පරිපූරක හෙද සහ අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තිය සමිති 15ක සේවක සේවිකාවන් අද (24 ) ඇරැඹු වැඩවර්ජනයක හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් මහත් අසීරුතාවයකට පත්වසිටියහ.
එමෙන්ම වෛද්‍යවරුන් සටහන්කර දෙන බෙහෙත් සහ රසායනාගාර සේවාවන්ට අදාල සේවක සේවිකාවන් වර්ජනය නිරතවීම නිසා එම සේවාවන් පිටතින් ලබා ගැනීමට රෝගීන්ට සිදුවිය.
පරිපූරක හා අතුරු වෛද්‍ය වෘත්තිකයින්ට මාණ්ඩලික තත්ත්වය පිරිනැමීම, වැටුප් විෂමතාව ඉවත් කිරීම, නිසි පරිදි උසස්වීම් ක්‍රමවේදයක් සකස් කිරීම, සෞඛ්‍යය පරිපාලන සේවාවක් ස්ථාපිත කිරීම, ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරිණි .
හෙට (25) දිනයේදීද වර්ජනය ක්‍රියාත්මක විමට නියමිතය.
මේ හේතුවෙන් ඖෂධ නිකුත් කිරිමේ කවුළු පාළුවට ගොස් තිබූ අයුරු සහ රෝහලේ රෝගීන් පිරි සිටි අයුරු ඡායාරූප වලින් දැක්වෙයි.
(ඡායාරූප ගයාන් අමරසේකර)
(ඡායාරූප: තුසිත කුමාර ද සිල්වා)
කළුතර දිස්ත්‍රික් රෝහල
(ඡායාරූප: ප්‍රසාද් රුක්මල්)
බදුල්ල මහ රෝහල ඉදිරිපිට
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්
නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හෙද වෘත්තීය සමිති වර්ජනයෙන් රෝගීන් පීඩාවට
Hafeel Wednesday, 24 November 2021 02:00 PM
ඉල්ලීම සාධාරණ වෙන්න පුළුවන්. මම මේ ඉල්ලීම අවතක්සේරු කරන්නේ නැහැ. නමුත් රජයේ රෝහල්වලට එන්නේ දුප්පත් රෝගීන්. ඔවුන්ට පුද්ගලික රෝහල්වලට යන්න තරම් වත්කම් නැහැ. අද මේ දුප්පත් රෝගීන්ට පිටතින් අතින් වියදම් කරලා බෙහෙත් ගන්නා සිදුවෙලා. වැඩ වර්ජනවලින් පාලකයින්ට කිසිම පාඩුවක් නැහැ....
Ratne Wednesday, 24 November 2021 02:06 PM
රෝගී ජීවිත ඇපයට තියලා, කවරදාකවත් ගුරු-විදුහල්පතිවරු නම් ස්ට්‍රයික් කරන්නේ නෑ. කෝ මේ ඇමති ටික?
ගමේ එකාලා Wednesday, 24 November 2021 06:27 PM
සර් තමයි හොඳටම කෙරුවේ. වෙනස සැපද?