IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


හිටපු නාවික හමුදාපතිට එරෙහි අධි චෝදනා ඉවත් කර ගනී

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකර තිබෙන අධි චෝදනා ඉවත්කර ගන්නා බව නීතිපතිවරයා අද (13) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

2008 වසරේදී කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කර ඇති බවට තරුණයින් පිරිසක් පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි ඔහුට  චෝදනා නගා  තිබිණි.

තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු පැවරීමට නීතිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කෙරෙන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ගොනුකළ පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අවන්ති පෙරේරා මහත්මිය එම දැනුම් දීම සිදුකළාය.

මෙම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ අදාළ නඩු කටයුත්තේ විත්තිකරු වශයෙන් නම් කර සිටින පෙත්සම්කාර හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහි චෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා තීරණය කර ඇති බවය.

ඒ අනුව ඒ පිළිබඳව මහාධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා බවද ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නාය.

ඒ අනුව මෙම නඩුකරයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා එය නොවැම්බර් මස 03 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.



අදහස් (16)

හිටපු නාවික හමුදාපතිට එරෙහි අධි චෝදනා ඉවත් කර ගනී

Nuwan Wednesday, 13 October 2021 12:47 PM

නැතුව බැහැනේ යුද්දෙ දින්නනේ...

:       5       30

Hafeel Wednesday, 13 October 2021 03:07 PM

ජිනීවාවට මැදිහත් වන්න මාර්ග සලසන්නේ මෙවැනි කටයුතුවලින්.

:       3       7

BamunuarachchiThursday, 14 October 2021 08:03 AM

යුද්දේ කාලේ ජිනීවා කොහෙද හිටියේ? කොටි කෙන්ට් ඩොලර් ෆාම් වල පොඩිලමයි කඩුවලින් කපනකොට ජිනීවා කොහෙද හිටියේ? යක්කුන්ට භයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ හලෝ.

:       0       0

kamal Wednesday, 13 October 2021 01:13 PM

අතුරුදන් වූ තරුණයින්ටත් ඒ පවුල්වල අයටත් වූ අසාධාරණය තරයේ හෙළා දකිමු. මේ තරුණයාගේ විග්‍රහයෙන් වැඩක් නැහැ. වැඩක් තියෙන්නේ කැලේ නීතිය රජ කිරීමයි...

:       8       40

සෙනවි Wednesday, 13 October 2021 01:22 PM

උසාවි කුමටද අද දවසේ? හැම චූදිතයාම නිදහස්. මෙහෙමත් දේවල් මොන රටේද වෙන්නේ?

:       7       37

කිරි පුතා Wednesday, 13 October 2021 01:30 PM

යුද විරුවන් කොටුකරන්න නිවටයින් පාලනයේ සිටිද්දී කරපු මගඩි තමයි මේ...

:       50       10

කරුණාජීව Wednesday, 13 October 2021 02:13 PM

එතකොට මියගිය තරුණයින් මැරුණේ ඔටුවන් පිටේ ගිහින්ද?

:       11       29

chandanaWednesday, 13 October 2021 03:18 PM

අප රටේ සිටින හමුදාව හැර අන් සියල්ලෝම මල් වට්ටි අතින් ගත් උපාසක උපාසිකාවන්ය. බෙදුම්වාදය පතුරන්නේද, ත්‍රස්තවාදය පතුරන්නේද, ‌මායිම් ගම්මාන වල අහින්සක මිනිසුන්ගේ බෙලි කැපුවේද කැති ගෑවේද, කොළඹ තැන තැන බෝම්බ පිපරෙව්වේද හමුදාව විසිනි. හමුදාව සතුව හැර ශ්‍රී ලංකාව තුල කිසිවකු ලඟත් ආයුධ නැත. අවම වශයෙන් පාතාලය සතුව වත් ආයුධ නැත. අප රටේ ත්‍රිවිධ හමුදාව නොසිටියේ නම් ගත වූ වසර 40 තුල මේ වන විට අවම වශයෙන් විහාරස්ථාන 40.000 ක් වත් අළුතින් ආරම්භ කර ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට නිර්වාණය බලෙන් හෝ අවබෝධ කර දී හමාරය. සියල්ලටම වඩා පුදුමය නම් මෑත වසර 10 තුල හැර ඒයට පෙර මේ රටේ කිසිවකුත් ජීවත්ව නොසිටීම සහ දැනට ජීවත්ව සිටින සියලු දෙනා 2010 න් පසු ඉපදුනු හෝ 2010 න් පසු මේ රටට සංක්‍රමණය වූවන් වීමය. ඒයට පෙර කවුරුන් හෝ මෙරට වාසය කලේ නම් ඔවුන්ගේ මතකය සහමුලින්ම ‌විනාශ වී තිබීමය. ඒ් අයටද පුදුමාකර රණවිරු අජීර්ණයක්ද වැලදී තිබීමය.

:       15       6

Prabha Wednesday, 13 October 2021 01:41 PM

සම්බන්ධයක් නැතිනම් සාක්කි සහිතව ඔප්පුකරලා නිදහස් කළොත් නේද වැදගත්... ?

:       2       36

වර්ණකුලසූරිය Wednesday, 13 October 2021 02:37 PM

රජය කෙරෙහි ජනතාවගේ කඩවුණු විශ්වාසය දිනා ගැනීමේ තවත් පියවරක්... අතුරුදන් වූවන් එලොව ගියේ දේව වරමකින් බවට ඉදිරියේදී රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥතුමිය අධිකරණය දැනුවත් කරන්නට ඉඩ ඇත. ඉඩි අමීන්ගේ පාලනයට සමාන රාජ්‍යයේ පුරවැසියන් එය අසා නැවත වතාවක් නීතිය කාටත් සමානව ක්‍රියාත්මක කර ගැනීමට විරුවෙක් රජ කරවනු ඇත. යුද්ධය දිනු නිසා සොරකමේ යෙදුණාට ජනතාවට කමක් නැත. එ් වගේම යුද්ධය දිනූ නිසා පුරවැසියන් අතුරුදන් කළාටද කමක් නැත. රටක් හැටියට පවතින තත්ත්වය ගැන අපි ලැජ්ජා විය යුත්තෙමු...

:       2       9

fairoos Wednesday, 13 October 2021 03:07 PM

සර් ආපු දවසේ ඉඳන්ම කරේ ඔය ටිකතමයි. වහල්ලුන්ටනම් සර් පාස්.

:       2       12

Senarath Wednesday, 13 October 2021 03:27 PM

සම්බන්ධය තිබුණා නම් හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ... ඒ වෙනුවට කළේ නාවික නිලධාරීන් රිමාන්ඩ් කරලා ඔවුන්ට බලපෑම් කළ මේ කාලේ අහවලා කියලා කිව්වොත් හෙටම නිදහස් කරනවා කියලා... මේ නඩු දැම්මේ ඒකෙ එක්කෙනාගේ පුද්ගලික තරහ නිසා පිළිගන්නනේ...

:       7       3

සෙනෙවිරත්න Wednesday, 13 October 2021 04:01 PM

මේ නඩු දැම්මේ 2015 ට කලින්, අපට ජී.එස්.පී ලැබෙයිද...?

:       1       7

nimelen Wednesday, 13 October 2021 03:54 PM

මෙහෙම දේවල් තමා බලාපොරොත්තු වෙන්න පුලුවන්....

:       1       8

beau Wednesday, 13 October 2021 11:08 PM

චන්දන, ඇයි රිදුනද? යහපලුවෝ ගොන් වැඩ කරනකොට නම් සද්දයක් නැහැ.

:       1       1

chandanaThursday, 14 October 2021 08:54 AM

කරුණාකර නැවත කියවා බලන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 246 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 96 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 557 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 100 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 230 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2168 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 615 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site