IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


හෙද සංගම් සභාපතිගෙන් අනතුරු ඇඟවීමක්

(විනීතා එම් ගමගේ)

කොවිඞ් 19 රෝහල්වල කාර්ය මණ්ඩල සඳහා ලබාදුන් ප්‍රවාහන පහසුකම් නැවැත්වීමෙන් සෞඛ්‍ය සේවාව බරපතල අනතුරක වැටෙනු ඇතැයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමය කියයි.

එම ප්‍රවාහන පහසුකම් යලි ලබා නොදුන්නොත් ඇතිවී ඇති දැඩි අපහසුතාවන් නිසා රෝහල්වල උණුසුම් තත්ත්වයක් ඇතිවිය හැකි යැයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ලංකාදීපයට අද (03) පැවසීය.

මධ්‍යම රජයේ රෝහල්වල කාර්ය මණ්ඩල ප්‍රවාහනය කිරීම සඳහා ගමනා ගමන මණ්ඩල බස්රථ ලබාදී තිබු අතර ඒ සඳහා ප්‍රතිපාදන ගෙවනු ලැබූයේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් බවත් එම බස්රථවල යන සියලු හෙද නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩල ඒ සඳහා ටිකට් පත් ලබා ගැනීම ද සිදු කළ බව රත්නප්‍රිය මහතා කීවේය.

මෙසේ කාර්යමණ්ඩල සඳහා ප්‍රවාහන පහසුකම් නතර කිරීම නිසා ඔවුහු බරපතල අපහසුතාවන්ට පත්වූ බවත් බොහෝ දෙනෙක් විශාල මුදලක් ගෙවා ත්‍රිරෝද රථවල හා වෙනත් පෞද්ගලික ප්‍රවාහන ක්‍රම භාවිතා කරමින් පැමිණ ඇති බවත් හෙතෙම කියා සිටියේය.

මෙවැනි බැරෑරුම් අවස්ථාවක ප්‍රවාහන පහසුකම් ලබා දී සේවයට ගෙන්වා ගැනීම සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකීම යැයි ද අමාත්‍යංශය මගහරින්නේ නම් ජනතාවට සෞඛ්‍ය සේවාව ලබා දීම ප්‍රශ්නයක් වනු ඇතැයි ද සභාපතිවරයා සඳහන් කළේය. 



අදහස් (7)

හෙද සංගම් සභාපතිගෙන් අනතුරු ඇඟවීමක්

Lelwala Thursday, 03 December 2020 01:31 PM

කොහොමද හෙද සංගමයේ සභාපති වෙන්නේ? එයා හෙදියක්ද? මොනවද එයා සෞඛ්‍යය ගැන දන්නේ..?

:       1       2

දිලාන් Thursday, 03 December 2020 01:49 PM

මෙයා කවද්ද ලංකාවේ හෙද සංගමේ සභාපති වුනේ..? සභාපති "මුරුත්තෙට්ටුවේ හමුදුරුවෝනේ"? මෙයා මේ බංකොලොත් සමගි පෙරමුණේ දේශපාලන හෙන්චයියෙක්නේ...

:       1       2

විජේ Thursday, 03 December 2020 07:11 PM

කඩේ 'නොයන' කතාවක් කියනවා ඇහුණාමයි, සතුටුයි...

:       2       1

Skumara Friday, 04 December 2020 06:03 AM

හිටපු මන්ත්‍රී මොනවද මේ දොඩවන්නේ..?

:       0       4

jayasekara Friday, 04 December 2020 06:45 AM

උදේකට දැක්කොත් කැඳත් නැහැ.

:       0       4

lakvidu Friday, 04 December 2020 08:25 AM

අම්මෝ.., බයයි, බයයි.

:       0       3

Bamunuarachchi Friday, 04 December 2020 12:02 PM

මෙන්න මේ ගොයියාගේ ඉල ඇට බිඳලා පැත්තකින් තිබ්බොත් නරකද?

:       2       1

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 80 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 512 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 257 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 217 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 2706 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 1919 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 312 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 602 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1741 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site