දකුණු අප්‍රිකා ජනාධිපතිවරණයෙන්, පාර්ලිමේන්තු මැතිවරණයෙන් සහ පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී අවසන් ය. කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවුණු අතර, හිටපු ජනාධිපති ජේකොබ් සූමා සහ අභිනවයෙන් පිහිටුවූ ‘එම්.කේ.’ පක්ෂය පවසා ඇත්තේ ඔවුන්ට හිතවත් සෙසු පක්ෂ හවුල් කර ගනිමින් සන්ධාන රජයක් පිහිටුවන බවය.
1994 වසරේ, වර්ණභේදවාදය තුරන් කිරීමෙන් පසු, දකුණු අප්‍රිකාවේ බලයේ සිටියේ, අප්‍රිතානු ජාතික කොංග්‍රසයයි. ජේකොබ් සූමා, ජනාධිපති ධුරය අහිමි වී, අප්‍රිකානු ජාතික කොංග්‍රස් පක්ෂය සමඟ මත ගැටුම් ඇති කර ගනිමින්, පක්ෂයෙන් ඉවත් වී, ‘එම්.කේ.’ පක්ෂය පිහිටුවා ගත්තේය. එම පක්ෂය මැතිවරණයට ඉදිරිපත් වුණු පළමු අවස්ථාව මෙයයි.
මැතිවරණ ප්‍රතිඵලවලින් සියයට 50 කට වඩා නිකුත් වෙද්දී, අප්‍රිකානු ජාතික කොංග්‍රසයට දිනා ගැනීමට හැකිවූයේ සියයට 41 ක ඡන්ද ප්‍රතිශතයක් පමණය. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දෙවැනි ස්ථානයට පත්වූයේ සියයට 21 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගනිමිනි. ‘එම්.කේ.’ පක්ෂය පසුවූයේ තෙවැනි ස්ථානයේය. ඒ, සියයට 13 ක ඡන්ද ප්‍රතිශතයක් සමඟය.
එසේ වුවත්, තමන්ට හිතවත් පක්ෂ හවුල් කර ගනිමින් රජයක් පිහිටුවීමටත්, යළි දකුණු අප්‍රිකාවේ ජනාපධිති ධුරයට පත් වීමටත් සූමා සූදානම් වෙයි. සූමා ට සහාය දීමට සෙසු පක්ෂ කැමැත්ත පළ කර ඇත.
(අල් ජසීරා)
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හිටපු ජනපති සූමා යළි බලයට එන ලකුණු
Bamunuarachchi Saturday, 01 June 2024 07:49 AM
ලංකාවෙත් එහෙම වේවි
kotiya Saturday, 01 June 2024 08:31 AM
රනිල් මාමාගෙන් ඉගෙනගෙන. එයා තමයි අන්තිමයා. හැබැයි ඌ තමයි ජනාධිපති....