිය යුතුයි. එවිට ලක්ෂ 15ක් අඩුකළ හැකියි.

:       1       31

සනත් වීරකෝන් Sunday, 04 December 2022 12:34 PM

ලංකාවේ රාජ්‍යය සේවකයින් ඉන්නෙත් ලක්ෂ 15යි. අවශ්‍යතාවය ලක්ෂ 10යි...

:       0       3

ranjith Saturday, 03 December 2022 12:38 PM

සියලුම රජයේ සේවකයින් 60 විශ්‍රාම යෑම අනිවාර්ය කිරීම හොඳ තීරණයක්... 60 විශ්‍රාම යන්න බෑ කියලා නඩු මගට එන්නේ තමන්ගේ පුද්ගලික වාසිය තකා මිසක් ජනතාවට සේවය කිරීමට නොවේ... කැපිලා පේන මහජන සේවයක් කරලා තිබේ නම් මහජනතාව ඉල්ලනු ඇත. එවන් නිලධාරින් තවදුරටත් සේවයේ යොදවාගන්නා ලෙස...!

:       2       32

nimanthi aberathna Saturday, 03 December 2022 01:27 PM

ඒක හොඳයි. පාර්ලිමේන්තුවේ ඉන්න සීයලා ආච්චිලාත් අනිවාර්යයෙන්ම ගෙදර අරින්න. ඒක දැන් මහලු මඩමක් වගේ. කැමති රාජ්‍ය සේවකයින්ට ඉල්ලලා පෙන්ශන් යන්න පුළුවන් විදිහකුත් හැදුවොත් හොඳයි. සේවා කාලය සම්පූර්ණ කළ අයට...

:       0       31

විපරමා Saturday, 03 December 2022 08:02 PM

ඒකනම් හොඳ අදහසක්. බලලෝබි, බඩගෝස්තරවාදී, දූෂිත 60 පැන්න වයසක උන්දැලා හැම කෙනෙක්ම පන්නා දැමිය යුතුයි...

:       1       21

pakeer Saturday, 03 December 2022 01:31 PM

හොඳ තීරණයක්... !

:       2       22

ජගත් ලියනගේ Saturday, 03 December 2022 02:47 PM

දැනට කරල තියන හොඳම දේ ඔච්චරයි... ඉංග්‍රීසියෙන් කියමනක් තියනවා NO ONE IS INDISPENSABLE කියලා. ඒ කියමන මතක්වුණා...

:       1       13

Perera Saturday, 03 December 2022 04:43 PM

අවුරුදු 60න් ගෙදර ගිහින් අවුරුදු 80ක විතර වයස අයට ඡන්දෙ දීලා රට පාලනය කරන්න වරම් දෙන්න.

:       1       21

Saman kumara Saturday, 03 December 2022 06:10 PM

දැඩි ලෙසම අනුමත කරනවා. රාජ්‍ය සේවය ලක්ෂ 15 සිට 07 දක්වා අඩුකළ යුතුයි.

:       3       26

Prase Saturday, 03 December 2022 09:49 PM

රාජ්‍ය සේවයේ පඩි මදි ජීවත් වෙන්න බැහැ කියලා උද්ඝෝෂණ කරනව, ගෙදර යවන්න හැඳුවාම යන්න බැහැ කියල නහයෙන් අඬනව.

:       0       5

sampath Saturday, 03 December 2022 10:10 PM

මහජන මුදලින් නඩත්තු වෙමින් මහජනයාම පීඩනයට ලක් කිරීමේ සාපය මුලු මහත් රටම වෙලාගෙන ඇත. දේශපාලකයන් යනු මුව හමයි. අර්බුදයේ සැබෑ නිර්මාණ කරුවන් හඳුනාගෙන හැකි සියලුම ආයතන පෞද්ගලිකකරණය කළ යුතුයි. ජනතාවට මේ මහ සාපයෙන් තවදුරටත් බැට කන්න පුළුවන් කමක් නැහැ. දේශපාලකයනුත් ජනතාවත් දෙපාර්ශ්වයම එකවර විනාස කරන නිලධාරී වාදය ජයවර්ධනය පාලනය විතරය් යම් මට්ටමකට පාලනයට ලක් කළේ.

:       0       2

nanda Saturday, 03 December 2022 10:16 PM

සමහර වෛද්‍ය වරු නඩු දාගෙන දඟලනවා. තරුණ අය ගොඩක් දක්ෂයි. ඒ අයට තැන දීලා සැමදෙනා 60 න් ගෙදර යන්න. හිටියත් මහජනතාවට අවංකව ලොකු සේවයක් කරාද, පුද්ගලික සේවය මගින් දුප්පත් ජනතාවෙගන් හම්බ කරාද කියන එක හදවතට තට්ටු කරලා දැන ගන්න.

:       0       6

බෙම්පි Saturday, 03 December 2022 11:32 PM

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී, මැති, ඇමතිවරුන්ටත් ජනාධිපති, අගමැති වරුන්ටත් මේක බලපානවද?

:       0       6

Demuni Uduwara Sunday, 04 December 2022 03:23 AM

ව්‍යවස්ථාදායකයෙන් පටන් ගන්න!

:       0       6

චන්දිම ෆොන්සේකා Sunday, 04 December 2022 07:48 AM

මම හිතන විදියටනම් කොයි දේ වුනත් මේ යෝදයෝ කරන ඔය දඩබඩස් ක්‍රමේට කරන්න ගියහම ආයෙත් ඉතින් රිවස් කරන්න වෙනවා. 60න් විශ්‍රාම යවනවානම් ඒක කාලයක් පුරා නිසි දැනුවත්ව තිබීම අවශ්‍යයි කියාලා මට හිතෙන්නේ. මොකද ඕක පාර්ලිමේන්තු මන්ත්රිලට ජනාධිපතිට අදාළ නොවන්නේ. ඒ ගොල්ලෝ වයස නොයන අර දෙවිවරු වගේ කොට්ටශයක්ද? ඒක මිනිස්සු ප්‍රශ්න කරනවා මදි නිසා ඔවුන් සද්ද නැතුව නතුරු දරනවා.

:       0       5

Willow Drive Sunday, 04 December 2022 09:41 AM

225 1 එකටත් මෙය බලාත්මක කරානං ???

:       0       5

rangith Sunday, 04 December 2022 09:56 AM

නැවත බලයට එන පාලකයන් දේශපාලකයන් බලපාන විදියට මෙය බලාත්මක කරන්න.

:       0       5

Chain Sunday, 04 December 2022 12:11 PM

දේශපාලකයින්ද 60 න් යැවිය යුතුයි.

:       0       5

ගමේ එකාලා Sunday, 04 December 2022 04:23 PM

රාජ්‍ය ආයතනයකට වැඩක් කරගන්න ගියාම ලෙහෙසියෙන් වැඩක් කරගන්න බැහැ. පුළුවන් තරම් රස්තියාදු කරනවා. හිතවත් කමට, පගාවට නම් ඕනෑවැඩක් කරයි. පින් පඩිකාරයින් වැඩිපුරම. හරි නම් ඔවුන්වත්, යවන්නයි වටින්නේ...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුව පත් කරයි
2025 අප්‍රේල් මස 23 86 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්


මීරිගම දුම්රිය ගම්පහදී පිළි පනී
2025 අප්‍රේල් මස 23 114 0

කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියක් අද පස්වරුවේ ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමකට ලක්වී ඇතැයි දුම්රිය පාලක මධ්‍යස්ථානය


ක්‍රීඩා පුහුණුවට නොආවැයි ගුරුවරියගෙන් අපූරු දඬුවමක්
2025 අප්‍රේල් මස 23 720 0

අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව


දළදා වඳින්න හෙට සහ අනිද්දා එන්න එපා
2025 අප්‍රේල් මස 23 771 0

දළදා වන්දනාව සඳහා හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ මහනුවර දළදා මාලිගාවට පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානයේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටි.


සිසුවා ඝාතනය සිසුන් 11 අධිකරණයට
2025 අප්‍රේල් මස 23 432 0

හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 2දෙදෙනකු අප්‍රේල් 29 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටත් වයස


ඩෑන් ප්‍රියසාද් ඝාතනය ගැන පැතිකඩ 3කින් විමර්ශන
2025 අප්‍රේල් මස 23 1005 1

සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම කොළොන්නාව නගර සභා අපේක්ෂයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීමට පෙර ඉකුත් (20) දා ඇතිව තිබූ ආරවුලක් මත ත්‍රි රෝද රථයකට ම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 648 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 330 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 477 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site