IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


හෙට කොළඹ ආරක්ෂාවට පොලීසියේ 3500ක්

(ඉන්දිකා රාමනායක)

ලෝක  කම්කරු දිනය සමරමින්   කොළඹ  නගරයේ හෙට  (1) දිනයේ පැවැත්වෙන මැයි රැළි හා  පොළපාලි  වල    ආරක්ෂාව  හා  රථවාහන හැසිරවීමේ රාජකාරි වෙනුවෙන් පොලිස් නිලධාරීන් 3500 ට ආසන්න පිරිසක් ක්ෂෙත්‍ර රාජකාරි සදහා යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

මෙවර කොළඹ නගරය   , නුගේගොඩ, මහනුවර සහ හැටන් යන ප්‍රදේශ වල අවදානය යොමුවන ප්‍රධාන රැළි හා පෙළපාලි පැවැත්වෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

කොළඹ  නගයේ   හෙට දිනයේ පැවැත්වෙන  මැයි පෙළ පාලි හා රැළි අතර    සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගන, බොරැල්ල කැම්බල් පිටියේ   මැයි   රැළි පැවැත්වෙන අතර,  පෙළපාලි අතර පංචිකාවත්ත සංඝරාජ හංදියේ සිට කෙසෙල්වත්ත  ඊ ගුණසිංහ ක්‍රිඩාංගනය දක්වා  පෙළපාලයක්  ආරම්භ වී එහි රැළියක් පැවැත්වේ.

හැව්ලොක්  පාරේ බී ආර් සී පිටිය අසලින්  පෙළපාලිය ආරම්භ වී  ආර් සේනායක මාවතේ දී එහි   රැළිය පැවැත් වේ.  රතුකුරුස හංදියේ  සිට හයිඩ්පිටිය දක්වා පෙළපාලියක් ආරම්භ වී  එහි රැළියක්    පැවැත්වේ.

කොටුව දුම්රිය ඉදිරිපිට සිට මාලිගාවත්ත  පී ඩී සිරිසේන ක්‍රිඩාපිටියේ දක්වා පෙළපාලිය ආරම්භ  වී  එම රැළිය එහිදී පැවැත්වේ. නුගේගොඩ දෙල්කඳ සිට නුගේගොඩ එළිමහන් රංග පීඨය දක්වා  පෙළපාලියක් ආරම්භ  වී එහි රැළියක් පැවැත්වේ.  

මෙම පෙළපාලි  මාර්ගයේ ගමන් කරන  ආකාරය  සම්බන්ධයෙන්   එහි සංවිධායකවරුන් කල්තියා පොලිසිය දැනුවත් කර ඇති බවත්,  මෙම  පෙළපාලි    මාර්ගයේ  ගමන් ගන්නා රථවාහන වලට බාධා නොවන අයුරිය් එක් මංතිරුවක් ඔස්සේ ගමන් කරන බවට සංවිධායකවරුන් පොලිසියට දැනුවත් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.


එකඟ වු ආකාරයෙන් කටයුතු කර ,  ලබා දී තිබු  වේලාවන් වලට   පෙළපාලි ආරම්භ කර   පොලිසියට සහය ලබා දෙන ලෙසට සියලු  සංවිධායවරුන්ගෙන්  ඉල්ලා සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.



 

 



අදහස් (1)

හෙට කොළඹ ආරක්ෂාවට පොලීසියේ 3500ක්

මහී Monday, 01 May 2023 07:20 AM

අපරාදේ සල්ලි ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 25 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


කෝටි 80ක් වටිනා මී හරකෙක්
2024 නොවැම්බර් මස 17 606 0

ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.


සජබ ජාතික ලැයිස්තුවෙන් පිරිසුදු අය දෙන්න
2024 නොවැම්බර් මස 17 588 0

මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න


සිරුරු කොටස් අවිධිමත් ලෙස බැහැර කළ මල්ශාලා සේවකයා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 421 0

මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත


බීඩි කොළ ඇසුරුම් 40ක් සැකකරුවන් සමඟ මාට්ටු
2024 නොවැම්බර් මස 17 84 0

ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් මෙරටට ගෙන්වන ලද,බීඩී කොළ ඇසුරුම් 40 ක්,ඒවා ප්‍රවාහනය සදහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් සැක කරුවන් දෙදෙනෙකු ද


සිලින්ඩරේ ලයිස්තු මන්ත්‍රීධුර නම් කිරීම කල් යයි
2024 නොවැම්බර් මස 17 1045 1

ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක නම් කිරීම ටික දිනකට කල් යනු ඇතැයි පක්ෂ ආර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 340 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1783 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site