(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නීති විරෝධී ලෙස කොටස් ගෙන්වා එකලස් කරන ලද ලියාපදිංචි නොකළ අති සුඛෝභෝගී මෝටර් රථයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ලබන 7 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් සංජය විජේසිංහ මහතා නියෝග කළේය.
රේගු ආඥා පනත, දණ්ඩ නීති සංග්‍රහය, මෝටර් රථ ආඥා පනත, මුදල් විසුද්ධිකරණය ,පොදු දේපළ පනත යන වගන්තිය යටතේ චෝදනාව නැගිය හැකි වරදක් බවට මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරිසක මංජුල තුෂාර මහතා සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නුවන් ප්‍රභාත් මහත්තුරු අධිකරණයට කරුණු දැක්වූහ.
හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ වන රශි පබා රත්වත්ත මහත්මියට අයත් මිරිහාන ඇඹුල් දිනය ශාලාව පාරේ නිවසේ ගරාජයක තිබී රුපියල් කෝටි ගණනාවක් වටිනා අති සුඛෝභෝගී මෝටර් රථය ඉකුත් 26 වෙනි පොලිස් භාරයට ගැනීමත් සමග අතුරුදන්ව සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ නිවසකදී අද පෙරවරුවේ අත්අඩංගුවට ගැනීමට මිරියාන මූලස්ථාන පොලිසියේ නිලධාරීන් පිරිසක් කටයුතු කර තිබිණි.
එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා විශේෂ වැටලීම් සහ විමර්ශන ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
රුසියාවේ අභ්‍යන්තරයට ප්‍රහාර එල්ල කිරීම සඳහා යුක්රේනයට ලබාදුන් සිය අවි භාවිත කිරීමට අවසර දුන් රටවල ඇති හමුදා පහසුකම් මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිර
මන්නාරම සවුත්භාර් මුහුදු සීමාවේදී මුහුදේ පාවෙමින් ආ පර්සලයක් පරික්ෂා කිරීමේදී එය පුපුරා යාම හේතුවෙන් ධීවරයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබ ඊයේ (21) දින රෝහ
ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධ
බත්තරමුල්ල නගරය හරහා ධාවනය වූ සුඛෝපභෝගි මෝටර් රථයක හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් එම රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි කෝට්ටේ මහ නගර සභාවේ ගි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර