(ඩයනා උදයංගනී)
මැතිවරණය ජයග්‍රහණය කිරීමේ චේතනාවෙන් ඇතැමුන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු සැඟවූ බවත්, එහිදී හිටපු ජනාධිපතිවරයාගේ සිට ආරක්ෂක අංශ භාරව හිටපු නිලධාරීන් ද තමන්ගේ වගකීම් පැහැර හැර ඇති බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
මැතිවරණය වෙනුවෙන් ‘අපි රට ආරක්ෂා කරනවා, අපි රටට යුක්තිය දෙනවා’ කියලා කියන්න ඕනකම තිබූ නිසා ඔවුන් ඒ දේ කළ බව ද කාදිනල්තුමෝ සඳහන් කළහ.
එවැනි චේතනාවක් නොතිබුණේ නම් මෙවැන්නක් වීමට යන බව හා ඉන් ආරක්ෂා වන ලෙස දැනුම්දීමට තිබූ බව කී කොළඹ අගරදගුරුතුමෝ දේශපාලනඥයන් හා නිලධාරීන් පමණක් තමන් අතර ලියුමක් හුවමාරු කරගෙන ආරක්ෂා වී අහිංසක මිනිසුන්ව බිලි දුන් බව ද කීහ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ මේ බව පැවසුවේ ඉතාලියේ පාදුවා නුවර පිහිටි ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ දී අද (1) පැවැත්වූ විශේෂ දිව්‍ය පූජාවට එක්වෙමිනි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වසර තුනක් යුක්තිය ඉල්ලූ නමුත් ශ්‍රී ලංකා පාලකයන්ගෙන් කිසිම සාධාරණයක් ඉටුනොවූ නිසා ජාත්‍යන්තරයට ඒමට සිදුවූ බව කී කොළඹ අගරදගුරුතුමෝ අපිට රටේ පවතින දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා උදව් ඉල්ලීමත් මෙහි අරමුණක් බව කීහ. පාස්කු ප්‍රහාරය සම්බන්ධව බොහෝ දෙනෙක් දැන සිට ඇති නමුත් ඡන්දය දිනාගැනීමේ අවශ්‍යතාවය නිසා එය සිදුවීමට ඉඩ හැර ඇතැයි ද කාදිනල්තුමෝ කීහ.
දේශපාලනඥයන් සමාජය පිරිහීමට හැර දූෂණය රජ කරවීම මෙන්ම නීතිය වල් වදින්න සැලැස්වූ බව කී කොළඹ අගරදගුරුතුමෝ නීතියේ ඉහළම නිලධාරියා ජනාධිපතිධූරයෙන් පත්කරන අයෙක් නිසා ඔහුට අවශ්‍ය පරිදි කටයුතු කරන්නට ලැබී ඇතැයි ද පැවසූහ.
වර්තමානයේදී ජනතාවගේ ඡන්දයෙන් බලයට එන පාලකයෝ පොහොසත් වී පිටරටවල මුදල් එකතු කිරීම හා ව්‍යාපාර ආරම්භ කිරීම සිදුකරන බවත්, මෙම දූෂිත ක්රමයේ වරද පෙනෙන්නට ගත්තේ පාස්කු ප්‍රහාරය යට ගැසීමට දැරූ උත්සාහය තුලින් බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ප්‍රකාශ කළහ.
එහිදී දෙදෙනකුට විරුද්ධව නඩු දමා නඩුව දියාරු කර ඔවුන් නිදහස් කරන්නට ඉඩ සැලසූ බවත්, ශ්‍රී ලංකාව නව ගමනක් වෙත යොමු කරන්නට අවශ්‍ය ශක්තිය රටේ මිනිස්සුන්ට දෙන්නැයි යාඥා කරන බවත් කාදිනල්තුමෝ පැවසූහ.
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිටපු ජනපති ඇතුළු හැමෝම වගකීම් පැහැර ඇරියා