IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


හිටපු අගමැතිගේ රිට් පෙත්සම සලකා බලන්න දිනයක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම  තමාට එරෙහිව  සිදුකර තිබෙන නිර්දේශය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගොනුකර තිබෙන රීට් පෙත්සම සලකා බැලීම සඳහා ජනවාරි මස 28 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

නිශ්ශංක බන්දුල කරුණාරත්න, දේවිකා අබේරත්න සහ ඩී. එම්. සමරකෝන් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම කැඳවිණි.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා කළ ඉල්ලීමක් පිළිගත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජනවාරි මස 28 වනදා කැඳවීමට නියමිතය.

පෙත්සම්කාර රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ යහපාලන රජය සමයේ ස්ථාපිත කළ දූෂණ මර්දන ලේකම් කාර්යාලය හා සම්බන්ධ කටයුතු කීපයකට තමන් වගකිව යුතු බවට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව නිර්දේශ කිහිපයක් නිකුත් කර ඇති බවය.

තමා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ දූෂණ මර්දන ලේකම් කාර්යාලය ක්‍රියාත්මක වූයේ තමන් යටතේ නොවන බවත් එහි කටයුතුවලට තමන් මැදිහත් නොවූ බවත් පෙත්සම්කාර රනිල් වික්‍රමසිංහ මහතා පෙත්සමින් කියා සිටී.

දූෂණ මර්දන ලේකම් කාර්යාලය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියක් මත ස්ථාපිත කෙරුණු අතර එය රජයේ පිළිගත් මූල්‍ය රෙගුලාසිවලට අනුකූලව පාලනය කෙරුණු බවත්,දූෂණ මර්දන ලේකම් කාර්යාලය ඉදිරිපත් කළ පැමිණිලි මත විවිධ පුද්ගලයින්ට නඩු පැවරුම් සිදු කරනු ලැබුවේ නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම වැනි පිළිගත් රජයේ ආයතන විසින් බව පෙන්වා දෙන රනිල් වික්‍රමසිංහ මහතා එම කටයුතුවලට තමන් කිසිදු ආකාරයකින් මැදිහත්වීම් නොකළ බව කියා සිටී.

එසේ තිබියදී දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසම තමන්ගෙන් කිසිදු කරුණු විමසීමකින් තොරව නීතියට පටහැනි ආකාරයට තමන්ට එරෙහිව නිර්දේශ කිහිපයක් නිකුත් කර ඇති බව පවසන රනිල් වික්‍රමසිංහ මහතා එම නිර්දේශ නිකුත් කිරීමට පෙර කොමිසම විසින් තමන්ට සාධාරණ  විභාගයක් ලබා නුදුන් බවද රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී.

එබැවින් අදාළ නිර්දේශය බලරහිත කිරීමේ රිට් ආඥාවක්  නිකුත් කරන ලෙස ඉල්ලා සිටින රනිල් වික්‍රමසිංහ මහතා එම පෙත්සම් විභාගය අවසන් වන තුරු අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටී.



අදහස් (0)

හිටපු අගමැතිගේ රිට් පෙත්සම සලකා බලන්න දිනයක්

ඔබේ අදහස් එවන්න

දියත


පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 148 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 216 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 761 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 562 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 1303 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 416 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1911 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site