IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


හිටපු පාපන්දු ක්‍රීඩක මැරඩෝනා සමුගනී


ආජන්ටිනාවේ හිටපු පාපන්දු ක්‍රීඩක ඩියෙගෝ මැරඩෝනා, මොළයේ රුධිර කැටි ගැසීමක් සඳහා සැත්කමක් කර සති දෙකකට පසුව හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (25) සිය නිවසේදී  ගියේය. මිය යන විට ඔහු 60 වැනි වියේ පසුවිය.

පාපන්දු පිටියේ සිටි ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ඔහු, මත්ද්‍රව්‍ය සහ මත්පැන් වලට ඇබ්බැහි වීම හේතුවෙන් ක්‍රීඩාවෙන් පිටත ජීවිතයේදීද දැඩි ලෙස කතාබහට ලක්වූ පුද්ගලයකු විය.

වස‍ර 1986 දී පාපන්දු ලෝක කුසලාන දිනා ගැනීම සඳහා ආජන්ටිනා කණ්ඩායම මෙහෙය වූ හෙතෙම, එහි තරගයකදී එංගලන්ත කණ්ඩායම තරගාවලියෙන් ඉවත් කරමින් ‘දෙවියන්ගේ හස්තය’ නමින් ලොව ප්‍රචලිත ගෝලය වාර්තා කළේය.

ඉතාලි ක්‍රීඩා සමාජයක් වන නැපෝලි කණ්ඩ‍ායම සමඟ එක්ව ලීග තරගාවලි සඳහා සහභාගි වූ මැරඩෝනා, 1987 සහ 1990 වසරවලදී සෙරී ඒ ලීග ශූරතාවද, 1987 වසරේදී ඉතාලි කුසලානයද, 1991 වසරේදී යූෆා කුසලානයද දිනා ගැනීමට සමත් විය.

කෙසේ වුවත් එම කාල වකවානුව තුළ ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි අතර ඒ හේතුවෙන් ක්‍රීඩා සමාජයෙන් ඉවත් වූ 1991 වසරේදී ඔහුට එරෙහිව මාස 15 ක තරග තහනමක්ද පැනවිණ. වසර 1994 දී ඇමරිකාවේ පැවති ලෝක කුසලාන තරගාවලියකදී ඔහු මත්ද්‍රව්‍ය සම්බන්ධ පරීක්ෂණයකින් අසමත් වූ අතර 1999 සහ 2000 යන වසරවලදී හෘදයාබාධ හේතුවෙන් රෝහල් ගත කරනු ලැබීය.

මොළයේ සැත්කමක් සඳහා රෝහල්ගත කර දින අටක් වැනි කෙටි කාලයක් තුළ මැරඩෝනා, රෝහලෙන් පිටව ගියේය. සැත්කමෙන් අනතුරුව (නොවැම්බර් මස 11 වැනිදා පස්වරු 6 ට පමණ) මැරඩෝනා සිය පෞද්ගලික සායනයෙන් ඉවතට ගෙන ගිය මොහොතේදී රසිකයන් සිය ගණනක් ඔහුගේ ඡායාරූප ගැනීමට උත්සාහ කළහ.

එක්සත් රාජධානියේ වේලාවෙන් බදාදා පස්වරුවේදී ආර්ජන්ටිනාවේ ‘ක්ලැරින්’ පුවත්පත වාර්තා කළ  මැරඩෝනාගේ අභාවය පිළිබඳ පුවත ලොව පුරා මහත් බලපෑමක් ඇති කළේය. මැරඩෝනාගේ නීතීඥවරයා මෙම කනගාටුදායක පුවත සනාථ කළ අතර ඒ සමගම ලොව පුරා පාපන්දු ක්‍රීඩා ලෝලීන් ඔහු වෙනුවෙන් ශෝකය පළ කළේය.

036



අදහස් (7)

හිටපු පාපන්දු ක්‍රීඩක මැරඩෝනා සමුගනී

Karunarathna Gampola Thursday, 26 November 2020 03:57 AM

ලොව බොහෝ දෙනාගේ ආදර, ගෞරව ලබාගත් සොහොයුරාණෙනි, ඔබ ඇදහූ ආගම කුමක්දැයි මම නොදනිමි. මේ ආත්මයේදී දැකපුරුද්ද, පලපුරුද්ද නිසා ඉතාමත් ඉහළින්ම ජනප්‍රිය වුණා. ඒ වගේම මතු භවයේදීත් පෙර පුරුද්දක් ලෙස ඔබට මේ හැකියාවන් ලැබේවා..!!! අවසානයේදී මම අදහන දහම අනුව භව ගමන නිමා වේවා..!!!

:       0       21

RaveendraThursday, 26 November 2020 10:00 AM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. අප පාසැල් යන අවධියේ මොහු ඉතාමත්ම ප්‍රසිද්ධ මෙන්ම ජනප්‍රිය චරිතයකි. මොහු වෙනුවෙන්ම "Don't cry for me Argentinaa" නමැති සුන්දර ලස්සන ගීතය නිර්මාණය විය.. (සමහර විට මා වැරදිවිය හැක). අදටත් මේ ගීතය රසවිඳීමට හැකි තරමටම ලස්සන ගීතයකි.. මොහුට නිවන් සුව අත්වේවා...!!!

:       0       5

sharm warn Thursday, 26 November 2020 04:12 AM

ඔහුගේ ආත්මය සමාදානයේ සැතපේවා. සුබ ගමන් සොහොයුරා.

:       0       17

Jolly kolla Thursday, 26 November 2020 05:02 AM

ඒකට ඉතින් අපිට මොකද? මූසල ආණ්ඩුව අපිට කරලා තියෙන දේවල් හැටියට!!

:       13       3

SUNIL MILANO Thursday, 26 November 2020 07:38 AM

ජොලි කොල්ලා නම් අපත වැඩමයි කරන්නේ.

:       0       2

Dilan Thursday, 26 November 2020 09:28 AM

පාපන්දු ක්‍රිඩාවේදී හිසෙන් පන්දුවට පහර දීම... මෙවැනි පසුකාලීන ආබාධ වලට හේතු විය හැක.

:       1       2

පූජා Thursday, 26 November 2020 10:06 AM

මගේ මතකයේ හැටියට 1986 එංගලන්තය සමඟ ලෝක කුසලාන පාපන්දු තරඟයේදී ඔහු විසින්, සුලු අත් වැරදීමකින් ගසන ලද"හෑන්ඩ් බෝල්" එක ගැන අදත් විචාරකයින් මහත් ඉහළින් කතා කරනවා. අද මෙන් නවීන තාක්‍ෂණය භාවිතා නොවුණා. එකල ඔහු විසින්ම පිළිඅරන් තිබුණා එය හෑන්ඩ් බෝල් එකක් බව. එයින් ඔවුන්ට ජයග්‍රහණයත් හිමිවුණා. ඔහු අති දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක්. සුබ ගමන් ඔහුට..!

:       0       13

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 861 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 699 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 762 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 5811 31

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2124 9

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 814 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 326 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 611 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1757 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site