IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


හිටපු බන්ධනාගාර නියාමක කසිප්පු පෙරද්දී මාට්ටු

(බුලත්සිංහල ලක්මි කුඩලිගම)

නිතී විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ හිටපු බන්ධනාගාර නියාමක සුවිසල් නිවසක් තුළ කසිප්පු පෙරමින් සිටියදි ගෝඩා මිලිමීටර් ලක්ෂ 13 පමණ අඩංගු  බැරල් නවයක් සහ ගෑස් සිළින්ඩර් 9ක් ඇතුළු පෙරන උපකරණ රැසක් සමග අද (7) සවස  අත්අඩංගුට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි. 

අත්අඩංගුවට ගත් පුද්ගලයා බුලත්සිංහල කඳන්වාඩිය ප්‍රදේශයේ පදිංචි  වයස අවුරුදු 36 ක් පමණ වන විවාහක පුද්ගලයෙකු වන අතර ⁣ඔහු  බන්ධනාගාර  නියාමකවරයෙකු වශයෙන් සේවය කර එහිදී ඇතිවූ  සිද්ධියක් නිසා වැඩ තහනමට ලක්වූ පුද්ගලයෙකු බවද පොලිසිය පවසයි.

ඔහු මාස කීපයකට පෙර හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම හේතුවෙන් බුලත්සිංහල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන   බන්ධනාගාර ගතව සිට නැවත පැමිණ සිටි පුද්ගලයෙකු බවත් බුලත්සිංහල නගරයේ ස්ථාන කීපයකටම මහා පරිමාණයෙන් කසිප්පු බෙදා හරින පුද්ගලයෙකු බවද පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් පෙරන උපකරණ අතර ගෝඩා බැරල් නවයක්, ගෑස් සිළින්ඩර් 9ක් ගැස් ලිපක් ඇතුළු උපකරණ රැසක් තිබෙන බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු සහ උපකරණ හෙට (8) මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන විදානගේ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරික්ෂක වල්පොල, පො සැ, (43040) සුනිල්ම, පො,කො, (62944) චානක මහතා ඇතුළු පොලිස් නිලධාරිහු වැටලීම සිදුකළහ.



අදහස් (2)

හිටපු බන්ධනාගාර නියාමක කසිප්පු පෙරද්දී මාට්ටු

Gamage Friday, 08 September 2023 11:25 AM

කස්සිප්පු පෙරීම වරදක් නොවේ එයට රජය අවසර දිය යුතුයි.

:       0       2

Bunny PreenaFriday, 08 September 2023 02:21 PM

කසිප්පු නියාමක කියලා තනතුරකුත් හඳුන්වලා දෙමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අරලියගහ මන්දිරය ඉදිරිපිට ආරක්ෂක කුටි ඉවත් කරයි
2024 ඔක්තෝබර් මස 13 70 0

අරලියගහ මන්දිරය ට යාබදව ඉදිකර තිබූ ආරක්ෂක කුටි ඉවත් කිරීම පෙරේදා (11) සිදු කළේය.


බල කණු ඇද වැටුණු පුත්තලම් පොර පිටිය
2024 ඔක්තෝබර් මස 13 379 0

පුත්තලම් දිස්ත්‍රික්කයෙන් 2024 පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා පත්‍ර වල හිටපු කැබිනට් ඇමති,රාජ්‍ය ඇමති සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙ


ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 1301 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 1399 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 416 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 219 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26052 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 299 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1343 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site