(දයාසීලි ලියනගේ)
ගම් මට්ටමින් විවිධ සංවිධානවලට කොන්ත්‍රාත් ලබාදීමේදී සුදුසුකම්ලත් කමිටුවක් මගින් පරික්ෂා කර පළපුරුද්ද හා හැකියාව පිිළිබඳව සොයා බලා ඒවා ලබාදීමට කටයුතු කරන්නැයි භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා සියලු ආයතන ප්‍රධානීන්ට චක්‍රලේඛයක් මගින් දන්වා ඇත.
කොන්ත්‍රාත් බාරදීමේදී විවිධාකාර දේශපාලන හිතවත්කම් මත නොවටිනා ගණන්වලට කොන්ත්‍රාත් පවරන බවට ලැබුණු පැමිණිලි හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත
එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා ප්‍රාදේශීය ලේකම්වරයාගේ නියෝජිතයන් දෙදෙනකුගෙන් සමන්විත කමිටු පිහිටුවන ලෙස භාණ්ඩාගාර ලෙක්ම්වරයා උපදෙස් දී ඇත.
එම කමිටිව කොන්ත්‍රාත්කරුවන්ගේ සුදුසුකම් පරීක්ෂා කරන ලෙසත් පළපුරුද්ද හා හැකියාව පිළිබඳව සොයා බැලීම සිදු කළ යුතුව බවද දන්වා ඇත. ඒ අනුව සමෘද්ධි, විවිධ සේවා සමූපකාර, කම්කරු, ග්‍රාමීය සංවර්ධන, පාසල් සංවර්ධන, ගොවින සංවිධාන විහරස්ථ දායක සභා ඇතුළු ගම් මට්ටමේ සමිතිවලට කොන්ත්‍රාත් පැවරීමේදී සුදුසුකම් හා පළපුරුද්ද සොයා බැලීම අනිවර්ය වේ.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිතුමනාපෙට ගමේ කොන්ත්‍රාත් බෑ
මහසෙන් Sunday, 10 October 2021 11:13 AM
හහ්. කමිටු හරහා විනිවිද භාවයෙන්ම කෙරෙයි චක්‍ර ලේකවලට අනුවම. ගුරා එක තැන ඉදන් කරන දේ ගෝලයෝ කරන්නේ දුව දුව.
Kumara Sunday, 10 October 2021 11:17 AM
අනේ මොකට කියනවද මේ ගැන.
රතුගමගේ Sunday, 10 October 2021 12:31 PM
සමහරක් ගුරුවරු මෙන්ම රජයේ නිළධාරින් හා සේවකයින්ද තම තමන්ගෙ රාජකාරි වේලාවේ රජයේම කොන්ත්‍රාත් ගෙන කටයුතුවල යෙදෙන අවස්තාවන් අනන්තවත් තියෙනවා රෝහල් වලට ආහාර සැපයීම ගන්නා බොහෝ දෙනෙකුත් එම ආයතන වලම කටයුතු කරන බවක් දකින්නට පුළුවන්. මේවාට ගන්නා පියවර කුමක්ද.?
Bamunuarachchi Sunday, 10 October 2021 01:59 PM
මොන කමිටු දැම්මත් කරපු වැඩේ හොඳයි කියලා සහතික කරන්නේ ටීඕ කාරයානේ. මිනිහාට ගාණ ලැබුණාම ඕනේම බාලවැඩක් හොඳයි කියලා අනුමත වෙනවා...
ගමේ එකාලා Sunday, 10 October 2021 02:45 PM
සුදුසුකම් වලට කොහෙද වැඩ සිද්ද වෙන්නේ? දේශපාලුවන්ගේ බත් බැලයින් තමයි වැඩියෙන්ම ඕවා කරන්නේ...
Rohana Sunday, 10 October 2021 03:47 PM
ලංකාවේ කොන්ත්‍රාත්කරුවන් තමන්ට පැවරුණු කොන්ත්‍රාත්තුව සාර්ථක ලෙස නිමකිරීමට වඩා බලන්නේ තමන්ට ලැබෙන ගාන කොපමණද යන්නයි. ගාන මදිනම් ප්‍රමිතිය බාලකර කාටවත් ප්‍රයෝජනයක් නැති ලෙස කොන්ත්‍රාත්තුව නිම කිරීම හෝ අතරමග නවතාදමයි. මෙයින් අන්තිමට මුදලුත් අහිමි කරගෙන කාටවත් වැඩක්නැති ලෙස කොන්ත්‍රාත්තුව නිමකිරීමයි...
මුදියන්සේ, Sunday, 10 October 2021 04:03 PM
ආටිගල මහත්තයා, මොන නීති පැනවීමක් කළත් කමිටුවලට හෙංචයියන් පත් කරගෙන වැඩේ ගානට දෙනවා. ගමේ සමිතියේ නමට වැඩේ අරන් වැඩේ කරන්නේ ගමේ මන්ත්‍රී කියලයි තතු දත් අය කියන්නේ.... වසමකට දෙන ලක්ෂ 30න් වැඩ වෙන හැටි බලන්න.