(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇති හදිසි අවස්ථා රෙගුලාසි බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු තිදෙනෙකු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) අවසර ලබා දුන්නේය.
මෙම රෙගුලාසි අඩංගු කරුණු පිළිබඳ සලකා බැලීම සඳහා සතියක කාලයක් නීතිපතිවරයාට ලබාදීමටද ලබාදීමටද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
මෙම පෙත්සම් විජිත් මළල්ගොඩ, අචල වෙන්ගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
පෙත්සම්කරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ මෙම හදිසි අවස්ථා රෙගුලාසි මගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන බවත් යම් අයකු හදිසි අවස්ථා රෙගුලාසි යටතේ රඳවා තබා ගෙන සිටින විට ත්‍රිවිධ හමුදාවට ඔහු රැගෙන ගොස් සතියක කාලයක් රඳවා තබා ගැනීමට බලයක් ලැබෙන බවත්ය .
එමෙන්ම යමෙකු අත්අඩංගුවට ගෙන පොලිසියට පැය හතළිස් දෙකක කාලයක් රඳවා තබා ගැනීමට අත්තනෝමතික ලෙසින් බලයක් ලැබෙන බවද නීතිඥවරුන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.
නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජු රජීව ගුණතිලක මහතා ප්‍රකාශ කර සිටියේ පෙත්සම්කරුවන් කියා සිටින්නේ තනි පුද්ගලයකුගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් නොව සමස්ත පුද්ගලයන් සම්බන්ධයෙන් බවත් මේ වන විට සිය දෙනෙකුට අධික සංඛ්‍යාවක් අත් අඩංගුවට ගෙන ඇති නමුත් කිසිදු අයෙකු මෙම අධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් හෝ ඉදිරිපත් කර නොමැති බවත් ය
එබැවින් මෙම හදිසි නීති රෙගුලාසි නීතියට අනුකූල බැවින් මෙම පෙත්සම් ඉවත දමන ලෙසට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය නිලිය
ඉදිරිපත්වූ දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් 3 විභාගයට ගැනීමට අවසර ලබා දුන්නේය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හදිසි නීතිය බල රහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම විභාගයට අවසර