IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


හිටපු කතානායක විජමු සමුගනී

(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයකු වූ වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා අද රාත්‍රියේදී ආභවප්‍රාප්ත විය. මිය යන විට 80 හැවිරිදි වියේ පසුවූ ලොකුබණ්ඩාර මහතා කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙන් අංගොඩ පිහිටි බෝවන රෝග මර්දන විද්‍යායතයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

විජේසිංහ ජයසිංහ මුදියන්සේලාගේ (විජමු) ලොකුබණ්ඩාර මහතා වසර 2004 සිට 2010 දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙසින් කටයුතු කළේය. පසුව 2010 සිට 2015 දක්වා සබරගමුව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙසින්ද කටයුතු කළ ලොකුබණ්ඩාර මහතා 1977 සිට වසර 30 කට වැඩි කාලයක් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසින් කටයුතු කළේය.

1941 අප්‍රේල් මස 5 වැනිදා හපුතලේදී උපත ලද ඒ මහතා බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගත්තේය.

කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙන් මීට දින කිහිපයකට පෙර අංගොඩ පිහිටි බෝවන රෝග මර්දන විද්‍යායතයට ඇතුළත් කරන ලද ඒ මහතා එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.



අදහස් (12)

හිටපු කතානායක විජමු සමුගනී

Wijaya Sunday, 14 February 2021 03:58 PM

දැන් අපිට ඉතුරු වෙලා ඉන්නේ වටිනා මිනිස්සු බොහොම ටිකයි. මනුස්සකම, හැකියාවන් , ජීවිත දැක්මක් තියෙන අය ටිකටික හිමින් හිමින් යන්න යනවා. හරිම කණගා‍ටුයි. ඔබට නිවන් සුව ලැබේවා!

:       5       6

U.K. අපි Sunday, 14 February 2021 04:29 PM

හරිම කණගාටුදායකයි. ජීවිතේ අනියතයි. මරණය නියතයි. බුදුදහම, හෙළබස, ඔබතුමා කොයිතරම් ප්‍රගුණ කළ කෙනෙක්ද? ඔබට අමාමහ නිවන්සුව ලැබේවා..!

:       5       5

Sunil Milano Sunday, 14 February 2021 06:05 PM

ඔබතුමාට උතුම් වු අජරාමර නිවන් සම්පත්තිය ලැබේවා..!!! ඉපදෙන කිසිම ආත්මයක මෙවන් අකල් වියෝවක් නොම වේවා..!!! 

:       5       4

lakvidu Sunday, 14 February 2021 10:47 PM

සැබෑ බහුශ්‍රතයෙක්... රට, ජාතියට ලොකු පාඩුවක්.. දේශීය වෛද්‍ය ඇමැති ලෙස ‘‘කොළකැඳ තිබෙන තැන... අමා රසයට දෙමි දෙවැනි තැන... ‘‘ පාඨය යටතේ කැඳ භාවිතය ප්‍රචලිත කළේ මෙතුමායි. අපි ඔහු ජාතියේ කොළකැඳ පියා ලෙස හඳුන්වමු. විජයමු... ඔබට නිවන් සුව..!!! 

:       10       3

සමිත සේනක අලුත්ගමගේ. Monday, 15 February 2021 02:56 AM

මොන පැත්තේ සිටියත්, අගනා දේශපාලනඥයෙක්... ඇතැම් කතානායකවරුන් මෙන් සවුත්තු වුණේ නැහැ .මැදිහත්ව පාර්ලිමේන්තුව මෙහෙයවූවා. වරක් එක්තරා දේශපාලකයෙකු මෙතුමාව බැන්න විට, උපහාසාත්මක සිනාවක් දැමූ මෙතුමා " කැලේ කහල ගොඩවල්වල තිබෙන පොල්කටුවල තිබෙන වතුර බිව් නරි අද රජවාසල රසබොජුන් ගන්නවා" යැයි පැවසුවා. ගැලරියේ දේශපාලකයන් නිහඬ වුණා. ඒ පිළිබඳව පසුව ජනමාධ්‍ය විශාල ලෙස කතා වුණා. රටට උගත් පඬිවරයෙකු නැතිවුණා. ඔබතුමාට නිවන්සුව ... !!!

:       9       17

Raveendra Monday, 15 February 2021 08:13 AM

පිටින් බලලා චරිත සහතික දෙන්න එපා මහත්මයා. උගත්කමින්, සුදු පිරුවටයෙන් ශ්ලෝකවලින් මිනිස්සු රවට්ටලා කරපු හරිය ගම්පළාත්වලට ගිහින් මිනිස්සුන්ගෙන් ඇහුවා නම් කියයි ලස්සනට...

:       6       13

සමිත සේනක අලුත්ගමගේ.Monday, 15 February 2021 04:41 PM

මෙතුමාගේත් වැරදි ඇති.. නිවැරදි කෙනෙක් මේ ලෝකේ නැහැ. මෙතුමා ගැන මගේ පැහැදීමට හේතුව මං නොකියා ඉන්නයි හැදුවේ. ඒත්, දැන් කියන්න වෙනවා. මෙතුමා ප්‍රවෘත්ති හා සංස්කෘතික ඇමැති කාලේ සාහිත්‍ය මණ්ඩලේ මගින් විශ්ව සාහිත්‍ය කෙටිකතා කතුවරුන් 40කට ගෞරව කෙරෙන වැඩ සටහනක් තිබුණා. ප්‍රධාන ආරාධිතයා වූ මෙතුමා මගේ ළඟට පැමිණ ජනසන්නිවේදකයෙකු ලෙස මාගේ හැකියාව ගැන පැසසීම හා සාහිත්‍ය දක්ෂතාව ගැනද කෑම මේසයේදී කතාකළා. ඒ දේ මගේ හැකියාවන් ඉදිරියට ගෙනයාමට බොහෝ උපකාරී වුණා. ඒ දේට කළගුණ සැලකීමක් ලෙස තමයි එතුමාගේ වියෝව ගැන මෙසේ සටහනක් තැබුවේ...

:       1       5

kamal Monday, 15 February 2021 03:05 AM

2004 සිට 2015 කියන්නේ ලංකාව දේශපාලන ඉතිහාසයේ දූෂිතම කාලපරිච්ඡේදයක්..

:       7       17

Senarath Monday, 15 February 2021 03:18 AM

එතුමා ආදර්ශමත් දේශපාලකයෙක්... කතානායක කමත් පක්ෂ භේදයකින් තොරව හොඳට ඉටුකළා. එතුමාට නිවන් සුව අත්වේවා..!! 

:       11       5

vidya Monday, 15 February 2021 06:09 AM

එතුමා උගතෙක්, බුද්ධිමතෙක්... අවංක මහජන සේවකයෙක්... එතුමාට නිවන් සුව ලැබේවා...

:       12       9

kamalMonday, 15 February 2021 07:42 AM

ඇත්ත කියන්නයි, බිම ඉඳගන්නයි කළින් කොයි පක්ෂෙද කියලා තියෙන්නේ... නිකන්ද?

:       6       2

Chinthaka Monday, 15 February 2021 10:03 AM

නිවන් සුව පතමි.. කාගේවත් හිත නොරිදා දේශපාලනය කරපු මහත්මයෙක්.. ටෙලිෆෝනයේ කොලු ගැටව් ආදර්ශයට ගන්න මෙතුමාව...

:       4       2

ඔබේ අදහස් එවන්න

දියත

’’පුළුවන් ශ්‍රී ලංකා’’ගෙනයන්න මාලිමාව අයි.එම්.එෆ් එකට එකඟ වෙලා
2024 නොවැම්බර් මස 07 97 0

අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික


පාසල් සිසුවාට පහරදුන් සෙබළුලු තිදෙනා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 179 0

පාසල් සිසුවෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසයි.


තැපැල් ජන්ද සලකුණු කිරීමට අද සහ හෙට අවස්ථාව
2024 නොවැම්බර් මස 07 18 0

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (7) හා හෙට (8) අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


තැනින් තැන විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 07 31 0

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව


දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 1202 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 1321 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 41 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 436 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1370 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site