(සුනිල් එස් තන්ත්රිආරච්චි සහ සුමිත් පොතුපිටිය)
කළුතර නගර මධ්‍යයේ පිහිටි හෝටලයක උඩු මහලින් වැටී 16 හැවිරිදි සිසුවියක මිය යාමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනකු සහ සැකකාරියක මැයි 15 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කළුතර වැඩබලන මහේස්ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා නියම කළේය.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ මියගිය සිසුවිය සමග හෝටලයට ගිය ඇගේ යෙහෙළියක වූ පබර මාවින්දි, ඇගේ පෙම්වතා බව කියන ඉහාන් තිනුර ද සිල්වා සහ මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ දැනට අතුරුදහන්ව සිටි සැකකරු මෝටර් රථයකින් රැගෙන ගිය බව කියන කවිඳු අංජන ලංකාපුර යන තිදෙනාය.
කළුතර නාගොඩ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවියක වූ ටිහාරා නිර්මාණී සිල්වා මෙම සිද්ධියෙන් මිය ගියාය.
ප්‍රධාන සැකකරු ලැගුම් හලෙන් පලාගිය මෝටර් රථය කළුතර පලාතොට ප්‍රදේශයේ සගවා තිබියදී සොයාගෙන බේරුවල වලතර ප්‍රදේශයේ පදිංචි මෝටර් රථයේ රියදුරු ද අත්අඩංගුවට අත්අඩංගුව ගත්තේය.
තරුණිය ඇදවැටීමෙන් පසු ලැගුම් හලෙන් පලාගිය සැකකරු බණ්ඩාරගම ගැලනිගම දක්ෂිණ අධිවේගී පිවිසුම අසලට ගමන්කර එහි මෝටර් දමා යාමෙන් පසු රථය රැගෙන පැමිණි ඇති බවට රියදුරුගේ ප්‍රකාශ වලින් තහවුරුව ඇති බව අධිකරණයේදී කියැවිණි.
මෙම සිව්දෙනා ප්‍රධාන සැකකරුගේ මෝටර් රථයෙන් පස්වරු 6.20 ට පමණ කළුතර ලැගුම්හලට පැමිණ වායුසමනය කළ සහ නොකළ වශයෙන් කාමර දෙකක් ලබාගෙන ඇති බවත්, ඔවුන් සමග සිව්දෙනාම එකම කාමරයක මත්පැන් පානය කරමින් සිටින අයුරු හෝටල් සේවකයකුගේ ප්‍රකාශවලින් තහවුරුව ඇති බවත් පරීක්ෂණ සිදුකරන නිළධාරීයෙක් කීය.
හෝටලය තුල පැයකට ආසන්න කාලයක් රැදීසිටි රිමාන්ඩ් බාරයට පත් වූ තරුණ යුවළ හෝටලයෙන් පිටව ගොස් ඇති අතර ඉන්පසු ප්‍රධාන සැකකරු අනෙක් තරුණයාට පාසල් සිසුවිය පහළට ඇදවටුන බවත්, අපි ඔක්කොම අමාරුවේ වැටෙනවා ඕක හංගපන් යනුවෙන් උපදෙස් දී ඇති බවත් සදහන් වේ.
ඒ අනුව ඔවුන් දෙදෙනා මළසිරුර වැටී තිබුන ස්ථානයට මීටර් 600 ක් පමණ පාගමනින් ගොස් රේල්පාරේ තිබූ මළසිරුර අයිනකට ඇද දමා කළුතර දෙසට ගමන්කර ඇතැයිද පොලිසිය කීය.
නිරුවත් මළසිරුර රේල් පාරෙන් ඉවත්කරන අයුරු හෝටල් සේවකයකු සහ හෝටලයේ දෙවන මහලේ ආහර ගනිමින් සිටී කාන්තාවක දැක ඇති බවද පොලිසිය කීය.
කළුතර ශීක්ෂණ රෝහලේදී පශ්චාත් මරණ විමර්ශනය සහකාර අධිකරණ වෛද්‍ය නිළධාරී ඩී.කේ. වෙනුරජිත් මහතා විසින් සිදුකර ඇති අතර , ශරීර කොටස් සහ රුධිර සාම්පල් රජයේ රස පරීක්ෂක සහ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකර ඇත.
ශරීරය පරීක්ෂා කිරීමේදී දැරියගේ දකුණු පාදයේ සහ වම් පියයුරක දත් පහරවල් නිරීක්ෂණයවී ඇතැයිද සදහන් වේ.
(ඡායාරූප: සුමිත් පොතුපිටිය)
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හෝටලයෙන් වැටුණු සිසුවියගේ සිරුරේ දත් පාරවල්
Bamunuarachchi Monday, 08 May 2023 06:02 PM
හෝටලයේ උඩුමහලින් වැටුණා කියා තීන්දු කළේ කව්ද? වැටුණාද? පැන්නාද? තල්ලු කළාද? වැටුණොත්, තල්ලුකළොත් කෑගහගෙන වැටෙන්නේ.
චමින්ද Tuesday, 09 May 2023 07:37 AM
බමුණු ආරච්චි හරියට හරි
BamunuarachchiWednesday, 10 May 2023 03:13 PM
හරි නේද ? ප්‍රදාන සැකකරු කියන විදිහට මේ ළමයා පැනලා.
Dhammika Senarath Monday, 08 May 2023 09:25 PM
මේකේ සැකපිට අත් අඩoගුවට ගත් එවුන්ගේ නම් ගම් පවා දාලා. ඒත් ඕමාන කම්හල වහන්න වුන රාජ්‍ය ඇමතිගේ නම දාන්න තාම බැරි වුනා. ඒවට තටමනවා. ඔන්න අපේ රටේ මාධ්‍ය. විලි ලැජ්ජයි
ArunaThursday, 11 May 2023 09:31 AM
මේකෙ නංගං දැම්ම වගේ අැයි අර වැල්ලවත්තෙ පාන්දර වාහනේ හප්පගත්ත දේසපාලුවගෙ නමයි පුතාගෙ නමයි දාාන්න බැරි. බයද, එහෙම නැත්තං උබලත් අපරාදකාරයොද...
Dhammika Tuesday, 09 May 2023 12:09 AM
මම කමෙන්ට් එකක් දැම්මා. තාම ඒක වැටිලා නෑ. ඇයි දන්නේ නෑ ඒ?
ලසන්ත Tuesday, 09 May 2023 07:08 AM
දැරියගේ චරිතය කෙසේද කියලා පැහැදිලි නැහැ ඒත් පබර කියන යාලුවා නම් 1987-89 කාලයේ මිනීමැරුම් කරපු ජෙප්පො අනුගමනය කරන එකියක් තමයි ඒ කාලයේ ජෙප්පො කලෙත් ඒකම තමයි උදාහරණයක් හැටියට ඉමිහිරි ගායනයකින් ජනතාව සැනසූ ගෝමස් ගායිකාව ගැන කියන්න පුළුවන් ජනතාව මාලිමාව ගේන්න සිටින නිසා අපිට නුදුරේදීම පබර වගේ පාලකයො ආවොත් තවත් හොදින්ම පැහැදිලි වේවි
සෙනෙවිරත්න Thursday, 11 May 2023 05:09 PM
හැම එකටම දේශපාලනය අදින්නෙ රෝගයක්ද? ජෙප්පන් රට පාලනය කළා නම් මෙහෙම වෙන්නේ නැහැ. නහය ළඟට ගිලිලාත් ජෙප්පන්ගේ ඇද හොයනවා...
priyadarshaniFriday, 12 May 2023 05:03 PM
මේ වගේ කෙනෙක්...
ShanSaturday, 20 May 2023 01:35 PM
හොඳට පේනවා ජෙප්පන්ව පෙන්නන්න බැරි එකෙක් කියලා. තව අල්ලන්න රාජපක්ෂ රනිල්ලාට. සාගරිකාව කව්ද මැරුවේ කියලා මුලු මොරටුවම දන්නවා. මෙයා කියනවා JVP කියලා. ලංකාවෙද ඉන්නේ?
සත්‍යපාල Tuesday, 09 May 2023 07:44 AM
මුල් වාර්තා හා ඡායාරූප අනුව එහි සිටි පුද්ගලයා පච්ච්කෙටූ නැත්නම් ටැටූ ගසාගත් රැවුල වවා තොප්පියක් හිසදා කලු නැත්නම් අදුරු ඇදුමක් ඇදගත් පුද්ගලයෙක් කියලා පෙනුනා එහෙම අය විශේෂයෙන් කලු ඇදගත් අයගැන කිසිම විශ්වාසයක් තියන්න හොද නැහැ ඔවුන්ගේ සිත් ඉතාමත් දරුණුයි නැත්නම් ඔවුන් සමාජයට අකටයුතුකම් කරන පිරිසක් තමයි මේක පිරිසක් නොපිළිගන්නවා වෙන්න පුළුවන් ඒත් මම කියන්නෙ තරුණ දැරියන්ට මම කියපු ලකුණු හතර තියෙන අය ආශ්රයෙන් වැලකීම තමන්ගෙ ආරක්ෂාව සදහා ප්‍රයෝජනවත් වෙනවා කියලා පමණයි
Lalla Tuesday, 09 May 2023 08:47 AM
මොනව කිව්වත් මේ ලමයගේ දෙමාපියන් වැඩිහිටි තරුණියක් සමග දුවට යන්න දීම වැරදි...
මහේෂ් Tuesday, 09 May 2023 12:40 PM
මියගිය දැරියට නිවන්සුව ලැබේවා. මතු උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයක් නොමවේවා. නිවන් දක්නා තුරුම කල්‍යාණ මුතුරන් ඇසුරු කිරීමට ලැබේවා...... දෙමව්පියන්ට බොරු කියන, වංචා කරන, රවට්ටන ඒ අයගේ සිත් රිදවන හැමෝටම මේවා ජීවිතේට පාඩමක් කරගන්න.එවැනි අයට යහපතක් වෙන්නෙම නෑ කවදාවත්.. අනික කව්රු උනත් පාප මිත්‍රයන්ගේ ඇසුරෙන් ඈත් වෙන්න.
Eagle eye Wednesday, 10 May 2023 11:43 AM
මේක තනිකරම යාලුවා එයාගේ කොල්ලා එක්ක ප්ලෑන් කරලා දුන්නු බ්ලැක්මේල් වැඩක්...
මර්වින් සේනාධීර Wednesday, 10 May 2023 02:55 PM
කොහොමටත් සසර පුරුදු කළ පව් අමතක කරන්න බැහැ. ඒ වුණත් පාපමිතුරු ඇසුරු කිරීමේ ප්රතිඵලයි... මේ තමාගේ මාපියන් රැවටීම විශේෂයෙන්ම මව්තුමිය රැවටීම... අද ඉන්නා බාල වයසේ දූවරු සිතන්න අද සමාජය විෂමයි, දරුණුයි දෙවියන්ගේ නාමයෙන්... හැඟීම් වලට නතු වෙන්න ඵපා... තක්කඩියන්ට රැවටෙන්න එපා. දුක් මහන්සි වෙන්නේ දෙමාපියන්..!
Ganga Kumanayake Thursday, 11 May 2023 04:26 AM
වැඩිවියට පත් දැරියකට නිවසේ කෙනෙක් නැතිව ගෙදරින් එිලියට හවස් වරුවක යන්න දෙන එක වැරදියි. එහෙම වුනානම් මේ වගෙ අවාසනාවන්ත ඉරණමක්්අඅත්නොවෙන්න තිබුනා.
නිස්සන්ක ද සිල්වා Thursday, 11 May 2023 08:34 AM
මියගිය සිසුවිය අවුරුදු 16 බව කියනවා. එ වගේ කුඩා දැරියක් මත්පැන් පානය කරල අමු නිර්වස්ත්‍රව හොටල් කාමරයක ආගන්තුක පුද්ගලයකු ඉදිරියේ නටන්න පිලිවන් නමි, ඒ තැනැත්තියගේ චාර්යාව මනාව පැහැදිලි වෙනව. දොස් කියන්න තියෙන්නේ මෙවැනි දියණියකි හදාපු දෙමවිපියන්ටයි. කුඩා කාලයේ සිටම දෙස බස සදාචාරය පුරුදු කරල නැහැ.
Piyal weerasingheFriday, 12 May 2023 08:19 PM
මේ ඔක්කෝටම වැඩිය මේ පවුලේ පරිසරය ගන හොයා බලන්න ඕනේ. අම්මා දුව ගැන කොපමණ හොඳ කීවත්... ඒ ළමයා මත්පැන් බීලා නිර්වස්ත්‍රව රඟන්න අත්දැකීමක් තියෙන්න ඕනේ. අනික කවුද ගැහැණු දරුවෙක් සවස හයෙන් පසු ගෙදරින් පිට කරන්නේ වගකියන කෙනෙක් නැතුව...
shanSaturday, 20 May 2023 01:45 PM
මොන ශත වර්ශයේද ඉන්නේ. පිරිමි ළමයි විතරද 6න් පස්සේ යන්න හොඳ..?
chandimaFriday, 19 May 2023 12:10 AM
දැරිය මත්පැන් බිවුවද නැතිද දන්නේ කවුද ?
හැරල්ඩ් Thursday, 11 May 2023 10:40 AM
හීනෙන් ඇවිදින ලමයිනුත් ඉන්නවා
Wimalarathna Rajakaruna Thursday, 11 May 2023 01:20 PM
ආගමට දහමට දරුවන් යොමු නොකිරිමෙ වරද දෙමාපියන් බාරගත යුතුය
shanSaturday, 20 May 2023 01:43 PM
ආගම දහමෙන්ම හැදෙයි ළමයි ටික. දෙමව්පියෝ ළමයින්ට ඇත්ත කියලා දෙන්න ඕනේ. අද ඉන්න හොර දේශපාලුවන් පස්සේ යන අය කියන බණ අහනවාට වඩා හොඳයි කන් වහගෙන ඉන්න එක. ඔහේගේ ළමයි මහණ කරවලා ආගම, දහමට යොමු කරන්න.
A.C.Devika Alwis Thursday, 11 May 2023 03:19 PM
මෙකට එ ගෑනු ලමය , එතා සිටි අනෙක් අය විතරක්ම නෙවෙ අපෙ සමජයෙ හැමෝම වැරදි නිසයි මෙවගෙ අපරාද වෙන්නෙ.