(අංජුල මහික වීරරත්න)
රට මුහුණ දී සිටින උග්‍ර ඩොලර් හිඟය පියවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියහොත් අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන මගින් ද ණය ගැනීමේ හැකියාව ලැබෙන බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ලෝකයත් ශ්‍රී ලංකාවත් මුහුණ දී සිටින වත්මන් අර්බුදකාරී තත්ත්වය යටතේ රැකියා වලින් ඉවත් කිරීම වැනි කොන්දේසි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ අවස්ථාවේදී නොපනවනු ඇතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දුන්නේය.
ලබන වසර මැද බිලියන 6 කට ආසන්න ණය මුදලක් ගෙවීමට ඇති හෙයින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතීම හැර වෙනත් විකල්පයක් රජයට නැතැයිද රනිල් වික්‍රමසිංහ මහතා කීය.
එක්සත් ජාතික පක්ෂ නායකයා මේ බව සඳහන් කළේ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමග සූම් තාක්ෂණය ඔස්සේ අද (25)පෙරවරුවේ පැවති විශේෂ සාකච්ඡාවක් අතරවාරයේදීය.
විදේශ විනිමය උග්‍ර අර්බුදයක් බවට පත්ව ඇති අවස්ථාවේදී මූල්‍ය අරමුදල වෙත ගිය විට අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන ද ශ්‍රී ලංකාවට ණය දීමට ඉදිරිපත් වනු ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගණදෙනු කිරීම අනෙකුත් මූල්‍ය ආයතන වලින් ණය ගැනීමට ලැබෙන සහතිකයක් ලෙසට සැලකිය හැකි බවද රනිල් වික්‍රමසිංහ මහතා කීය.
මූල්‍ය අරමුදල සමග ඇති ගිවිසුම යටතේ රුපියලේ අගය 240 ට තබාගත හැකි වුවද මූල්‍ය අරමුදල සමග ගණදෙනු නොකළහොත් ඩොලරයකට ගෙවිය යුතු මුදල රුපියල් 300 දක්වා ඉහල යාමට ඉඩ තිබෙන බව ද හිටපු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
ජනාධිපතිවරණය ජයග්රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිටපු අගමැතිගෙන් ඩොලර් හිඟයට විසඳුමක්
Bamunuarachchi Thursday, 25 November 2021 01:23 PM
අපිට දැනගන්න ඕනේ ජෙප්පන්ගේ විසඳුම. අහන්න දෙයක් නැහැ ජෙප්පෝ කියයි අපි ළඟ තිබෙනවා ප්‍රත්‍යක්ෂක විසදුම් අපිට බලය දෙන්න කියල. මොවුන්ට බලය දෙනවට වඩා හොඳයි. තම අතින් බෙල්ල මිරිකා ගන්නවා
indunil priyanthaThursday, 25 November 2021 03:02 PM
රෙද්දෙ මලපහ උනාම පිරිසිදු කරගන්නෙ නැතිව අශූචි ගුන වයනවලු,අහො බමුනු බයියන් නොදුටු මොක්පුර,ජෙප්පන්ට බැනලවත් හිත හදාගමු
BamunuarachchiThursday, 25 November 2021 07:36 PM
ජෙප්පෙකුට තද වෙලා. ජෙප්පන්ට උත්තර නැති උනාම මලපහ වලින් තමයි පටන් ගන්නේ. මලපහ වලින් පටන්ගෙන මල පහ කරගෙන අවසන් කර ගන්නවා. 1971 ඉඳන් තවමත් ගා ගන්න එක තමයි කරන්නේ. ජෙප්පෝ මැව්වා විවේචනය කරන්න එපා ලියපු අදහස විවේචනය කරන්න. ඉස්කෝලේ ගිහිල්ල තිබෙනවා නේද? ඉස්කෝලේ ඕවා කියලා දුන්නේ නැද්ද? ඉස්කෝලේ ඕවා කියලා දුන්නම් ජෙප්පෙක් වෙනවය නේද?
BamunuarachchiThursday, 25 November 2021 07:41 PM
ජෙප්පනට බනිනකොට තදවෙන්නේ මොකද? ජෙපන්ට බනින්න පොත් ගණන් ලියන්න හේතු තිබෙනවා? රටේ ජෙප්ප්නට හොඳ කියන්නේ කවූද? ජෙප්පෙක් මිසක්.
MewanThursday, 25 November 2021 03:23 PM
ඔයාගේ විසඳුම කියන්න බලන්න
යෝගා Thursday, 25 November 2021 04:17 PM
මොන විසඳුම්ද? කරන්න බැරි දේවල් නම් කියයි
Bamunuarachchi Thursday, 25 November 2021 01:29 PM
දැන් අපිට තේරෙනවා 2015-2020 කාලේ මෙයා මොකද කලේ කියලා. මහින්ද ණය උනේ රටට වැඩකරලා. මෙයා ණය උනේ රටට කිසිමදෙයක් නොකර වාහන ගෙන්වන්නයි, පඩි වැඩිවීම් දෙන්නයි. නැවත බලය දුන්නොත් මෙයා ණය අරගෙන අපිව නැත්තටම නැති කොරනවා සිකුරුයි. දෙන්න එපා අයියා දෙන්න එපා.
Hafeel Friday, 26 November 2021 08:14 AM
මහින්ද මහ ලොකු පොලියට ණය අරන් කරපු කිසිම ව්‍යාපෘතියක් හෝ අදටත් ලාබා ලබන්න නැහැ. ඔහු කල ව්‍යාපෘති සේරම පාඩු. නමුත් ඔ ව්‍යාපෘතිවලින් හිත මිතුරෝ හොඳටම ගසා කෑවා. හම්බන්තොට වරායට සහ සුරියවැව ක්රීඩාඟනයට ගත්තු ණය සහ වියදම් කල ගණන අතර ලොකු පරතරයක් තියනවා.
BamunuarachchiFriday, 26 November 2021 06:23 PM
මොන ඉස්කෝලේද ඉගෙන ගත්තේ? කරන හැම ව්‍යාපෘතියම ලාබ ගන්න කරන ඒවා නොවෙයි. සමහර ව්‍යාපෘති වලින් වැයකළ මුදල ලබන්නත් කාලයක් යනවා. නොරෙච්චෝලේ විදුලි බලාගාරය කෙරුවේ... දක්ෂිණ අධිවේගී මාර්ගය කලේ, කොටින්ම කරපු සියලුම ව්‍යාපෘති කලේ ලාභ ලබන්න නොවෙයි රටට අවශ්‍ය නිසා. මිතුරෝ ගසාකෑම කොයිකාලෙත් වුණා. මහවැලියෙන් ඕස්ට්‍රේලියාවේ අැපල් වතු ගත්තා කියන කතාව, ප්‍රේමදාසගේ ගම් උදාවේ තණකොළ පිලි අල්ලන ජොබ් එක කාටද ගියේ කියලා සීයාගෙන්වත් අහලා දැනගන්න. බදියුදීන්ලා ගම්මිරිස් ප්‍රතිඅපනයනයෙන් ගම්මිරිස් කර්මාන්ත විනාශ කළා. පාලනයේ සිටි අය ව්‍යාපෘතිවලින් සල්ලි ගත්තා. රටහදන්න ලේ සැලෙන විප්ලව කරන්න ගිය ජෙප්පන් බැංකු කඩලා සල්ලි ගත්තා. හලෝ තව මුකුත් දැන ගන්න ඕනේද?
Ruwan R Thursday, 25 November 2021 01:31 PM
ඔක්කොම එකතු වෙලා රට විනාස කළා
BamunuarachchiThursday, 25 November 2021 02:22 PM
1971 සිට රටේ විනාශය පටන් ගත්තේ ජෙප්පෝ නිසා. ඒක අමතක කරන්න එපා.
චමින්ද Thursday, 25 November 2021 03:37 PM
1970 දී නැවතත් ඩඩ්ලි මැතිතුමා පත්වේයැයි සිතූ එකල විපක්ෂය එහෙම වුනොත් ගහන්න ජෙප්පො ඇතිකලා 1989 දීත් ජෙප්පො පිටින් දාල එජාපයේ පාක්ෂිකයන් විනාශ කලා එහෙම කලවුන් සංසාරයේ ආත්ම කල්ප ගානක් විදවාවි කලේ කවුද කල අයගේ හිත් දන්නවා ඇති .එයට පෙර නිදහස ගත් වෙලාවෙ බුරුමය විදෙස් ශ්‍රමිකයන් ආපසු යැව්වත් අපේ නායකයො ඒවා කලේ නැහැ නිදහස ගත් දවසේ සිටම කලේ කිසිම සැලසුමක් නැති වැඩ තවත් අනන්ත දේ තියෙනවා බමුණු අදහස් තියෙන වලව්වල බැලමෙහෙවර කල පිරිස්ද රටේ පිරිහීමට වගකිවයුතුය
ගමේ එකාලා Thursday, 25 November 2021 05:26 PM
බලලෝභී, බඩගෝස්තරවාදි දූශිත පවුල් පාලනේ නිසා ඊටත් වඩා ලොකු විනාශයක් වුණා. සුදු වෑන්, ඝාතන, අතුරුදහන්, මහා පරිමාණයේ හොරකම්, වංචා, දූෂණ... බොරු සෝබන වැඩවලට නිකරුනේ මහජන මුදල් කාබාසීනියා කිරිම... මොලේ උඩ වෙන්ඩැති ඉන්නේ... වහලුන්ට නම් මොකද?
BamunuarachchiSunday, 28 November 2021 10:27 AM
ඊයේ පෙරේදා ඉපදිච්ච ජෙප්පන් මාර තර්ක දාන්නේ... ජෙප්පන්ගේ හිතේ අර ජිනදාස විජේවීර ගොයියාව ලුමුම්බා විශ්වවිද්‍යාලයට යැව්වේ විපක්ෂය කියලා. මේ හාදයා දන්නේ නැහැ ජේවීපීය බිහි වුනේ 1965 මැයි 14 වෙනිදා.... 25 මාර්තු 1965 - 29 මැයි 1970 දක්වා රටේ අගමැති ඩඩ්ලි සේනානායක කියලා. ජෙප්පෝ ඔලුවෙන් හිටගෙන ලෝකේ දිහා බලන්නේ... එ්කයි හැමදේම උඩු යටිකුරු වෙලා පෙනෙන්නේ... ජෙප්පෝ කියන්නේ රටේ දරිද්‍රතාවෙන් පෙලෙන අනුන්ගේ දේ බලෙන් උදුරා ගන්න හිතන මෝඩ කොල්ලන් රැලක්...
nimalThursday, 25 November 2021 05:07 PM
ඇත්ත. නමුත්, පසු ගිය වසර 73 තුල කැරලි හා යුද්ධ හරහා මිනිස් ජීවිත සහ මහජන දේපොළ විනාශ කල කණ්ඩායමුත් මේ තත්වයට වග කිව යුතුයි.
somindara Thursday, 25 November 2021 01:33 PM
ආණ්ඩුවේ ඉන්න අයට ඕවා වැඩක් නැහැ. කොහෙන් හරි ගසා කන්ඩ ලේසියි නන්, එහෙම තැන්වලට විතරයි යන්නේ.
de silva Thursday, 25 November 2021 01:49 PM
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ගත්තොත් කොමිස් ගහන්න බැහැ.
jagath Thursday, 25 November 2021 05:04 PM
රටට දැරිය නොහැකි අන්දමින් ණය ගැනීම පිළිබඳව පසු ගිය වසර 15 ක් තුල සිටි සියලු රජයන් සහ එහි පාර්ශව කරුවන් වග කිව යුතුයි. මොහු පවසන්නේ තිබෙන ණය ගෙවා ගත නොහැකිවූ විට තව ණයක් ගෙන "රෝලක්" දැමීම ගැනයි. මෙය මොහු පැවසිය යුතු දෙයක් නොව. හන්දියේ කඩේ මුදලාලිගෙන් ඇහුවත් ඔය දේ කියයි.
rocky Thursday, 25 November 2021 06:55 PM
රටේ විනාශයට ප්‍රධාන හේතුව වුණේ බමුණු යුගයේ හණමිටි කරගසාගත් මෝඩ තකතීරුවන් නිසායි.
BamunuarachchiSunday, 28 November 2021 07:27 PM
ඒ කියන්නේ ජෙප්පෝ බමුණු යුගයේ හණමිටි කරගසාගත් මෝඩ තකතීරුවන් නිසාද? නැහැ නැහැ උන් කරතියාගෙන ආවේ රුසියාවේ ලෙනින් ක්‍රමය... එ්කනේ මේ හොඳට හැදීගෙන ආපු රටේ ලේ සැලෙන විප්ලව කරන්න ගියේ. කෝ දැන් ලේ සැලෙන විප්ලව ගැන කතා කරන්නේ නැහැ නේද? දැන් හදන්නේ ප්රජාතන්ත්රවාදයෙන් රට කොමියුනිස්ට් කොරන්න. ඒවා කොහෙද අපිත් එක්ක.
sampath Monday, 29 November 2021 11:01 PM
කවුරු කවුරුත් කයිවාරු ගැහුවට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඩොලර් එක මෙහෙම ගියොත් 1000 පනී වගේ.