(යොහාන් භාසුර)
සමස්ත ශ්‍රී ලංකාවට හෙට (16) රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද නිවේදනය කළේය.
මෙම ඇදිරි නීතිය අත්‍යවශ්‍ය සේවා සඳහා බලනොපාන බව ද ප්රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියයි.හෙට සිට සැම දිනකම රාත්‍රී 10 සිට අලුයම 4.00 දක්වා ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්රේ
මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප
අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හෙට රාත්‍රී 10 සිට අලුයම 4 තෙක් ඇඳිරි නීතිය
pakeer Sunday, 15 August 2021 08:33 PM
රෑට තමයි කොරෝනා වෛරසය ඇක්ටිව් වෙන්නේ... මිනිස්සු ගොඩක් එළියට යන්නෙත් ඒ වෙලාවට.. හොඳ බුද්ධිමත් තීරණයක්. මෙන්න මේ වගේ බුද්ධිමත් තීරණ තමයි රටට අවශ්‍ය.. හොඳ දැක්මක් තියෙනවා. ඉදිරිය සුබයි.
NimalMonday, 16 August 2021 01:05 AM
මොවුන්ගේ මෝඩ තීරණ ඔහොම තමයි
siripala Monday, 16 August 2021 02:10 AM
රජය මෑතකදී ගත් බුද්ධිමත්ම තීරණය වන රාත්‍රී 10 සිට අලුයම 4 තෙක් ඇඳිරි නීතිය යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් රටේ ජනතාව වෙත නොපමාව දැනුම් දී තිබේ...
siri Sunday, 15 August 2021 08:48 PM
නිශාචරයින්ට වසංගතය බෝවෙන එක වළක්වාගන්න වෙන්න ඇති. වෙන තේරුමක් නම් නෑ.
siri Sunday, 15 August 2021 08:50 PM
පැලැස්තර?
sachith Sunday, 15 August 2021 08:54 PM
රට වටේ කොරෝනා බෙද බෙද ගිය වවුලන්ට හොඳ වැඩේ...
මහසෙන් Sunday, 15 August 2021 08:56 PM
නිශාචර ඇඳිරි නීතීය... කාටද? වවුලන්ටද? දැන් රෙද්දෙම ගිහිල්ලා තියෙන්නේ. ඒ වුණාට පම්පෝරියයි උද්දච්ඡ කමයි නැති වෙලා නෑ. මේ ගොල්ලොත් නිකන් ගරා වැටුණු වලව්වක උදවිය වංශේ කබල් ගානවා වගේ... ඔක්කෝටම වඩා හොඳටම කරනවා...
jerry Sunday, 15 August 2021 09:14 PM
ඒ වෙලාවට වෙන්න ඇති ලෙඩේ වැඩිපුර බෝවෙන්නේ නේද?
OWL Sunday, 15 August 2021 09:40 PM
රෑට නින්දෙන් ඇවිදින එවුන්ට දාලා තියෙන්නේ..!!!
SiriSunday, 15 August 2021 11:36 PM
ඔව් ඔව්..!!! අපේ ‘සර්‘ රට නින්දෙන් ඇවිදිනවා. ඒකයි මේ දාලා තියෙන්නේ.
krishantha Sunday, 15 August 2021 09:59 PM
නුඹ නාඩන් අපිට පිස්සු
K Perera Sunday, 15 August 2021 10:59 PM
මේ ආණ්ඩුවට ඔලමෝන්ජල් ,හරිම කණගාටුවක් හිතට දැනෙන්නේ !
Nuwa Sunday, 15 August 2021 11:00 PM
මට පේන විදියට මේ තීරණ ගන්න මහත්වරුන්ගෙ නෝනලා හමුවෙන්න රෑට රෑට හොර මිනිස්සු එන එක වළක්වන්න තමයි මේ තීරණය අරන් තියෙන්නෙ... මේ දවස්වල බිසී නිසා මහත්තයා රෑට ගෙදර නැතුව ඇති. ඉතාමත් ආරක්ෂිත පියවරක්
රත්නායක Sunday, 15 August 2021 11:00 PM
විද්වතුන් විසින් දෙන ලද උපදෙස් අනුව රත්‍රී 10 සිට අලුයම 4 දක්වා කාලය කොවිඩ් පැතිරෙන කාලසීමාව බැවින්, රජය විසින් මෙම තිරණය ගෙන ඇති බව සලකන්න.
Akila Sunday, 15 August 2021 11:33 PM
ආර්ථිකයට අවම හානියක් වෙන වේලාව හොයාගෙන ඇඳිරිනීතිය දාලා ...
ගමේ එකාලා Monday, 16 August 2021 04:13 AM
හමුදාපති තුමා හරිම මොළකාරයෙක් ..රෑට ඇදිරි නීතිය දාලා තියෙන්නේ හොරකමේ යන අයට වෙන්ඩැ.
ranjith Monday, 16 August 2021 04:22 AM
අතීසාරයට අමුඩ ගහලා හරියන්නේ නැහැ නේද ?
asanka Monday, 16 August 2021 04:57 AM
මෙය හොඳ ආරම්භයක්. කොරෝනාවෙන් ආරක්ෂා වීමේ වගකීම 50% රජයෙන් බාර ගත යුතු අතර, ඉතිරි 50% මහජනයා බාර ගත යුතුයි.
හුදීජනයා Monday, 16 August 2021 05:41 AM
ඇත්තටම ලැජ්ජයි .ඔබතුමා යුද්ධෙ කාලෙ හමුදාපති වෙලා හිටියානම් අබ සරනයි. ඔහොමද තීරණ ගන්නෙ? රෑ 10 - 4 අතරද කොරෝනා වැඩි පුර බෝවෙන්නෙ ?. කොන්ද කෙලින් තියන් තීරණ ගන්නකො ෆොන්සේකා මහත්තයා වගේ. කරන්න දෙන්නෙ නැත්නම් ඉල්ලා අස්වෙන්න. රූකඩයක් නොවී.
මරු වෙලාව Monday, 16 August 2021 06:22 AM
මේ කියන වෙලාවට කොරෝනා බෝවෙන්නේ බිරිඳගෙන් සැමියටයි... සැමියාගෙන් බිරිඳටයි විතරයි..
Buddhika Monday, 16 August 2021 06:32 AM
ඉතාම දූරදර්ශී තීරණයක්... මොකද මේ කොරෝනා කිරයින් ඇවිද්න්නේම රෑ 10න් පස්සෙනේ... අනික මේ හොරු, එතකොට හොල්මන් එහෙමත් එළියට බහින්නේ ඔය රෑ 10න් පස්සෙනේ... අනේ ඉතින් සෞභාග්‍යය තමයි. රට කෑවා. දැන්වත් මේ රට වහලා ජීවිත ගැන හිතන්න මේ අයට බැරිද?
ලක්විදු Monday, 16 August 2021 06:37 AM
කොරෝනා වැඩිපුර බෝවෙන්නේ රෑට රෑට කොටු පනින්නන්ගෙන් බව ලංකාවේ කරන ලද විද්‍යාත්මක සමීක්ෂණයකින් සොයාගෙන තිබේ...!
රෙක්ස් Monday, 16 August 2021 06:42 AM
රෑට රෑට මගේ කුකුල් කොටුවට පැනල මගේ කුකුල්ලු ටික උස්සන මුකටියට හොද පාඩම!
පප්ප Monday, 16 August 2021 06:44 AM
මේ තීරණය සත්තු ආරක්ෂා කරන්න, මිනිස්සු ආරක්ෂා කරන්න කියල වරදවා තේරුම් ගන්න එපා.
රම්සි Monday, 16 August 2021 06:54 AM
විද්‍යාත්මකව හිතපල්ලා මෝඩයිනේ.... ඒ වෙලාවට ඇදිරිනීතිය දැම්මෙ වෙඩිං තහනං වෙච්චි මගුල් ජෝඩු ටික හදපානෙ පැනලගිහිං කොරෝන හදාගනියි කියල බයට!
wikcy Monday, 16 August 2021 08:33 AM
රට වහන්න කියන්නේ නම් නෑ .එත් මේ රෑ 10 දාලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද ?
jerryMonday, 16 August 2021 10:10 PM
සැනසීම ලූ