IMG-LOGO

2025 පෙබරවාරි මස 28 වන සිකුරාදා


හිටපු ජනපති රට සවාරි වියදම් ගැන අගමැතිගෙන් හෙළිදරවුවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2010-  2014 දක්වා වසර හතරක  කාලයේදී රුපියල් කෝටි තුන්සිය පනස් හතකට වැඩි මුදලක් වැය කර ඇතැයි අගමැතිනී  ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (27) පැවසුවාය.

රාජ්‍ය නායකයෙකු විදේශ සංචාර සඳහා වැය  කළ වැඩිම මුදල එය බව පැවසූ අගමැතිවරිය  ඔහු විදේශ සංචාර සදහා   2013  වර්ෂයේදී පමණක් රුපියල් කෝටි 114 කට වැඩි මුදලක් වැය කර ඇති බවද  ප්‍රකාශ කළාය.

අමරසූරිය මෙනවිය මෙසේ පැවසුවේ ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තුව සහ   උපරිමාධිකරණවල විනිශ්චයකාරවරුන්  ඇතුළු ආයතන සහ පුද්ගලයන්ගේ වැය ශීර්ෂ  පිළිබඳ විවාදයේදීය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2015-2019 අතර කාලයේදී විදේශ සංචාර වෙනුවෙන් රුපියල්  තිස් අට කෝටියකට වැඩි මුදලක් වැය කර ඇති බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2020-2022 කාලයේදී රුපියල් කෝටි දොළහකට වැඩි මුදලක් වැය කර ඇති බවත්  ඇය ප්‍රකාශ කළාය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023-2024 කාලයේදී රුපියල් කෝටි පනස් තුනකට වැඩි මුදලක් වැය කර ඇති බව පැවසු  අගමැතිවරිය ඔහු ගිය  සංචාර  තිස්තුනක් වෙනුවෙන්  154 දෙනකු සහභාගී කරවාගෙන ඇතැයිද  සඳහන් කළාය.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2024  සැප්තැම්බර් සිට 2025 පෙබරවාරි දක්වා ගිය විදේශ සංචාර වෙනුවෙන් වැය කර ඇත්තේ රැපියල්  ලක්ෂ  18ක මුදලක් පමණක් බවද ඇය කීවාය.



අදහස් (13)

හිටපු ජනපති රට සවාරි වියදම් ගැන අගමැතිගෙන් හෙළිදරවුවක්

Nihal Thursday, 27 February 2025 04:40 PM

අන්තිම මොහොතේ ගත්තු තීරණය ගැන පවුලේ ඤාතීන් සියලුදෙනාම ඉතා සතුටට පත්වෙනවා. මේ රට මේ තත්වයට මාරුවෙන් අප ඡන්දය දීලා අපි විසින්ම කරගත්තු විනාශයක්. ඉහගෙනම කෑවා. අනේ අපේ දරුවෝ මන්ද පෝෂණය අතපය කෝටු කෑලි වගේ. ඇයි ආයේ රට සුඛිත මුදිත කරන්න ඡන්දය ඉල්ලන්නේ? කාපු රස මතක් වෙනකොට දුක දරාගන්න බැරුව...!

:       60       11

RathneThursday, 27 February 2025 08:31 PM

නිහාල්, ඔහේ කමෙන්ට් දාලා තියෙන්නේ පරණ ස්ක්‍රිප්ට් එකකට. ඒ කතාව දැන් කියන්නේ නෑ. මොකද රටේ හාල් හිඟයි. හාල් ආනයනය කර ගන්න ටෙන්ඩරයක් දාගන්න බැරි අය එනවා මෙතන මන්දපෝෂණය ගැන කියවන්න...

:       5       3

upul Attanayake Thursday, 27 February 2025 05:26 PM

කයිවාරු නැතිව ඔඩිට් වාර්තිවක් දාන්න.

:       13       55

karolis Thursday, 27 February 2025 05:27 PM

අධ්‍යාපනයට 6% කෝ?

:       14       45

Mideum Thursday, 27 February 2025 06:36 PM

ලක්ෂ 18 වියදම් කරලා තමයි අර උත්සවය මැද්දේ ශර්ට් ගලවාගෙන බොත්තම් දාගෙන විකාරයක් කරේ. ජනාධිපති සල්ලි ඉතුරු කළා කියලා වෙන්න ඕනෑ... වැඩේ හරියට වෙන්නේ නැත්තන්, ඒ ඉතුරු කිරීමට වඩා ලොකු හානියක් රටට වෙන්නේ... මොනවද මේ විහිළු වැඩ? රට ගිහිල්ලා මූණ පෙන්නන්න විතරක් නෙමේනේ යන්නේ. රටට මොනවා හරි ආධාරයක්, ආදායම් මාර්ග අරන් එන්න නේ යන්නේ. දැන් ඔය වියදම් වෙච්චි ගණන් එක්ක දාන්න අපි ලබාගත් සහනවල වටිනාකමත්. මොවුන් නම් අවුරුදු 5 ඉවර වෙනකන්ම අනිත් අයගේ කුණු අවුස්ස අවුස්සා ඉන්නවා මිසක් වැඩක් නම් කරන්නේ නෑ.

:       21       47

Rasika Thursday, 27 February 2025 06:42 PM

මෙහෙමයි ඇන්ටි, මහින්ද, සිරිසේන වියදම් කරලා වැඩියි. රනිල් නම් ගිය ගමන් වලින් රටට ලොකු වැඩක් වුණා. අනුර රට ගියාට වුණු වැඩේ මොකද්ද? ලක්ෂ 18 ගියාට බොත්තම් ටිකවත් හරියට දාගත්තද?

:       16       43

චතුරි Thursday, 27 February 2025 07:27 PM

තවත් බලා ඉන්නේ නාකි මයිනාට. පොඩි ගෙයක් හරි, අම්බලමක් හරි හොයලා දීලා. රජයේ වටිනා නිවස රජයට බාරගන්න. හැම මනුස්සයාම වයසට යනවා... මෙයාට විතරක් විශේෂයක් මොකටද? රටේ මිනිසුන් ගැන අනුකම්පාවක් නැති නාකි නඩේට තවත් සැප දෙන්නේ ඇයි? බලයට ආවේ එක රැයින් ඉවර කරන විදියට. දැන් ඒවා පෙන්නලා කියලා වැඩක් නැහැ. ක්‍රීයාවෙන් ඔප්පු කරලා ඊට පස්සේ පෙන්වන්න. අන්තිමට කියන්න එපා මේ තරම් වටිනා නිවසක. මෙපමණ කාලයක් ජීවත් වුණා කියලා. ඇයි ඔය පවුලට තියෙන වන්චා, දූෂණ... මිනීමැරුම් නඩු යට ගහන්නේ...!

:       6       2

ගුණරත්න Thursday, 27 February 2025 07:29 PM

ලක්ෂ 18 චීනෙත් ගිහිල්ලා ඉන්දියාවේත් ගිහිල්ලා, ඩුබායි ගිහිල්ලත් ආවා, අපි ඉතින් හාවෝ...

:       4       2

අඬෝවැඩියාව Thursday, 27 February 2025 08:24 PM

ඔයාලාට ආණ්ඩුව දුන්නේ මේ රටේ ආර්ථිකය ගොඩගන්න ගමන් මිනිස්සුන්ට සහනයක් දෙන්න මිසක් පහුගිය ආණ්ඩු ගැන කියකිය වාතයක් වෙන්නේ නෙමේනේ. රාජපක්ෂ ඉන්නා කාලේ ඒ මිනිහා රටට ප්‍රොජෙක්ට් බර ගාණක් ගෙනාවානේ. ඔයාලා මොනවාද ගෙනාවේ? මොනවද අලුතින් පටන් ගත්තේ? රනිල් ලෝකෙ වටේ ගිහින් හිඟා කාලා අපේ ණය ප්‍රතිව්‍යුහගත කරා. ඔයාලා මොකද්ද අලුතින් රටේ ආර්ථිකය වෙනුවෙන් ගත්තු පියවර? ගෝඨා පත් කරපු මිනිස්සු ටික දාගෙන යන්තම් ආණ්ඩුව කරගෙන යන ගමන් ඒ මිනිස්සුන්ට බනිනවා. පුළුවන් නම් ඔවුන් අයින් කරලා පෙන්නපල්ලාකෝ...!

:       2       3

Krishan Thursday, 27 February 2025 08:34 PM

සමලිංගික අධ්‍යාපනේ ඉක්මනට පෙළ පොත් වලට දාන්න. එතකොට මාලිමාවට ඡන්දෙ දුන්නු අයගේ අමාරුව හොඳ වෙයි.

:       2       3

Saman Thursday, 27 February 2025 08:36 PM

මම මේ කල්පනා කරන්නේ ඊළඟ සතියට දාන ලිස්ට් එක මොකක් වෙයිද කියලා...!

:       2       3

ලූට මූස් Thursday, 27 February 2025 08:39 PM

කරෝලිස්ගේ මොලේ පාදන්න නම් 6% නෙවෙයි, 116% මදිවෙයි. සාකච්ඡා වුණු වැය ශීර්ෂය මොකක්ද කියලාවත් දන්නේ නෑ...

:       4       1

Srinath priyantha karunarathna Thursday, 27 February 2025 08:43 PM

මොවුන් සේරම රටේ මුදල් වලින් සුරසැප විඳලා... විස්තර හෙළිකළාට ඇක්ෂන් නෑනේ...

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති දිසාපතිවරුන් කැඳවයි
2025 පෙබරවාරි මස 27 386 0

රුපියල් බිලියන 1400ක ප්‍රාග්ධන වියදම් ඉදිරි මාස 8 ඇතුලත ග්‍රාමීය මට්ටමේ ඵලදායී ව්‍යාපෘති වෙනුවෙන් වැය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිස්ත්‍


හිටපු කතානායක වාහන නවයක්:මාස නවය තෙල් බිල කෝටි තුන පනී
2025 පෙබරවාරි මස 27 766 0

හිටපු කතානායකවරයා වාහන නවයක් පාවිච්චි කර ඇති බවත් එම වාහන නවයේ ඉන්ධන වියදම වශයෙන් පසුගිය වසරේ මාස නවයේදී තුන්කෝටි තිස් ලක්ෂයක් වැයකර ඇති බවත් සභානාය


සංජීව ඝාතක යුවළගේ තවත් ඡායාරූප
2025 පෙබරවාරි මස 27 1184 0

පාතාලයේ අණසක පතුරවාගෙන සිටි පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරත්න හෙවත් ගනේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙඩික්කරු ඔහුට ගින


ඩිජිටල් අපනයන මත පැනවූ බද්ද වාහාම අවලංගු කරන්න
2025 පෙබරවාරි මස 27 558 0

ඩිජිටල් අපනයන මත ආණ්ඩුව පනවා ඇති සියයට 15 ක බද්ද අවලංගුකිරීමට වාහාම කටයුතු කළ යුතු බවත් මෙම තීරණය ආණ්ඩුව දුරගිය නොබලා, සැලැස්මක් නොමැති කරන සෙසු කටයුතු


විජිත, රජයේ දැක්ම මානව හිමිකම් කවුන්සිලයේදි කියයි
2025 පෙබරවාරි මස 27 298 0

ජාතික සමගිය, සංහිඳියාව සහ මෙරට ජනතාවගේ ජීවන තත්වය ඉහළ නංවන සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා නව රජයේ දැක්ම බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා මානව හිම


ජනපති රජයේ වෛද්‍ය නිලධාරී සංගමය හමු වෙයි
2025 පෙබරවාරි මස 27 1269 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) පැවැත්විණි .


මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 35 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 333 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 476 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site