IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


හිටපු විශ්‍රම වැටුප් අධ්‍යක්ෂක ඇතුළු විශ්‍රාමිකයින් 95 ක් රීට් පෙත්සමක් ගොනු කරයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

සියලුම රජයේ විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කරනතුරු තමන්ට ප්‍රදානය කළ විශ්‍රාම වැටුප් දීමනාව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය මඟින් තම අයිතිවාසිකම් කඩ වී ඇති බව සඳහන් කරමින් , එම තීරණය අඩංගු චක්‍රලේඛය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු විශ්‍රම වැටුප් අධ්‍යක්ෂක ජනරාල් , විශ්‍රාමිකයින්ගේ අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ඇතුළු රජයේ  විශ්‍රාමිකයින්  95 දෙනෙකු  අද  (01) අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරනු ලැබූහ.

පන්නිපිටිය පදිංචි සරත් ලාල් පෙරේරා , හිටපු විශ්‍රම වැටුප් අධ්‍යක්ෂක ජනරාල කේ.ඒ.තිලකරත්න මහතා විශ්‍රාමිකයින්ගේ අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු මහින්ද ජයසිංහ මහතා ඇතුළු විශ්‍රාමිකයින් 95 දෙනෙකු ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂවරයා, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ඇතුළු විසි දෙනෙකු නම් කර ඇත.
 
නීතීඥ සුනිල් වටගල මහතා මඟින් ගොනු කළ පෙත්සමේ මෙසේද සඳහන් වේ.

පෙත්සම්කරුවෝ සියලු දෙනාම රජයේ විශ්‍රාම වැටපු ලබන විශ්‍රාමික රජයේ සේවකයෝ වෙති.2016 ජනවාරි 01 වැනිදා සිට 2019 දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ විශ්‍රාම ලැබූ පෙත්සම්කරුවන් ඇතුළු සියලුම විශ්‍රාමිකයින්ට නව දීමනාවක් විශ්‍රාම වැටුපට එකතු කරන බවත් පෙත්සම්කරුවන්ට දැන ගන්නට ලැබිණි.එය මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට විශ්‍රාම වැටපුට එක් කරන බවත් එවකට පැවති රජය ප්‍රකාශ කළේය.

නමුත් පෙත්සම්කරුවන් ඉමහත් පුදුමයට පත් කරමින් 2020 ජනාරි 02 වැනිදා ගත් අමාත්‍ය මණ්ඩල තීරණය අනුව සියලුම විශ්‍රාමිකයින් ගේ වැටුප් වර්ධක අත්හිටුවන බවට 35 /2019 (1)  චක්‍රලේඛය අනුව දැනුම් දුන්නේය

මෙම නව චක්‍රලේඛය මඟින් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වන බවත් , එය අසාධාරණ සහ අයුක්තිසහගත බවත්ය.

එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , අදාළ චක්‍රලේඛය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් , තමන්ගේ අත්හිටවූ විශ්‍රාම වැටුප් වර්ධක සහිත දීමනා ලබා දීමට නියෝග කරන ලෙස පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති.
 
විශ්‍රාමිකයින් සඳහා වැඩි කරන ලද විශ්‍රාම වැටුප වහාම ගෙවන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති.

 



අදහස් (0)

හිටපු විශ්‍රම වැටුප් අධ්‍යක්ෂක ඇතුළු විශ්‍රාමිකයින් 95 ක් රීට් පෙත්සමක් ගොනු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට ට්‍රම්ප් පැනවූ තීරු බද්දට මාස තුනක විරාමයක්
2025 අප්‍රේල් මස 10 147 0

“අන්‍යෝන්‍ය බදු ක්‍රමය’’ යටතේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60 කට පමණ පැනවූ ඉහළ තීරු බදු ප්‍රතිශත ක්‍රියාත්මක කිරීම දින 90 කට අත් හිටුවීමට ඇමෙරිකානු ජනාධිපති


ගර්භාෂ බද්ධයෙන් පසු සාර්ථක දරු උපතක්
2025 අප්‍රේල් මස 10 71 0

බ්‍රිතාන්‍යයේ සිදු කළ පළමු ගර්භාෂ බද්ධයෙන් පසු, උපත ලැබූ පළමු දැරිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.


හැම පාසලකටම බෙදන්නේ එකම හැන්දෙන්
2025 අප්‍රේල් මස 10 131 1

විදුහල්පතිවරුන් පත්කිරීමේදී සියලුම පාසල් වලට අනුගමනය කරන්නේ එකම ප්‍රතිපත්තියක්, එකම ක්‍රමවේදයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවස


යාපනයේ පාරක් වසර 34කට පසු මහජනයාට විවෘත වෙයි
2025 අප්‍රේල් මස 10 338 1

යුද්දය හේතුවෙන් අධිආරක්ෂිත කලාපයක් වශයෙන් නම් කොට තිබූ පලාලි පේදුරුතුඩුව මන්සන්ධිය දක්වා වූ මාර්ගය වසර 34 කට පසුව අද (10) දින සාමාන්‍ය ජනතාවගේ ගමනාගමනය ව


අද කාලගුණය
2025 අප්‍රේල් මස 10 264 0

බස්නාහිර සහ දකුණු පළාත්වල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


අපරාද කණ්ඩායමක සාමාජිකයකු මාට්ටු
2025 අප්‍රේල් මස 10 437 0

ඩුබායි රාජ්‍යයේ සිට මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන අනුගාමිකයකු ගිනි අවි හා මත්


මේවාටත් කැමතිවනු ඇති

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 186 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 836 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 639 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

Our Group Site