(අංජුල මහික වීරරත්න)
කෝවිඩ් දීමනා සහ සහන කප්පාදුව සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් නොලැබීම නිසා හෙට (27)වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.
හෙද නිලධාරීන් හෙට(27) පෙරවරු 7 සිට දහවල් 12 දක්වා සේවයෙන් ඉවත් වී විරෝධතා සහ උද්ඝෝෂණ කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයාට යැවූ ලිපියේ සඳහන් වේ.
කොරෝනා මර්දනය සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට නිසි පහසුකම් ලබා නොදීම ,කොවිඩ් වසංගතය අවසන් වනතුරු රුපියල් 7500 දීමනාව අඛණ්ඩව ලබා නොදීම ,අතිකාල නිවාඩු ගෙවීම් සීමාවන් ඉවත් නොකිරීම ඇතුළු කරුණු අටක් මුල් කරගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගන්නා බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හෙද නිලධාරීන් ආපහු කසය අතට ගන්න යයි
සමන් Sunday, 26 September 2021 03:09 PM
දවස් ගාණකට මන්ත්‍රී කෙනෙක් වෙලා ඉතා විශාල මුදලක්, වටිනා කාර් පර්මිට් එකක් ගත්තු වෘත්තිය සමිති නායකයින්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?. මේවා දැකලා තමයි ස්ටාලින් ගොයියත් ෆෝම් වෙලා ඉන්නේ...
SLSunday, 26 September 2021 04:46 PM
සියලු සේවක සමිතිවල දේශපාලනය කරන නායකයින්ට සම්තින් තහනම් කළයුතුයි. සේවක වරප්‍රසාද, අයිතීන් දඩමීමා කරගෙන කරන දේශපාලනය නිසා මේ රටේ රාජ්‍ය සේවය අවුරුදු ගාණක ඉඳලා ඉතා නින්දිත තත්වෙකට පත්වෙලා තියෙනවා. රට ගැන කතා කරන අයත් ඔහොම තමයි. තමන්ගේ දේශපාලන ප්‍රශ්නවලට රජය සේවයේ තිබෙන පක්ෂවලට බෙදිලා තියෙන වෘත්තීය සමිති යොදාගන්න. මේ අයට යන්න අපායවල් නැහැ. දවස් 09කට පාර්ලිමේන්තු ගිහින් වාහන පර්මිට් එකක් ගන්න තරම් දේශහිතෛෂී උදවිය...
Ruwan Sunday, 26 September 2021 03:20 PM
මේ වගේ ආත්මාර්ථකාමී අය තමයි අන්තිමට මිනිස්සුන්ට උපදෙස් දෙන්න එන්නේ...
Raveendra Sunday, 26 September 2021 04:05 PM
ලංකාවට මොනවා වෙනන යනවද මන්දා
Bamunuarachchi Sunday, 26 September 2021 06:41 PM
කලදුටුකළ වල ඉහගන්න හදන මේ වගේ පාහරයින් කූඩු කළොත් නරකද?
Sk Sunday, 26 September 2021 08:20 PM
මෙයා කරන්නෙම ඔය වගේ දේවල් තමයි. කතාකරන්නේ ලොකුවට මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන. ඒ වුණාට කරන්නේ දුප්පත් අපිව අමාරුවේ දාන වැඩමයි.
Sk Sunday, 26 September 2021 10:02 PM
කොහොමද මෙයාගේ වැඩ.
lal Monday, 27 September 2021 04:33 AM
හෙදියො විතරයි මේ රටේ ඉන්නේ වගේ මෙයාලගේ කතාව. මහ උද්දච්ච කොටසක්. 7500 ක දිමනාවක් ඉලල්නවා. මාසෙ ්පඩිය 7500 නැති මිනිස්සු කොච්චර ඉන්නවද? මෙයාලගේ පඩි ලක්ෂ ගනන්.
සෙනරත් Monday, 27 September 2021 04:45 AM
සේවා අවශ්‍යතාවයන් කඩ වන විටක වර්ජනය කිරීම සේවක අයිතියකි. එහෙත් වර්ජනය කර එම කාලයට අයිති වැටුපද ලබා ගැනීම ඉතා අසාදරණයකි. වර්ජයන කරන්නේ නම් එම කාලයට වැටුපද වර්ජනය කල යුතු වේ. ආණ්ඩුව සේවක වර්ජන යතිය පිල්ගනු ලබන අතරම, වර්ජනය කරන කාලයට වැටුප් ගෙවීමද නතර කල යුතුය. එවිට වාතයක් ගිය විටද කරන වර්ජන නතර වනු ඇත.
චන්දන Monday, 27 September 2021 07:15 AM
එහෙමනම් ඉතිං ගුරුවරුන්ගේ ඉල්ලීම ඉතාම සාධාරණ යි.
chandana Monday, 27 September 2021 08:59 AM
මෙයාලා කොවිඩ් වැඩි වෙනවට කැමති නැහැ ඒතකොට වැඩ වැඩි වෙන නිසා. හැබැයි කොවිඩ් ඉවර වෙනවටත් කැමති නැහැ ඒතකොට කොවිඩ් දීමනාව අහිමි වෙන නිසා. ඒ්ක නිසා ආණ්ඩුව කොවිඩ් සාර්ථකව පාලනය කරන බව පෙනුන ගමන් ඒ්ක වලක්වන්න මොකක් හරි වෘත්තීය උප්පරවැට්ටියක් යොදා ගන්නවා. ඊට පස්සේ කොවිඩ් වැඩි වුනාම ආණ්ඩුවට දොස් කියන්න දේශපාලන උප්පරවැට්ටියක් යොදාගන්නවා. ආණ්ඩුව තමයි ගුරු උද්ගෝෂණයට දීමනාවක් දීලා මේ අයට උත්තේජනයක් දුන්නේ. බලන්නකො රට විවෘත කරපු ගමන් පෞද්ගලික බස්, දුම්රිය, තැපැල්, ඒකී මෙකී නොකී හැමෝම චන්ඩි වගේ පාරට බහින හැටි.