(නිමන්ති රණසිංහ)
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කටඋත්තරයක් සටහන් කර ගැනීම සදහා හිටපු නිතිපති දප්පුල ද ලිවේරා මහතාට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හෙට (19) පෙනී සිටින ලෙස දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
හිටපු නිතිපති දප්පුල ද ලිවේරා මහතා විශ්‍රාම යෑමට දින කිහිපයකට පෙර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පිළිබදව කරුණු විමසීම සදහා මෙම කැදවීම කළ බවද හෙතෙම සදහන් කළේය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරුවන් සිටින බවටත් එම ප්‍රහාරය පිටුපස කිසියම් කුමන්ත්‍රණයක් සිදුවී ඇති බවටත් සදහන් කරමින් හිටපු නිතිපති දප්පුල ද ලිවේරා මහතා විශ්‍රාම යෑමට පෙර මෙම ප්‍රකාශය සිදුකර තිබිණී.
මේ සම්බන්ධයෙන් අප, අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අප කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ, හිටපු නිතිපතිවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් කටඋත්තරයක් සටහන් කර ගන්නා ලෙසට නිතිපතිවරයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට දැනුම් දී ඇති බවයි.
බළපිටිය මරදාන මහ පාරේදී අද(17) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.
දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කර
කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
හිටපු නීතිපති ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට
බද්රානි Tuesday, 18 April 2023 08:02 PM
ඇත්ත කතාකරන පුද්ගලයින්ව විනාශ කිරීම තමයි මේ රටේ අමනයින්ගේ ස්වභාවය. සත්‍යය පවසන හඬ නිහඬ කිරීමට කොතරම් වෙර දරුවත්, සත්‍යයේ හඬ මේ භුමිය තුළ දෝංකාර දෙනවා. ප්‍රහාරයේ කුමන්ත්‍රණ කරුවන් සහ එහි මහමොලකරුවන් හා ප්‍රහාරය සිදුවෙන බව දැනදැනම එය වළක්වා නොගත් හා මොනයම් ආකාරයෙන් ඒ ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට හා ඔවුන්ගේ පරම්පරාවලට ඒ මළාවූ මිනිස් ආත්මවල, ලේවල ශාපය සසර පුරාවටම අත්වේවා!! එසේ නොවෙනවා නම් අපි අදහන අගම ධර්මයන් සියල්ල බොරු...
Bunny Preena Wednesday, 19 April 2023 03:34 PM
මෙපමණ කාලයක් ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාශය නිදාගෙනද දන්නේ නැහැ හිටියේ...?