IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


හාඩි සිසු දුක අගමැති මැති සබයට කියයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අම්පාර හාඩි කෘෂිකර්ම උසස් අධ්‍යාපන ආයතනයේ ඇතැම් නේවාසිකාගාර කුකුල් කූඩු වගේ යැයි අගමැතිනි,අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

එමෙන්ම කිලිනොච්චියේ ජර්මන් ජර්මන් ටෙක් ආයතනයේ ශිෂ්‍යයන් නාන්නේ එහි කාර්යාලවල වැසිකිළිවල බවද ඇය ප්‍රකාශ කළාය.

අගමැතිනිය මෙසේ පැවසුවේ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මෙසේද පැවසුවාය.

මම අම්පාරි හාඩි ආයතනයට ඊයෙ ගියා. ඒකෙ තියෙන පහසුකම් ගැන මම ඇත්තටම පුදුම උනා.

1995 ආරම්භ කරපු උසස් අධ්‍යාපන ආයතනයක්. ළමයි ඉන්න තත්වය දැක්කම පුදුම හිතෙනවා. මම ඒ පින්තූර සභාගත කරනවා. ශිෂ්‍යයන්ගේ නේවාසිකාගාර කුකුල් කොටු වගේයි. වයර් දාලා තියෙන්නේ.ලයිට් නෑ හරියට. මදුරුවෝ. මෙට්ට නැහැ ඇඳේ නිකන් පොඩි පන්ච් කෑල්ලක් දාලා තියෙන්නේ. ඒ දරුවන් උයාගෙන කන්නේ.කුස්සිය හැටි දැක්කම එතන උයන්නේ කොහොමද කියලා හිතෙනවා. ඒ දරුවන් දවසකට එකපාරයි රෑට විතරයි උයාගෙන කන්නේ. මොකද වෙලාව නෑ.

ගොවිපළක් තියෙනවා. එළුව දෙන්නෙක් විතරක් එහෙන් මෙහෙන් දැක්කා. 1955 දී කෘෂිකර්ම ක්ෂේත්‍රය වෙනුවෙන් දකුණු ආසියාවටම හදපු අධ්‍යාපන ආයතනය තමයි මේ. මේවා කිසි දෙයකට අවධානය ගිහින් නැහැ. ඒ වගේ තත්ත්වයක් කිරිනොච්චියේ ජර්මන් ටෙක් එකෙත් තියෙනවා. ළමයි ගැන කිසිම අවධානයක් යොමු කරලා නැහැ.

ළමයි නාන්නෙ ඒක ඔෆිස් එකේ ටොයිලට් වල. නේවාසිකාගාර නැහැ. මේවා නැතුව ළමයින්ට තමන්ගෙ පෞරුෂය ගැනීම හැඟීමක් දෙන්නේ කොහොමද. මොන වගේ අයද මේ වගේ තැන් වලින් පිට කරන්නේ. උසස් අධ්‍යාපන ආයතනවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් කෝටි 3680ක් වෙන් කරලා තියෙනවා.

 

 



අදහස් (4)

හාඩි සිසු දුක අගමැති මැති සබයට කියයි

Duminda Udayakumara Tuesday, 11 March 2025 09:39 AM

කලින් හිටපු උන් දැක්කේ ඇමැති නිල නිවාස අඩු පාඩු විතරයි

:       0       5

mahanama Tuesday, 11 March 2025 10:03 AM

ඔබතුමිය කොළඹ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරය පරීක්ෂා කරන්නකෝ. ඒවත් එහෙමමයි. ඒවායේ වෝඩ්න්ලා ගැන ඒ අයගේ විනය ගැන බලන්නකෝ.

:       0       3

fairoos Tuesday, 11 March 2025 12:16 PM

මේ ආණ්ඩුවෙන් මේවා වෙනස් කරන්ඩ පුළුවන් වේවා

:       0       4

lal Tuesday, 11 March 2025 04:10 PM

හාඩි එක දියුණු වෙනවට කැමති නැති මාෆියාවක් ඉන්නවා. උන්ට ඕන හාඩි එක මේ ජරාජීර්න තත්ත්වයෙන් තියාගන්න. උන් ජීවත් වෙන්නෙ හාඩි එකට එන අරමුදල් ගසා කෑමෙන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

අනුරපුර රෝහලේ විරෝධතාවක්
2025 මාර්තු මස 12 680 5

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අවිවාහක වෛද්‍යවරියකට පුද්ගලයෙකු විසින් සිදුකරන ලද ලිංගික හිංසනයට විරෝධය දක්වමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරැ හෙද නිලධ


දේශබන්දු සොයා සාගලගේ නිවස පීරයි
2025 මාර්තු මස 12 1614 3

විවෘත වරෙන්තු නිකුත් කර අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය මගින් නියෝග නිකුත් කර තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතාග


සංවර්ධනයේ සම්පූර්ණ ප්‍රතිලාභ ගොවීන්ට දෙනවා
2025 මාර්තු මස 12 305 1

සංවර්ධනයේ පූර්ණ ප්‍රතිලාභ සාධාරණව භුක්ති විඳින සමෘද්ධිමත් සමාජයක් ගොඩනැඟීම වත්මන් රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.


වෛද්‍යවරියට හදි කළ නරුමයාගේ පැටිකිරිය
2025 මාර්තු මස 12 3669 1

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ලෙස පුහුණු වන වෛද්‍යවරියක නිල නිවාසය තුළදී අපයෝජනය කළැයි කියන සැකකරු ගල්නෑව නවනගරය ප්‍රදේශයේ පදිංචිකරුවක


වෛද්‍ය වැඩ වර්ජනයෙන් රෝහල් අඩපණයි
2025 මාර්තු මස 12 832 9

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා වාහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක


දොස්තර අපයෝජකයාට කරන දේ මහජන ඇමති කියයි
2025 මාර්තු මස 12 4344 7

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුට ගත් සැකකරු සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන ආ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 130 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 334 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 216 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site